තිචීවරා විප්පවාස සම්මුතිය.

කඨිනානිසංසය කෙළවර වීමෙන් පසු එක් රැයකුදු තුන් සිවුරෙන් වෙන් ව විසුවහොත් නිසඟි පචිති වේ. ඒ නිසා භික්ෂුව විසින් අධිෂ්ඨාන කර ගත් තුන් සිවුරු ඇත්තේ නම්, ඒවා යන යන තැනට ගෙන යා යුතු ය. යම් කිසි දුබල බවක් නිසා තුන් සිවුරු නො ගෙන යා හැකි භික්ෂුව විසින් ‘තිචීවරෙන අවිප්පවාස සම්මුතිය’ ලබා ගත යුතු යි. එය ලැබූ භික්ෂුවට තුන් සිවුරෙන් වෙන් ව විසීමෙන් ඇවැත් නො වේ.

ගිලන් භික්ෂුව විසින් සඞ්ඝයා වෙත එළඹ, සිවුරු ඒකාංස කොට පෙරවා වැඩි මහලු භික්ෂූන්ගේ පා වැඳ උක්කුටිකව හිඳ සඞ්ඝයාට වැඳ-ගෙන මේ වාක්‍යය කිය යුතු ය.

අහං භන්තෙ! ගිලානො, න සක්කොමි තිචීවරං ආදාය පක්කමිතුං. සො’හං භන්තෙ සඞ්ඝං තිචීවරෙන අවිප්පවාසසම්මුතිං යාචාමි. දුතියම්පි -පෙ- තතියම්පි -පෙ-

කර්ම වාක්‍යය.

සුණාතු මෙ භන්තෙ! සඞ්ඝො, අයං (තිස්සො) භික්ඛු ගිලානො, න සක්කොති තිචීවරං ආදාය පක්කමිතුං. සො සඞ්ඝං තිචීවරෙන අවිප්පවාසසම්මුතිං යාචති. යදි සඞ්ඝස්ස පත්තකල්ලං, සඞ්ඝො (තිස්සස්ස) භික්ඛුනො තිචීවරෙන අවිප්පවාසසම්මුතිං දදෙය්‍ය. එසා ඤත්ති.

සුණාතු මෙ භන්තෙ! සඞ්ඝො, අයං (තිස්සො) භික්ඛු ගිලානො, න සක්කොති තිචීවරං ආදාය පක්කමිතුං. සො සඞ්ඝං තිචීවරෙන අවිප්පවාසසම්මුතිං යාචති. සඞ්ඝො (තිස්සස්ස) භික්ඛුනො තිචීවරෙන අවිප්පවාසසම්මුතිං දෙති. යස්සායස්මතො ඛමති (තිස්සස්ස) භික්ඛුනො තිචීවරෙන අවිප්පවාසසම්මුතියා දානං, සො තුණ්හස්ස. යස්ස නක්ඛමති, සො භාසෙය්‍ය.

දින්නා සඞ්ඝෙන (තිස්සස්ස) භික්ඛුනො තිචීවරෙන අවිප්පවාසසම්මුති. ඛමති සඞ්ඝස්ස, තස්මා තුණ්හී, එවමෙතං ධාරයාමි.