භණ්ඩාගාර සම්මුතිය.

එකල්හි සිවුරු පරෙස්සම් කරන්නා වූ භික්ෂූන්ට ඒවා තැබීමට සුදුසු නියමිත තැනක් නො තිබුණෙන් නොයෙක් තැන්වල සිවුරු තැබූහ. ඒ සිවුරු මීයෝ ද කෑහ. වේයෝ ද කෑහ. ඒ බව තථාගතයන් වහන්සේට සැල කළ කල්හි භාණ්ඩාගාරයක් සම්මත කිරීමට අනුදැන වදාළ සේක.

කර්ම වාක්‍යය.

සුණාතු මෙ භන්තෙ! සඞ්ඝො, යදි සඞ්ඝස්ස පත්තකල්ලං, සඞ්ඝො (ඉත්‍ථන්නාමං) විහාරං භණ්ඩාගාරං සම්මන්නෙය්‍ය. එසා ඤත්ති.

සුණාතු මෙ භන්තෙ! සඞ්ඝො, සඞ්ඝො (ඉත්‍ථන්නාමං) විහාරං භණ්ඩාගාරං සම්මන්නති. යස්සායස්මතො ඛමති. (ඉත්‍ථන්නාමස්ස) විහාරස්ස භණ්ඩාගාරස්ස සම්මුති, සො තුණ්හස්ස. යස්ස නක්ඛමති, සො භාසෙය්‍ය.

සම්මතො සඞ්ඝෙන (ඉත්‍ථන්නාමො) විහාරො භණ්ඩාගාරං, ඛමති සඞ්ඝස්ස, තස්මා තුණ්හී. එවමෙතං ධාරයාමි.