පත්තනික්කුජ්ජන කර්මය.

පත්තනික්කුජ්ජන කර්මය යනු භික්ෂූන්ට වරද කළ ගිහියන්ට දඬුවම් පිණිස කරන කර්මයෙකි. එහි අදහස වරද කළ ගිහියා සංඝයා විසින් වර්ජනය කිරීම ය. පත්තනික්කුජ්ජනය කළ ගිහියා භික්ෂූන් විසින් හළ යුතුය. කිසිම භික්ෂුවක් විසින් ඔහු දෙන කිසිවක් නො පිළිගත යුතුය. පිඬු සිඟා යාමේදී ද ඔහුගේ ගෙය හැර යා යුතු ය. ඒ කර්මය දබ්බමල්ලපුත්ත තෙරුන් වහන්සේට බොරු චෝදනාවක් ඇති කළ ‘වඩ්ඪ’ නම් ලිච්ඡවී පුත්‍රයා නිමිත්ත කොට පනවන ලද්දකි.

අට්ඨහි භික්ඛවෙ! අඞ්ගෙහි සමන්නාගතස්ස උපාසකස්ස පත්තො නිකුක්ජ්ජිතබ්බො. භික්ඛූනං අලාභාය පරිසක්කති. භික්ඛූනං අනත්‍ථාය පරිසක්කති. භික්ඛූනං අවාසාය පරිසක්කති. භික්ඛූනං අක්කොසති පරිභාසති භික්ඛු භික්ඛූහි භෙදෙති. බුද්ධස්ස අවණ්ණං භාසති. ධම්මස්ස අවණ්ණං භාසති. සඞ්ඝස්ස අවණ්ණං භාසති. අනුජානාමි භික්ඛවෙ! ඉමෙහි අට්ඨහඞ්ගෙහි සමන්නාගතස්ස උපාසකස්ස පත්තං නික්කුජ්ජිතුං.

තථාගතයන් වහන්සේ විසින් මෙසේ වදාළ පරිදි භික්ෂූන්ට අලාභ කරන්නා වූ ද, අනර්ථ කරන්නාවූ ද භික්ෂූන්ට වාසස්ථාන නැති කරන්නාවූ ද, ආක්‍රෝශ පරිභව කරන්නාවූ ද, භික්ෂූන් ඔවුනොවුන් බිඳවන්නාවූ ද, බුදුනට දොස් කියන්නාවූ ද, දහමට දොස් කියන්නාවූ ද, සඟනට දොස් කියන්නාවූ ද, උපාසකයනට පත්තනික්කුජ්ජන කර්මය කළ යුතු ය.

පත්තනික්කුජ්ජන කර්ම වාක්‍යය.

සුණාතු මෙ භන්තෙ! සඞ්ඝො. (වඩ්ඪො ලිච්ඡවී) ආයස්මන්තං (දබ්බං මල්ලපුත්තං) අමූලිකාය සීලවිපත්තියා අනුද්ධංසෙති. යදි සඞ්ඝස්ස පත්තකල්ලං. සඞ්ඝො (වඩ්ඪස්ස ලිච්ඡවිස්ස) පත්තං නික්කුජ්ජෙය්‍ය අසම්භොගං සඞ්ඝෙන කරෙය්‍ය. එසා ඤත්ති.

සුණාතු මෙ භන්තෙ! සඞ්ඝො. (වඩ්ඪො ලිච්ඡවී) ආයස්මන්තං (දබ්බං මල්ලපුත්තං) අමූලිකාය සීලවිපත්තියා අනුද්ධංසෙති. සඞ්ඝො (වඩ්ඪස්ස ලිච්ඡවිස්ස) පත්තං නික්කුජ්ජති, සම්භොගං සඞ්ඝෙන කරොති. යස්සායස්මතො ඛමති (වඩ්ඪස්ස ලිච්ඡවිස්ස) පත්තස්ස නික්කුජ්ජනා අසම්භොගං සඞ්ඝෙන කරණං. සො තුණ්හස්ස. යස්ස නක්ඛමති, සො භාසෙය්‍ය.

නික්කුජ්ජිතො සඞ්ඝෙන (වඩ්ඪස්ස ලිච්ඡවිස්ස) පත්තො අසම්භොගො සඞ්ඝෙන, ඛමති සඞ්ඝස්ස, තස්මා තුණ්හී. එවමෙතං ධාරයාමි.

පත්ත නික්කුජ්ජනය ඉවත් කිරීම.

පත්තනික්කුජ්ජන කර්මය කරනු ලැබූ තැනැත්තා එය ඉවත් කරවා ගනු කැමති වේ නම්, වරද පිළිගෙන සඞ්ඝයාගෙන් සමාව ලබාගෙන, සඞ්ඝයා වෙත එළඹ, උතුරුසළුව ඒකාංස කොට පෙරවා, භික්ෂූන්ගේ පා වැඳ, උක්කුටිකව හිඳ වැඳගෙන, මේ වාක්‍යය කියා පත්තනික්කුජ්ජන කර්මය ඉවත් කරන ලෙස ඇයැදිය යුතු ය.

සඞ්ඝෙන මෙ භන්තෙ! පත්තො නික්කුජ්ජිතො, අසම්භොගොම්හි සඞ්ඝෙන, සො’හං භන්තෙ සම්මා වත්තාමි. ලොමං පාතෙමි. නෙත්ථාරං වත්තාමි, සඞ්ඝං පත්තුක්කුජ්ජනං යාචාමි. දුතියම්පි -පෙ- තතියම්පි -පෙ-

පත්තනික්කුජ්ජනය ඉවත් කිරීමේ කර්ම වාක්‍යය.

සුණාතු මෙ භන්තෙ! සඞ්ඝො. සඞ්ඝෙන (වඩ්ඪස්ස ලිච්ඡවිස්ස) පත්තො නික්කුජ්ජිතො අසම්භොගො සඞ්ඝෙන, සො සම්මා වත්තති. ලොමං පාතෙති. නෙත්‍ථාරං වත්තති. සඞ්ඝං පත්තක්කුජ්ජනං යාචති. යදි සඞ්ඝස්ස පත්තකල්ලං. සඞ්ඝො (වඩ්ඪස්ස ලිච්ඡවිස්ස) පත්තං උක්කුජ්ජෙය්‍ය. සම්භොගං සඞ්ඝෙන කරෙය්‍ය. එසා ඤත්ති.

සුණාතු මෙ භන්තෙ! සඞ්ඝො. සඞ්ඝෙන (වඩ්ඪස්ස ලිච්ඡවිස්ස) පත්තො නික්කුජ්ජිතො අසම්භොගො සඞ්ඝෙන, සො සම්මා වත්තති. ලොමං පාතෙති. නෙත්‍ථාරං වත්තති. සඞ්ඝං පත්තුක්කජ්ජනං යාචති. සඞ්ඝො (වඩ්ඪස්ස ලිච්ඡවිස්ස) පත්තං උක්කුජ්ජති, සම්භොගං සඞ්ඝෙන කරොති. යස්සායස්මතො ඛමති (වඩ්ඪස්ස ලිච්ඡවිස්ස) පත්තස්ස උක්කුජ්ජනා සම්භොගං සඞ්ඝෙන කරණං, සො තුණ්හස්ස. යස්ස නක්ඛමති, සො භාසෙය්‍ය.

උක්කුජ්ජිතො සඞ්ඝෙන (වඩ්ඪස්ස ලිච්ඡවිස්ස) පත්තො, සම්භොගො සඞ්ඝෙන, ඛමති සඞ්ඝස්ස, තස්මා තුණ්හී. එවමෙතං ධාරයාමි.