සමාධි භාවනාවේ දිට්ඨධම්ම සුඛවිහාරාදි ආනිසංස පසෙක් වේ.
ඒ මෙසේ යි:-
(1) රහතුන් ‘සමාප්තියට සමවැද එකඟ සිත් ඇති වැ දවස් යවම්හ’යි සමවදනා කල ඒ අර්පණා ඉහාත්ම සැප විහරණය පිණිස වේ.
එයින් වදාළහ:-
න ඛො පනෙ තෙ වුන්‍ද අරියස්ස විනයෙ සල්ලෙඛා වුච්චන්ති. දිට්ඨධම්ම සුඛ විහාරා එතෙ අරියස්ස විනයෙ වුච්චන්ති[1] යි අදහස පෙර කී සේයි.
(2) ශෛක්‍ෂයන්ගේ හා පෘථග්ජනයන්ගේ ධ්‍යානය, විදර්‍ශනාවට ආසන්න කාරණා වන හෙයින් අර්පණා සමාධි භාවනාවටද, තෘෂ්ණෘ සංකේලශාදීන් කිලිටි වන හෙයින් අතිශයින් සම්බාධ වූ සංසාර ප්‍රවෘත්තියෙහි අර්‍ථ ලාභයට යෝග්‍ය වූ දුලර්‍භ වූ නව වැනි ක්‍ෂණ සංඛ්‍යාත අවකාශය ලැබීමෙන් අර්පණාවට ද, නො පැමිණ සංවේග බහුල පුද්ගල තෙමේ උපාචාර සමාධියෙහි පිහිටා විදර්‍ශනා වඩා වහා සසර දුක් ගෙවා නිවන් පසක් කරන්නේ ය.
සමාධිං භික්ඛවෙ භාවෙථ. සමාහිතො භික්ඛවෙ භික්ඛු යථාභූතං පජානාති[2] යි. “මහණෙනි! සමාධිය වඩව්, සමාධියෙන් සිත මනා වැ එකඟ කළ මහණ තෙම සියලු ධර්‍මයන් තත්ත්‍වාකාරයෙන් දැන ගනී ය” යි එහෙයින් වදාළහ.
(3) අෂ්ට සමාපත්ති උපදවා අභිඥා පාදක ධ්‍යානයට සමවැද ඉන් නැගී “එකොපි හුත්‍වා බහුධා හොති”[3] ‘තෙමේ එකෙක්ව ද බොහෝ වෙයි’ යනාදීන් කියන ලද පරිදි අභිඥා ප්‍රාර්‍ථනා කරන්නාවූ මහණහට ඒ අෂ්ට සමාපත්තිය අභිඥා ලාභයට සුදුසු උපනිශ්‍රය ඇති කල්හි අභිඥාවට ආසන්න කාරණ හෙයින් අභිඤ්ඤානිසංස ඇත්තේ වේ.
“සො යස්ස යස්ස අභිඤ්ඤා සච්ඡි කරණියස්ස ධම්මස්ස චිත්තං අබිනින්තාමෙති. අභිඤ්ඤා සච්ඡිකරියාය තත්‍ර තත්‍රෙව සක්කි භබ්බතං පාපුණාති සති ආයතනෙ”[4] යි මතු විස්තර වන විශිෂ්ට ඥාන සංඛ්‍යාත ‘පඤ්චාභිඥාවන්ගෙන් ප්‍රත්‍යක්‍ෂ කටයුතු යම් යම් ධර්‍මයකට සිත නැමේ නම් ඒ ඒ ධර්‍මයන් ප්‍රත්‍යක්‍ෂ කිරීමට සුදුසු බවට පැමිණේය’යි එයින් වදාළහ.
