සේනාසන පඤ්ඤාපක සම්මුතිය.

නිතර බොහෝ භික්ෂූන් පැමිණෙන සඞ්ඝාරාමවලට සෙනසුන් පැනවීම කරන භික්ෂුවක් ද සඞ්ඝයා විසින් පත් කළ යුතු ය. සම්මුතිය ලැබූ භික්ෂුව විසින් විහාරයට පැමිණෙන භික්ෂූන්ට සුදුසු පරිදි සෙනසුන් පනවා දිය යුතු ය.

සේනාසන පඤ්ඤාපක සම්මුතිය කරන කර්ම වාක්‍යය.

සුණාතු මෙ භන්තෙ! සඞ්ඝො, යදි සඞ්ඝස්ස පත්තකල්ලං, සඞ්ඝො (තිස්සං) භික්ඛුං සෙනාසනපඤ්ඤාපකං සම්මන්නෙය්‍ය. එසා ඤත්ති.

සුණාතු මෙ භන්තෙ! සඞ්ඝො, සඞ්ඝො (තිස්සං) භික්ඛුං සෙනාසනපඤ්ඤාපකං සම්මන්නති. යස්සායස්මතො ඛමති (තිස්සස්ස) භික්ඛුනො සෙනාසනපඤ්ඤාපකස්ස සම්මුති, සො තුණ්හස්ස. යස්ස නක්ඛමති, සො භාසෙය්‍ය.

සම්මතො සඞ්ඝෙන (තිස්සො) භික්ඛු සෙනාසනපඤ්ඤාපකො, ඛමති සඞ්ඝස්ස, තස්මා තුණ්හී. එවමෙතං ධාරයාමි.

මල්ලරාජ පුත්‍ර වූ දබ්බ රහතන් වහන්සේ සේනාසන පඤ්ඤාපක සම්මුතිය හා භත්තුදේසක සම්මුතිය ද ලැබ විසූහ.