පටිසාරණීය කර්මය

බුදු සස්නෙහි පැහැදී සිටින සඞ්ඝයා හට උවටැන් කරන ‘චිත්ත’ නම් ගෘහපතියාට බැණ, ඔහුගේ ආවාසයද හැර ගිය, ‘සුධම්ම’ නම් භික්ෂුව නිමිත්ත කොට, තථාගතයන් වහන්සේ පටිසාරණීය කර්මය වදාළ සේක. එය කරනුයේ සඞ්ඝයාට උපස්ථාන කරන, බුදු සස්නෙහි පැහැදී සිටින, ශාසනාලය ඇති ගිහියන්ට අපහාස කොට ඔවුන්ගේ සිත් රිදවන, ඔවුන් බුදු සස්නෙහි කලකිරවන භික්ෂූන්ට ය. එසේ කරන භික්ෂුව සහ මැදට ගෙන චෝදනා කොට වරද සිහි කරවා ඇවැත දක්වා ඒ කර්මය කළ යුතු ය.

කර්ම වාක්‍යය.

සුණාතු මෙ භන්තෙ! සඞ්ඝො, අයං (සුධම්මො) භික්ඛු (චිත්තං ගහපතිං) සද්ධං පසන්නං දායකං කාරකං සඞ්ඝුපට්ඨාකං හීනෙන ඛුංසෙසි. හීනෙන වම්භෙසි. යදි සඞ්ඝස්ස පත්තකල්ලං. සඞ්ඝො (සුධම්මස්ස) භික්ඛුනො පටිසාරණීය කම්මං කරෙය්‍ය, (චිත්තො තෙ ගහපති) ඛමාපෙතබ්බොති. එසා ඤත්ති.

සුණාතු මෙ භන්තෙ! සඞ්ඝො අයං (සුධම්මො) භික්ඛු (චිත්තං ගහපතිං) සද්ධං පසන්නං දායකං කාරකං සඞ්ඝුපට්ඨානං හීනෙන ඛුංසෙසි. හීනෙන වම්භෙසි. සඞ්ඝො (සුධම්මස්ස) භික්ඛුනො පටිසාරණීය කම්මං කරොති (චිත්තො තෙ ගහපති) ඛමාපෙතබ්බොති. යස්සායස්මතො ඛමති (සුධම්මස්ස) භික්ඛුනො පටිසාරණීයස්ස කම්මස්සකරණං. සො තුණ්හස්ස. යස්ස නක්ඛමති, සො භාසෙය්‍ය.

දුතියම්පි එතමත්‍ථං වදාමි. සුණාතු -පෙ-

තතියම්පි එතමත්‍ථං වදාමි. සුණාතු මෙ භන්තෙ! සඞ්ඝො, අයං (සුධම්මො) භික්ඛු (චිත්තං ගහපතිං) සද්ධං පසන්නං දායකං කාරකං සඞ්ඝුපට්ඨාකං හීනෙන ඛුංසෙසි. හීනෙන වම්භෙසි. සඞ්ඝො (සුධම්මස්ස) භික්ඛුනො පටිසාරණීය කම්මං කරොති (චිත්තො තෙ ගහපති) ඛමාපෙතබ්බොති. යස්සායස්මතො ඛමති (සුධම්මස්ස) භික්ඛුනො පටිසාරණීය කම්මස්ස කරණං (චිත්තො තෙ ගහපති) ඛමාපෙතබ්බොති. සො තුණ්හස්ස. යස්ස නක්ඛමති, සො භාසෙය්‍ය.

කතං සඞ්ඝෙණ (සුධම්මස්ස) භික්ඛුනො පටිසාරණීය කම්මං (චිත්තො තෙ ගහපති) ඛමාපෙතබ්බොති. ඛමති සඞ්ඝස්ස, තස්මා තුණ්හී. එවමෙතං ධාරයාමි.

