චීවර පටිග්ගාහක සම්මුතිය.

බුද්ධ කාලයේදී මිනිස්සු සඞ්ඝයා හට පිදීම පිණිස සිවුරු ගෙන විහාරයට එති. ඒවා දෙන්නට කෙනකු සොයා ගත නො හැකිව, මනුෂ්‍යයෝ ගෙන ආ සිවුරු ආපසු ගෙන යති. එයින් සඞ්ඝයාට සිවුරු ලැබීම අඩු විය. භික්ෂූහු ඒ බව තථාගතයන් වහන්සේට සැල කළහ. එකල්හි තථාගතයන් වහන්සේ අගතියට නො යන, යහපත් වචනයෙන් අනුමෝදනාව කොට මිනිසුන් පැහැදවීමට සමත් භික්ෂුවක් චීවර ප්‍රතිග්‍රාහකයකු වශයෙන් සම්මත කිරීමට අනු-දැන වදාළ සේක.

චීවර ප්‍රතිග්‍රාහක සම්මුති කර්ම වාක්‍යය.

සුණාතු මෙ භන්තෙ! සඞ්ඝො, යදි සඞ්ඝස්ස පත්තකල්ලං, සඞ්ඝො (තිස්සං) භික්ඛුං චීවරපටිග්ගාහකං සම්මන්නෙය්‍ය. එසා ඤත්ති.

සුණාතු මෙ භන්තෙ! සඞ්ඝො, සඞ්ඝො (තිස්සං) භික්ඛුං චීවරපටිග්ගාහකං සම්මන්නති. යස්සායස්මතො ඛමති (තිස්සස්ස) භික්ඛුනො චීවරපටිග්ගාහකස්ස සම්මුති. සො තුණ්හස්ස. යස්ස නක්ඛමති, සො භාසෙය්‍ය.

සම්මතො සඞ්ඝෙන (තිස්සො) භික්ඛු චීවරපටිග්ගාහකො. ඛමති සඞ්ඝස්ස. තස්මා තුණ්හී. එවමෙතං ධාරයාමි.