තජ්ජනීය කර්මය

බුද්ධකාලයේදී භික්ෂූන් හා නිතර ඩබර කර ගත්තාවූ, කෝලාහල කරගත්තා වූ, වාද ඇති කර ගත්තාවූ, සඞ්ඝයාට නිතර නඩු පැමිණිලි කළාවූ, එබඳු අන්‍ය භික්ෂූන්ටත් එසේ කිරීමට අනුශාසනය කළා වූ පණ්ඩුක ලෝහිතක යන භික්ෂූන් දෙදෙන නිමිත්ත කොට, එබඳු භික්ෂූන් හික්මවනු පිණිස තථාගතයන් වහන්සේ මේ තජ්ජනීය කර්මය වදාළ සේක. එය කරන කල්හි කෝලාහල කරන භික්ෂූන් සඟ මැදට පමුණුවා, ඔවුනට චෝදනා කොට කළ වරද මතක් කරදී, සිදු වූ ඇවැත දක්වා කර්මය කළ යුතු ය.

කර්ම වාක්‍යය මෙසේය.

සුණාතු මෙ භන්තෙ! සඞ්ඝො, ඉමෙ (පණ්ඩුක ලොහිතකා) භික්ඛූ අත්තනා භණ්ඩනකාරකා කලහකාරකා විවාදකාරකා භස්සකාරකා සඞ්ඝෙ අධිකරණකාරකා, යෙපි චඤ්ඤෙ භික්ඛු භණ්ඩනකාරකා කලහකාරකා විවාදකාරකා භස්සකාරකා සඞ්ඝෙ අධිකරණකාරකා. තෙ උපසඞ්කමිත්‍වා එවං වදන්ති “මා ඛො තුම්හෙ ආයස්මන්තො එසො අජෙසි, බලවා බලවං පටිමන්තෙථ, තුම්හෙ තෙන පණ්ඩිතතරා ච බ්‍යත්තතරා ච බහුස්සුතතරා ච අලමත්තතරා ච, මා චස්ස භායිත්‍ථ. මයම්පි තුම්හාකං පක්ඛා භවිස්සාමා”ති. තෙන අනුප්පන්නානි චෙව භණ්ඩනානි උප්පජ්ජන්ති උප්පන්නානි ච භණ්ඩනානි භීය්‍යොභාවාය වෙපුල්ලාය සංවත්තන්ති. යදි සඞ්ඝස්ස පත්තකල්ලං, සඞ්ඝො (පණ්ඩුක ලොහිතකානං) භික්ඛූනං තජ්ජනීයකම්මං කරෙය්‍ය. එසා ඤත්ති.

සුණාතු මෙ භන්තෙ! සඞ්ඝො, ඉමෙ (පණ්ඩුක ලොහිතකා) භික්ඛු අත්තනා භණ්ඩන කාරකා -පෙ- සඞ්ඝො අධිකරණ කාරකා, යෙපි චඤ්ඤෙ භික්ඛූ භණ්ඩනකාරකා -පෙ- සඞ්ඝෙ අධිකරණකාරකා, තෙ උපසඞ්කමිත්‍වා එවං වදන්ති “මා ඛො තුම්හෙ ආයස්මන්තො එසො අජෙසි, බලවා බලවං පටිමන්තෙථ තුම්හෙ තෙන පණ්ඩිතතරා ච බ්‍යත්තතරා ච බහුස්සුතතරා ච අලමත්තතරා ච මා චස්ස භායිත්‍ථ, මයම්පි තුම්හාකං පක්ඛා භවිස්සාමා” ති තෙන අනුප්පන්නානි ච භණ්ඩනානි උප්පජ්ජන්ති. උප්පන්නානි ච භණ්ඩනානි භීය්‍යොභාවාය වෙපුල්ලාය සංවත්තන්ති. සඞ්ඝො (පණ්ඩුක ලොහිතකානං) භික්ඛූනං තජ්ජනීය කම්මං කරොති. යස්සායස්මතො ඛමති (පණ්ඩුක ලොහිතකානං) භික්ඛූනං තජ්ජනීය කම්මස්ස කරණං. සො තුණ්හස්ස. යස්ස නක්ඛමති. සො භාසෙය්‍ය.

දුතියම්පි එතමත්‍ථං වදාමි. සුණාතු මෙ භන්තෙ! සඞ්ඝො, ඉමෙ (පණ්ඩුක ලොහිතකා) භික්ඛු අත්තනා භණ්ඩනකාරකා -පෙ- සඞ්ඝෙ අධිකරණකාරකා. යෙ’පි චඤ්ඤෙ භික්ඛු භණ්ඩනකාරකා -පෙ- සඞ්ඝෙ අධිකරණකාරකා, තෙ උපසඞ්කමිත්‍වා එවං වදන්ති බලවා බලවං පටිමන්තෙථ, තුම්හෙ තෙන පණ්ඩිතතරා ච බ්‍යත්තතරා ච බහුස්සුතතරා ච අලමත්තතරා ච, මා චස්ස භායිත්‍ථ, මයම්පි තුම්හාකං පක්ඛා භවිස්සාමා”ති. තෙන අනුපපන්නානි චෙව භණ්ඩනානි උප්පජ්ජන්ති. උප්පන්නානි ච භණ්ඩනානි භීය්‍යොභාවාය වෙපුල්ලාය සංවත්තන්ති. සඞ්ඝො (පණ්ඩුක ලොහිතකානං) භික්ඛූනං තජ්ජනීයකම්මං කරොති යස්සායස්මතො ඛමති (පණ්ඩුක ලොහිතකානං) භික්ඛූනං තජ්ජනීය කම්මස්ස කරණං. සො තුණ්හස්ස, යස්ස නක්ඛමති, සො භාසෙය්‍ය.

