සැවැත් නුවර එක් ගෙයක අඹු සැමි දෙදෙන ම භික්ෂූන් වහන්සේ කෙරෙහි ඉතා ප්‍රසන්න වූහ. ඔවුහු ක්‍රමයෙන් ධනයෙන් පිරිහෙන්නට වූහ. එහෙත් ඔවුහු දීම අඩු නො කළෝ ය. ඇතැම් දිනවල ඒ පවුලෙහි පෙරබත් කල ඔවුන්ගේ නිවෙසෙහි පිළියෙල වන සියල්ලම භික්ෂූන්ට දී, තුමූ නිරාහාරව ද වෙසෙති. එය දත් මනුෂ්‍යයෝ, “මේ භික්ෂූහු පමණ නො සලකා අනුන්ගේ දේ පිළිගනිති” යි භික්ෂූන්ට නින්දා කළහ. භික්ෂූන්ට එය ඇසී ඔවුහු තථාගතයන් වහන්සේට ඒ බව දැන්වූහ. එකල්හි තථාගතයන් වහන්සේ ශ්‍රද්ධාවෙන් වැඩෙන, ධනයෙන් පිරිහෙන, පවුල්වලට ‘සේඛ සම්මුතිය’ දීමට අනු-දැන වදාළ සේක.
සේඛ සම්මුති කර්ම වාක්‍යය.
සුණාතු මෙ භන්තෙ! සඞ්ඝො. (ඉත්‍ථන්නාමං) කුලං සද්ධාය වඩ්ඪති. භොගෙන හායති. යදි සඞ්ඝස්ස පත්තකල්ලං, සඞ්ඝො (ඉත්‍ථන්නාමස්ස) කුලස්ස සෙඛසම්මුතිං දදෙය්‍ය. එසා ඤත්ති.
සුණාතු මෙ භන්තෙ! සඞ්ඝො, (ඉත්‍ථන්නාමං) කුලං සද්ධාය වඩ්ඪති. භොගෙන හායති. සඞ්ඝො (ඉත්‍ථන්නාමස්ස) කුලස්ස සෙඛසම්මුතිං දෙති. යස්සායස්මතො ඛමති (ඉත්‍ථන්නාමස්ස) කුලස්ස සෙඛසම්මුතියා දානං, සො තුණ්හස්ස. යස්ස නක්ඛමති. සො භාසෙය්‍ය.
දින්නා සඞ්ඝෙන (ඉත්‍ථන්නාමස්ස) කුලස්ස සෙඛසම්මුති. ඛමති සඞ්ඝස්ස, තස්මා තුණ්හී. එවමෙතං ධාරයාමි.
නො ගිලන් භික්ෂුවක් විසින් සේඛ සම්මුතිය ලත් කුලයට ආරාධනාවක් නැතුව ගොස්, ඔවුන් දෙන ආහාරයක් සියතින් පිළිගෙන වැළඳුයේ නම්, පාටිදේසනීය නම් ඇවතක් වේ. ඔවුන් විසින් ගෙයින් පිටතට ගෙනැවිත් දෙන දෙයක් පිටතදී පිළිගෙන වැළඳීමෙන් ඇවැත් නො වේ.