උපසම්පදාව අවසානයේ කරන අනුශාසනය

තාවදෙව ජායාමෙතබ්බා. උතුප්පමාණං ආචික්ඛිතබ්බං දිවසභාගො ආචික්ඛිතබ්බො. සඞ්ගීති ආචික්ඛිතබ්බා. චත්තාරො නිස්සයා ආචික්ඛිතබ්බා. චත්තාරි අකරණියානි ආචික්ඛිතබ්බානි.

‘සකලඥෙය පාරගත මහා කාරුණික වූ අප භාග්‍යවත් අර්හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ විසින් මෙසේ වදාරා ඇති බැවින් සුප්‍රතිපන්නතාදි ගුණගණෝපේත මහා සඞ්ඝයා වහන්සේ විසින් පරම නිර්මල උපසම්පදාවෙන් අභිෂේක කරන ලද ආයුෂ්මතා හට මේ සීමාමාලකයෙහිදී ම උපසම්පදාව ලැබූ වේලාවේ ඡායා ප්‍රමාණයය, සෘතු ප්‍රමාණයය, දිවසභාගයය, ඒ සියල්ලය, නිඃශ්‍රය සතරය, අකරණීය සතරය යන මේවා කියා දීමට අනුදැන වදාරා ඇති බැවින් අපගේ කීමට ආදරයෙන් ඇහුම්කන් දුන මැනවි.

පරම පරිශුද්ධෝපසම්පදා ශීලයෙන් අභිෂේක ලත් ආයුෂ්මතාණෙනි! ඔබ ශ්‍රී බුද්ධ වර්ෂයෙන් ................ වැන්නෙහි ................ මස ................... තිථිය ලත් ................ දින ක්‍රිස්තු වර්ෂ .................. වැන්නෙහි ................ මස .................. වෙනි .................. දින .............. ට ................ සීමා මාලකයේදී ................. ප්‍රමුඛ මහා සඞ්ඝයා වහන්සේ විසින් සාමණේර භූමියෙන් නඟා උපසම්පදා භික්ෂුභාවයට පමුණුවන ලද්දෙහි ය. ඒ බව දිවිහිමියෙන් මතක තබාගෙන ඉතා කුඩා සිකපදයකුදු නො කඩකොට ජීවිතය සේ දැන් ලත් උපසම්පදා ශීලය රක්නෙහි ය.