සේනාසන ගාහාපක සම්මුතිය.

බොහෝ භික්ෂූන් පැමිණෙන, බොහෝ භික්ෂූන් වෙසෙන සඟසතු විහාරවලට පැමිණෙන භික්ෂූන්ට සෙනසුන් ගැන්වීම හෙවත් සෙනසුන් නියම කර දීමට භික්ෂුවක් සඞ්ඝයා විසින් පත්කළ යුතු ය. ඒ භික්ෂුව විසින් භික්ෂූන් ගණන් කොට සෙනසුන් ගණන් කොට සුදුසු පරිදි ඒ ඒ සෙනසුන් වලට භික්ෂූන් පත් කළ යුතු ය.

සේනාසන ගාහාපක සම්මුතිය දෙන කර්ම වාක්‍යය.

සුණාතු මෙ භන්තෙ! සඞ්ඝො, යදි සඞ්ඝස්ස පත්තකල්ලං, සඞ්ඝො (තිස්සං) භික්ඛුං සෙනාසනගාහාපකං සම්මන්නෙය්‍ය, එසා ඤත්ති.

සුණාතු මෙ භන්තෙ! සඞ්ඝො, සඞ්ඝො (තිස්සං) භික්ඛුං සෙනාසනගාහාපකං සම්මන්නති. යස්සායස්මතො. ඛමති (තිස්සස්ස) භික්ඛුනො සෙනාසනගාහාපකස්ස සම්මුති. සො තුණ්හස්ස. යස්ස නක්ඛමති, සො භාසෙය්‍ය. සම්මතො සඞ්ඝෙන (තිස්සො) භික්ඛු සෙනාසනගාහාපකො. ඛමති සඞ්ඝස්ස, තස්මා තුණ්හී. එවමෙතං ධාරයාමි.