නවකම්ම සම්මුතිය.

යම්කිසි සැදැහැවතකු විසින් විහාරයක් හෙවත් ආවාසයක් කරන-කරවන කල්හි දායකයාට පහසුවීම සඳහා භික්ෂූන් විසින් එයට උපදෙස් දිය යුතු ය. එයට උපදෙස් දීම සැමට ම නො කළ හැකි බැවින් සඞ්ඝයා විසින් ඒ ක්‍රියාවට සුදුසු භික්ෂුවක් තෝරා ඒ භික්ෂුවට ‘නවකම්ම සම්මුතිය’ දිය යුතු ය. සම්මුතිය ලත් භික්ෂුව විසින් විහාර කර්මාන්තය ඉක්මනින් අවසන් වන සැටියටත්, සුදුසු පරිදි එහි වැඩ කෙරෙන සැටියටත්, දායකයාටත්, කම්කරුවන්ටත් උපදෙස් දිය යුතු ය.

විශාඛා මහා උපාසිකාවන් පූර්වාරාම මහා විහාරය කරවීමේදී මුගලන් මහතෙරුන් වහන්සේ නම කර්ම සංවිධානය කළ සේක. එයින් අවුරුදු ගණනකින් මිස නිම කළ නොහෙන පූර්වාරාම විහාර කර්මාන්තය නව මසකින් නිමාවට පැමිණියේ ය. (මෙකල විනය නො දත් ඇතැම් අතිපණ්ඩිතයෝ විහාර සෑදීම් පන්සල් සෑදීම් භික්ෂූන්ට අයත් වැඩ නො වේ යයි බොරු බණ කියමින් මහජනයා මුලා කෙරෙති.)

නව කර්ම සම්මුතිය දෙන කර්ම වාක්‍යය.

සුණාතු මෙ භන්තෙ! සඞ්ඝො. යදි සඞ්ඝස්ස පත්තකල්ලං සඞ්ඝො (ඉත්‍ථන්නාමස්ස) ගහපතිනො විහාරං (ඉත්‍ථන්නාමස්ස) භික්ඛුනො නවකම්මං දදෙය්‍ය. එසා ඤත්ති.

සුණාතු මෙ භන්තෙ! සඞ්ඝො, (ඉත්‍ථන්නාමස්ස) ගහපතිනො විහාරං (ඉත්‍ථන්නාමස්ස) භික්ඛුනො නවකම්මං දෙති. යස්සායස්මතො ඛමති (ඉත්‍ථන්නාමස්ස) ගහපතිනො විහාරං (ඉත්‍ථන්නාමස්ස) භික්ඛුනො නවකම්මස්ස දානං. සො තුණ්හස්ස. යස්ස නක්ඛමති, සො භාසෙය්‍ය.

දින්නො සඞ්ඝෙන (ඉත්‍ථන්නාමස්ස) ගහපතිනො විහාරො (ඉත්‍ථන්නාමස්ස) භික්ඛුනො නවකම්මං. ඛමති සඞ්ඝස්ස. තස්මා තුණ්හී. එවමෙතං ධාරයාමි.