(4) ‘නො පිරිහුණු ධ්‍යාන ඇති වැ බ්‍රහ්ම ලෝකයෙහි උපදිම්හ’යි බ්‍රහ්ම ලෝකෝත්පත්තිය නමින් පතමින් හේ භවගාමී කර්‍මය අරභයා භව ප්‍රාර්‍ථනය නො කළද, ඒ කර්‍මය කළ හෙයින් භව ප්‍රාර්‍ථනය සිදු වන බැවින් බ්‍රහ්ම ලෝකෝත්පත්තිය නො පතා හෝ පෘථග්ජනයන් සමාධියෙන් නො පිරිහී කාලක්‍රියා කරත් ම බ්‍රහ්මලෝකයෙහි ඉපදීම නියත හෙයින් අර්පණා සමාධි භාවනාව භව විශේෂ ලැබීම ආනිසංස කොට ඇත්තේ යි.
“පඨමජ්ඣානං පරිත්තං භාවෙත්‍වා කත්‍ථ උප්පජ්ජන්ති, පඨමජ්ඣානං පරිත්තං භාවෙත්‍වා බ්‍රහ්මපාරිසජ්ජානං දෙවානං සහව්‍යතං උප්පජ්ජන්ති”[5] යි.
“පඨමජ්ඣානය පරිත්තකොට වඩා කොහි උපදිද්ද බ්‍රහ්ම පරිසද්‍යායෙහි උපදිත් ය”යි එයින් වදාළහ.
විශේෂ :- උපචාර භාවනා සමාධිය ද, කාමාවචර සුගති භවයෙහි උපදවාය යි ධම්ම හදය විභඞ්ගයෙහි[6] වදාළහ.
(5) අෂ්ට සමාපත්ති උපදවා නිරෝධ සමාපත්තියට සමවැද සත් දවසක් අචිත්තකව ද, ‘ඉහාත්ම චිත්ත නිරෝධ සංඛ්‍යාත නිර්‍වාණයට පැමිණ සැපසේ වසම්හ යි සමාධි වඩන්නාවූ අනැගැමි-රහත් ආර්‍ය්‍යයන්ගේ ඒ අර්පණා භාවනාව නිරෝධ සමාපත්තිය ආනිසංස කොට ඇත්තේ යි.
සොළසෙහි ඤාණචරියාහි නවහි සමාධි චරියාහි වසී භාවතො පඤ්ඤා නිරොධ සමාපත්තියා ඤාණං2 (අනිච්ච-දුක්ඛ-අනත්ත-නිබ්බිදා-විරාග-නිරොධ-පටිනිස්සග්ග-විවට්ටානු පස්සනා යන අනුපස්සනා අට හා) මාර්‍ග-ඵල අට දැයි මෙ කිී සොළොස් ඤාණ චරියාවෙන් හා (රූපාවචර පසය, අරූපාවචර සතරය යන) නව සමාධි චරියාවෙන් ද, වශී භාවයට පැමිණීමෙන් හටගත් ප්‍රඥාව නිරෝධ සමාපත්තියේ නුවණයැ යි වදාළහ.
මෙසේ සමාධි භාවනායෙහි දිට්ඨධම්මසුඛ විහාරාදි පඤ්චානිසංස ඇත්තේ යි.
කෙලෙස් මල දෙවුමෙහි - නේ අනුසසින් හොබනා
පමවත් බවුන් වැඩුමෙහි - පඬිදෙනෙ පමා නොව නේ
මෙතෙකින් “සීලෙ පතිට්ඨාය නරො සපඤ්ඤො” යනාදි ගාථායෙහි සීල-සමාධි-ප්‍රඥා මුඛයෙන් වදහළ විශුද්ධි මාර්‍ගයෙහි සමාධිය ද, දක්වා නිමවන ලදී.
හුදී ජනයාගේ පහන් බව පිණිස කළ
සිංහල විශුද්‍ධි මාර්‍ගයෙහි සමාධි භාවනාධිකාරයට ඇතුළත්
සමාධි නිර්දේශ නම් වූ එකොළොස්වන පරිච්ඡේදයයි.