තතියම්පි එතමත්‍ථං වදාමි. සුණාතු මෙ භන්තෙ! සඞ්ඝො, ඉමෙ (පණ්ඩුක ලොහිතකා) භික්ඛූ අත්තනා භණ්ඩනකාරකා -පෙ- සඞ්ඝෙ අධිකරණකාරකා, යෙ’පි චඤ්ඤෙ භික්ඛු භණ්ඩනකාරකා -පෙ- සඞ්ඝෙ අධිකරණකාරකා තෙ උපසඞ්කමිත්‍වා එවං වදන්ති “මා ඛො තුම්හෙ ආයස්මන්තො එසො අජෙසි, බලවා බලවං පටිමන්තෙථ තුම්හෙ තෙන පණ්ඩිතතරා ච බ්‍යත්තතරා ච බහුස්සුතතරා ච අලමත්තතරා ච. මා චස්ස භායිත්‍ථ, මයම්පි තුම්හාකං පක්ඛා භවිස්සාමා”ති තෙන අනුපපන්නානි චෙව භණ්ඩනානි උප්පජ්ජන්ති. උප්පන්නානි ච භණ්ඩනානි භීය්‍යොභාවාය වෙපුල්ලාය සංවත්තන්ති. සඞ්ඝො (පණ්ඩුක ලොහිතකානං) භික්ඛූනං තජ්ජනීය කම්මං කරොති. යස්සායස්මතො ඛමති. (පණ්ඩුක ලොහිතකානං) භික්ඛුං තජ්ජනීයකම්මස්ස කරණං, සො තුණ්හස්ස. යස්ස නක්ඛමති. සො භාසෙය්‍ය.

කතං සඞ්ඝෙන (පණ්ඩුක ලොහිතකානං) භික්ඛූනං තජ්ජනීය කම්මං. ඛමති සඞ්ඝස්ස. තස්මා තුණ්හී. එවමෙතං ධාරයාමි.

තජ්ජනීය කර්මය කරන ලද භික්ෂූන් විසින් පිළිපැදිය යුතු අටොළොස් වත

තජ්ජනීය කර්මය කරනු ලැබූ භික්ෂුව විසින් -

  1. උපාධ්‍යාය වී හෝ කර්මාචාර්ය වී හෝ උපසම්පදා නො කළ යුතු ය.
  2. උපාධ්‍යාය වී කුල දරුවන් පැවිදි නො කළ යුතු ය.
  3. භික්ෂූන්ට නිස නො දිය යුතු ය.
  4. භික්ඛුනෝවාද සම්මුතිය නො පිළිගත යුතු ය.
  5. කලින් සම්මුතිය ලබා ඇත්තේ ද භික්ෂුණීන්ට අවවාද නො කළ යුතු ය.
  6. යම් ඇවතක් නිසා තජ්ජනීය කර්මය කරන ලදුයේ නම්, ඒ ඇවතට නො පැමිණිය යුතු ය.
  7. එවැනි අන් ඇවතකට ද නො පැමිණිය යුතු ය.
  8. එයට පවිටු ඇවතට ද නො පැමිණිය යුතු ය.
  9. තජ්ජනීය කර්මයට ගර්හා නො කළ යුතු ය.
  10. ඒ කර්මය කළ භික්ෂූන්ට ද ගර්හා නො කළ යුතු ය.
  11. ප්‍රකෘති භික්ෂුවකගේ උපෝසථය නො තැබිය යුතු ය.
  12. ප්‍රකෘති භික්ෂුවකගේ පවාරණය නො තැබිය යුතු ය.
  13. ප්‍රකෘති භික්ෂුවක් ඇසිය යුත්තකු නො කළ යුතු ය.
  14. විහාරයෙහි දෙටුබව නො කළ යුතු ය.
  15. වරදක් කීමට ප්‍රකෘති භික්ෂුවක් ලවා අවකාශ නො කරවා ගත යුතු ය.
  16. ප්‍රකෘති භික්ෂුවකට චෝදනා නො කළ යුතු ය.
  17. අනුන් ලවා ඔවුන් ගේ ඇවැත් සිහි නො කර විය යුතු ය.
  18. භික්ෂූන් කෝලාහල කිරීමෙහි නො යෙදවිය යුතු ය.

