එකල්හි සිවුරු පිළිගැනීමේ සම්මුතිය ලත් භික්ෂූහු සිවුරු පිළිගෙන, ඒවා ඒ ඒ තැන්වල ම තිබෙන්නට හැර යති. එයින් සඞ්ඝයාට ලැබෙන සිවුරු නැති වන්නට විය. ඒ බව භික්ෂූන් බුදුන් වහන්සේට සැල කළ කල්හි, පඤ්චාඞ්ගයකින් යුක්ත භික්ෂුවක් සිවුරු පරෙස්සම් කරන්නකු වශයෙන් සම්මත කරන්නට අනුදැන වදාළ සේක.
කර්ම වාක්‍යය.
සුණාතු මෙ භන්තෙ! සඞ්‍ඝො, යදි සඞ්ඝස්ස පත්තකල්ලං, සඞ්ඝො (තිස්සං) භික්ඛුං චීවරනිදහකං සම්මන්නෙය්‍ය. එසා ඤත්ති.
සුණාතු මෙ භන්තෙ! සඞ්ඝො, සඞ්ඝො (තිස්සං) භික්ඛුං චීවරනිදහකං සම්මන්නති. යස්සායස්මතො ඛමති (තිස්සස්ස) භික්ඛුනො චීවරනිදහකස්ස සම්මුති. සො තුණ්හස්ස. යස්ස නක්ඛමති, සො භාසෙය්‍ය,
සම්මතො සඞ්ඝෙන (තිස්සො) භික්ඛු චීවරනිදහකො, ඛමති සඞ්ඝස්ස, තස්මා තුණ්හී. එවමෙතං ධාරයාමි.