දෙතුන් දෙනා එකවර උපසම්පදා කිරීම

එසමයෙහි උපසම්පදාපේක්ෂකයන් අතර පළමුවෙන් උපසම්පදා වීම ගැන විවාද ඇති විය. ඒ බව බුදුරජාණන් වහන්සේට සැලකළ කල්හි “අනුජානාමි භික්ඛවෙ ද්වෙ තයො එකානුසාවනෙ කාතුං. තඤ්ච ඛො එකෙන උපජ්ඣායෙන, නත්වෙව නානුපජ්ඣායෙන” යනුවෙන් සමාන උපාධ්‍යායයන් ඇති දෙතුන් දෙනා එක් අනුශ්‍රාවණයෙන් උපසම්පදා කිරීමට අනුදැන වදාළ-සේක. එහෙත් එය කරන කර්මවාක්‍යය විනය පාළියෙහි නැත්තේය. බුරුම රට කර්මවාක්‍ය පොත්වල එය මෙසේ දක්වා තිබේ.

“සුණාතු මෙ භන්තෙ සඞ්ඝො. අයං ච නාගො අයං ච දත්තො ආයස්මතො තිස්සස්ස උපසම්පදාපෙක්ඛා, පරිසුද්ධා අන්තරායිකෙහි ධම්මෙහි. පරිපුණ්ණිමෙසං පත්තචීවරං. නාගො ච දත්තො ච සඞ්ඝං උපසම්පදං යාචන්ති. ආයස්මතා තිස්සෙන උපජ්ඣායෙන. යදි සඞ්ඝස්ස පත්තකල්ලං. සඞ්ඝො නාගං ච දත්තං ච උපසම්පාදෙය්‍ය ආයස්මතා තිස්සෙන උපජ්ඣායෙන. එසා ඤත්ති.

සුණාතු මෙ භන්තො සඞ්ඝො. අයං ච නාගො අයං ච දත්තො ආයස්මතො තිස්සස්ස උපසම්පදා පෙක්ඛා. පරිසුද්ධා අන්තරායිකෙහි ධම්මෙහි. පරිපුණ්ණිමෙසං පත්තචීවරං. නාගො ච දත්තො ච සඞ්ඝං උපසම්පදං යාචන්ති. ආයස්මතා තිස්සෙන උපජ්ඣායෙන. සඞ්ඝො නාගං ච දත්තං ච උපසම්පාදෙති. ආයස්මතා තිස්සෙන උපජ්ඣායෙන. යස්සායස්මතො ඛමති නාගස්ස ච දත්තස්ස ච උපසම්පදා. ආයස්මතා. තිස්සෙන උපජ්ඣායෙන. සො තුණ්හස්ස. යස්ස නක්ඛමති. සො භාසෙය්‍ය.

දුතියම්පි එතමත්‍ථං වදාමි. -පෙ-

තතියම්පි එතමත්‍ථං වදාමි. -පෙ- සො භාසෙය්‍ය.

උපසම්පන්නා සඞ්ඝෙන නාගො ච දත්තො ච ආයස්මතා තිස්සෙන උපජ්ඣායෙන. ඛමති සඞ්ඝස්ස. තස්මා තුණ්හී. එවමෙතං ධාරයාමි.