පටිසාරණීය කර්මය කරනු ලැබූ භික්ෂුව විසින් ද සඞ්ඝයා විසින් එය ඉවත් කරන තුරු තජ්ජනීය කර්මය කරනු ලැබූ භික්ෂූන් විසින් පිරිය යුතු අටළොස් වත අනුව පිළිපැදිය යුතු ය. සඞ්ඝයා විසින් කර්මය ඉවත් කරනු ලබන්නේ අපහාස කිරීමෙන් කලකිරවන ලද තැනැත්තා ක්ෂමා කරවා නැවත පැහැදවීමෙන් පසු ය. චිත්ත ගෘහපතියා කලකිරවූ සුධම්ම භික්ෂු තෙමේ පටිසාරණීය කර්මය කරනු ලැබීමෙන් පසු ක්ෂමා කරවා චිත්ත ගෘහපතියා නැවත පැහැදවීමට ‘මච්ඡිකා සණ්ඩයට’ ගියේය. එහෙත් දොම්නසට පැමිණ සිටි සුධම්ම භික්ෂුව චිත්ත ගෘහපති වෙත ගොස් කථා කිරීමට අසමත්ව සැවැත් නුවරට පෙරළා පැමිණියේ ය.

චිත්ත ගෘහපතියා ක්ෂමා කරවන ලද්දේදැයි භික්ෂූන් විසින් විචාළ කල්හි නො හැකි වූ බව සුධම්ම භික්ෂුව කීය. ඒ බව තථාගතයන් වහන්සේට සැලකළ කල්හි තථාගතයන් වහන්සේ සුධම්ම භික්ෂුවට චිත්ත ගෘහපතියා ක්ෂමා කරවන්නට භික්ෂුවක් දූතයකු කොට දීමට අනු දැන වදාළ සේක. දූතයකු දීමේදී දූත ක්‍රියාව කරන ලෙස භික්ෂුවකගෙන් ඉල්ලා කැමති කරවාගෙන සම්මත කොට දිය යුතු ය.

දූතයකු දීමේ කර්ම වාක්‍යය.

සුණාතු මෙ භන්තෙ! සඞ්ඝො. යදි සඞ්ඝස්ස පත්තකල්ලං, සඞ්ඝො (තිස්සං) භික්ඛුං (සුධම්මස්ස) භික්ඛුනො අනුදූතං දදෙය්‍ය (චිත්තං ගහපතිං) ඛමාපෙතුං, එසා ඤත්ති.

සුණාතු මෙ භන්තෙ! සඞ්ඝො. සඞ්ඝො (තිස්සං) භික්ඛුං (සුධම්මස්ස) භික්ඛුනො අනුදූතං දෙති (චිත්තං ගහපතිං) ඛමාපෙතුං. යස්සායස්මතො ඛමති (තිස්සස්ස) භික්ඛුනො (සුධම්මස්ස) භික්ඛුනො අනුදූතස්ස දානං (චිත්තං ගහපතිං) ඛමාපෙතුං. සො තුණ්හස්ස. යස්ස නක්ඛමති, සො භාසෙය්‍ය.

දින්නො සඞ්ඝෙන (තිස්සො) භික්ඛු (සුධම්මස්ස) භික්ඛුනො අනුදූතො (චිත්තං ගහපතිං) ඛමාපෙතුං. ඛමති සඞ්ඝස්ස. තස්මා තුණ්හී. එවමෙතං ධාරයාමි.

පටිසාරණීය කර්මය කරන ලද භික්ෂුව විසින් අනුදූතයකු වශයෙන් සඞ්ඝයා විසින් දුන් භික්ෂුව සමග වරද කළ ගෘහපතියා වෙත ගොස්, ක්ෂමාව ඇයැදිය යුතු ය. ඉදින් එයින් ගිහියා ක්ෂමා වී සිත පහදා නො ගත්තේ නම්, අනුදූත භික්ෂුව විසින් “ගෘහපතිය! මේ භික්ෂුවට සමාවුව මැනව, මේ භික්ෂු තෙමේ ඔබගේ හොඳහිත බලාපොරොත්තු වන්නේය’ යි කිය යුතු ය.

එයින් ද ගෘහපතියා සමා නො වන්නේ නම්, “ගෘහපතිය මේ භික්ෂුවට සමා වන ලෙස මම ඔබෙන් ඉල්ලමිය” යි කිය යුතුය. එයිනුත් ගෘහපතියා සමා නුවූයේ නම්, “ගෘහපතිය සඞ්ඝයාගේ ඉල්ලීම පරිදි මේ භික්ෂුවට සමාවන්නය” යි කිය යුතු ය. එයින්ද සමා නුවූයේ නම් ගෘහපතියාට පෙනෙන ඇසෙන ලෙස වරද කළ භික්ෂුව ලවා සිවුරු ඒකාංස කොට පෙරවවා, උක්කුටිකයෙන් හිඳවා, ඇඳිලි බඳවා, ඇවැත දෙසවිය යුතුය.