තජ්ජනීය කර්මය ඉවත් කිරීම.

තජ්ජනීය කර්මය කරනු ලැබූ භික්ෂූන් විසින් ඉහත කී අටොළොස් වත පුරා හික්මී, සඞ්ඝයාගෙන් කර්මය ඉවත් කරන ලෙස ඉල්ලා සිටියහොත්, සඞ්ඝයා විසින් තජ්ජනීය කර්මය ඉවත් කළ යුතු ය. ඒ භික්ෂූන් විසින් සඞ්ඝයා වෙත එළඹ, සිවුරු ඒකාංස කොට පෙරාවා, වැඩි මහලු භික්ෂූන්ගේ පා වැඳ, උක්කුටිකව හිඳ ඇඳිලි බැඳ, මතු දැක්වෙන වාක්‍යය තුන්වරක් කියා තජ්ජනීය කර්මය ඉවත් කරන ලෙස ඉල්ලිය යුතු ය.

මයං භන්තෙ සඞ්ඝෙන තජ්ජනීයකම්මකතා. සම්මා වත්තාම. ලොමං පාතෙම. නෙත්ථාරං වත්තාම. තජ්ජනීයකම්මස්ස පටිප්පස්සද්ධිං යාචාම. දුතියම්පි -පෙ- තතියම්පි -පෙ-

ඉවත් කිරීමේ වාක්‍යය.

සුණාතු මෙ භන්තෙ! සඞ්ඝො. ඉමෙ (පණ්ඩුක ලොහිතකා) භික්ඛු සඞ්ඝෙන තජ්ජනීයකම්මකතා. සම්මා වත්තන්ති. ලොමං පාතෙන්ති. නෙත්‍ථාරං වත්තන්ති. තජ්ජනීයකම්මස්ස පටිප්පස්සද්ධිං යාචන්ති. යදි සඞ්ඝස්ස පත්තකල්ලං, සඞ්ඝො (පණ්ඩුක ලොහිතකානං) භික්ඛූනං තජ්ජනීයකම්මං පටිප්පස්සම්භෙය්‍ය. එසා ඤත්ති.

සුණාතු මෙ භන්තෙ! සඞ්ඝො. ඉමෙ (පණ්ඩුක ලොහිතකා) භික්ඛු සඞ්ඝෙන තජ්ජනීයකම්මකතා. සම්මා වත්තන්ති. ලොමං පාතෙන්ති. නෙත්‍ථාරං වත්තන්ති. තජ්ජනීයකම්මස්ස පටිප්පස්සද්ධිං යාචන්ති. සඞ්ඝො (පණ්ඩුක ලොහිතකානං) භික්ඛූනං තජ්ජනීය කම්මං පටිප්පස්සම්භෙති. යස්සායස්මතො ඛමති. (පණ්ඩුක ලොහිතකානං) භික්ඛූනං තජ්ජනීය කම්මස්ස පටිප්පස්සද්ධි, සො තුණ්හස්ස. යස්ස නක්ඛමති, සො භාසෙය්‍ය.

දුතියම්පි එතමත්‍ථං වදාමි. සුණාතු මෙ භන්තෙ! සඞ්ඝො. ඉමෙ (පණ්ඩුක ලොහිතකා) -පෙ- සඞ්ඝො (පණ්ඩුක ලොහිතකානං) භික්ඛූනං තජ්ජනීයකම්මං පටිප්පස්සම්භෙති. යස්සායස්මතො ඛමති (පණ්ඩුක ලොහිතකානං) භික්ඛූනං තජ්ජනීය කම්මස්ස පටිප්පස්සම්භෙති, යස්සායස්මතො ඛමති (පණ්ඩුක ලොහිතකානං) භික්ඛූනං තජ්ජනීයකම්මස්ස පටිප්පස්සද්ධි. සො තුණ්හස්ස. යස්ස නක්ඛමති, සො භාසෙය්‍ය.

තතියම්පි එතමත්‍ථං වදාමි. සුණාතු මෙ භන්තෙ! සඞ්ඝො. ඉමෙ (පණ්ඩුක ලොහිතකා) භික්ඛූ -පෙ- තජ්ජනීයකම්මස්ස පටිප්පස්සද්ධිං යාචන්ති. සඞ්ඝො (පණ්ඩුක ලොහිතකානං) භික්ඛූනං තජ්ජනීයකම්මං පටිප්පස්සම්භෙති. යස්සායස්මතො ඛමති (පණ්ඩුක ලොහිතකානං) භික්ඛූනං තජ්ජනීයකම්මස්ස පටිප්පස්සද්ධි, සො තුණ්හස්ස. යස්ස නක්ඛමති, සො භාසෙය්‍ය.

පටිප්පස්සද්ධං සඞ්ඝෙණ (පණ්ඩුක ලොහිතකානං) භික්ඛූනං තජ්ජනීයකම්මං ඛමති සඞ්ඝස්ස. තස්මා තුණ්හී. එවමෙතං ධාරයාමි.