භාණ්ඩාගාරික සම්මුතිය.

එකල්හි පරෙස්සම් කරන්නකු නුවූයෙන් සඞ්ඝයාගේ භාණ්ඩාගාරයේ ද සිවුරු පරෙස්සම් නො වී ය. ඒ බව බුදුරජාණන් වහන්සේට සැල කළ කල්හි පඤ්චාඞ්ගයකින් යුක්ත භික්ෂුවක් භාණ්ඩාගාරිකයකු කොට සම්මත කරන්නට අනුදැන වදාළ සේක.

කර්ම වාක්‍යය.

සුණාතු මෙ භන්තෙ! සඞ්ඝො, යදි සඞ්ඝස්ස පත්තකල්ලං, සඞ්ඝො (තිස්සං) භික්ඛුං භාණ්ඩාගාරිකං සම්මන්නෙය්‍ය. එසා ඤත්ති.

සුණාතු මෙ භන්තෙ! සඞ්ඝො, සඞ්ඝො (තිස්සං) භික්ඛුං භණ්ඩාගාරිකං සම්මන්නති. යස්සායස්මතො ඛමති (තිස්සස්ස) භික්ඛුනො භණ්ඩාගාරිකස්ස සම්මුති, සො තුණ්හස්ස. යස්ස නක්ඛමති, සො භාසෙය්‍ය.

සම්මතො සඞ්ඝෙන (තිස්සො) භික්ඛු භණ්ඩාගාරිකො; ඛමති සඞ්ඝස්ස. තස්මා තුණ්හී. එවමෙතං ධාරයාමි.