පටිසාරණීය කර්මය ඉවත් කිරීම.

පටිසාරණීය කර්මය කරනු ලැබූ භික්ෂුව තමා විසින් අවමන් කොට කලකිරවන ලද දායකයාගෙන් ක්ෂමාව ගෙන සිත පහදවා භික්ෂූන්ගේද සිත පහදවා සඞ්ඝයා වෙත එළඹ, සිවුර ඒකාංස කොට පෙරවා, වැඩිමහලු භික්ෂූන්ගේ පා වැඳ උක්කුටිකව හිඳ ඇඳිලි බැඳ, මතු දැක්වෙන වාක්‍යය කියා පටිසාරණීය කර්මයාගේ සන්සිඳවීම ඉල්ලිය යුතු ය.

අහං භන්තෙ! සඞ්ඝෙන පටිසාරණීය කම්මකතො. සම්මා වත්තාමි. ලොමං පාතෙමි. නෙත්‍ථාරං වත්තාමි. පටිසාරණීයස්ස කම්මස්ස පටිප්පස්සද්ධිං යාචාමි. දුතියම්පි -පෙ- තතියම්පි -පෙ-

පටිසාරණීය කර්මය ඉවත් කිරීමේ කර්ම වාක්‍යය.

සුණාතු මෙ භන්තෙ! සඞ්ඝො, අයං (සුධම්මො) භික්ඛු සඞ්ඝෙණ පටිසාරණීය කම්මකතො සම්මා වත්තති. ලොමං පාතෙති. නෙත්‍ථාරං වත්තති. පටිසාරණීයස්ස කම්මස්ස පටිප්පස්සද්ධිං යාචති. යදි සඞ්ඝස්ස පත්තකල්ලං සඞ්ඝො (සුධම්මස්ස) භික්ඛුනො පටිසාරණීය කම්මං පටිප්පස්සම්භෙය්‍ය. එසා ඤත්ති.

සුණාතු මෙ භන්තෙ! සඞ්ඝො, අයං (සුධම්මො) භික්ඛු සඞ්ඝෙන පටිසාරණීය කම්මකතො සම්මා වත්තති. ලොමං පාතෙති. නෙත්‍ථාරං වත්තති. පටිසාරණීයස්ස කම්මස්ස පටිප්පස්සද්ධිං යාචති. සඞ්ඝො (සුධම්මස්ස) භික්ඛුනො පටිසාරණීය කම්මං පටිප්පස්සම්භෙති. යස්සායස්මතො ඛමති (සුධම්මස්ස) භික්ඛුනො පටිසාරණීයස්ස කම්මස්ස පටිප්පස්සද්ධි. සො තුණ්හස්ස. යස්ස නක්ඛමති. සො භාසෙය්‍ය.

දුතියම්පි එතමත්‍ථං වදාමි. -පෙ-

තතියම්පි එතමත්‍ථං වදාමි. සුණාතු මෙ භන්තෙ! සඞ්ඝො. අයං (සුධම්මො) භික්ඛු සඞ්ඝෙන පටිසාරණීය කම්මකතො සම්මා වත්තති. ලොමං පාතෙති. නෙත්‍ථාරං වත්තති. පටිසාරණීයස්ස කම්මස්ස පටිප්පස්සද්ධිං යාචති. සඞ්ඝො (සුධම්මස්ස) භික්ඛුනො පටිසාරණීය කම්මං පටිප්පස්සම්භෙති. යස්සායස්මතො ඛමති. (සුධම්මස්ස) භික්ඛුනො පටිසාරණීයස්ස කම්මස්ස පටිප්පස්සද්ධි. සො තුණ්හස්ස. යස්ස නක්ඛමති, සො භාසෙය්‍ය.

පටිප්පස්සද්ධං සඞ්ඝෙන (සුධම්මස්ස) භික්ඛුනො පටිසාරණීය කම්මං. ඛමති සඞ්ඝස්ස, තස්මා තුණ්හී. එවමෙතං ධාරයාමි.