සබ්‍රහ්මචාරීන්ගේ අවවාදානුශාසනා නො පිළිගනිමින් භික්ෂූන්ට ආක්‍රෝශ කරමින් හැසුරුණු ඡන්න නම් වූ භික්ෂුවට තථාගතයන් වහන්සේ බ්‍රහ්ම දණ්ඩය නියම කළ සේක. “යො අඤ්ඤො’පි භික්ඛු මුඛරො හොති භික්ඛුං අරුත්තවචනෙහි ඝට්ටෙන්තො ඛුංසෙන්තො වම්හෙන්තො විහරති තස්සා’පි දාතබ්බො” යනුවෙන් භික්ෂූන්ට නො මනා වචනයෙන් බෙණෙමින් කරදර කරන අන්‍ය පරුෂ භික්ෂූන්ට ද ඒ දඬුවම දියයුතු බව විනය අටුවාවෙහි දක්වා ඇත්තේ ය. ඒ දඬුවම දියයුත්තේ ද අපලෝකන කර්මයෙනි.
කර්ම වාක්‍යය.
භන්තෙ (ඉත්‍ථං නාමො) භික්ඛු මුඛරො, භික්ඛු දුරුත්තවචනෙහි ඝට්ටෙන්තො විහරති. සො භික්ඛු යං ඉච්ඡෙය්‍ය තං වදෙය්‍ය. භික්ඛූහි (ඉත්‍ථං නාමො) භික්ඛු නෙව වත්තබ්බො, න ඔවදිතබ්බො, න අනුසාසිතබ්බො. සඞ්ඝං භන්තෙ පුච්ඡාමි (ඉත්‍ථන්නාමස්ස) භික්ඛුනො බ්‍රහ්මදණ්ඩස්ස දානං. රුච්චති සඞ්ඝස්ස.
දුතියම්පි -පෙ- තතියම්පි -පෙ-
මේ කර්මය කළ පසු ඒ භික්ෂුව කුමක් කීවත් අන්‍ය භික්ෂූන් ඔහුට කිසිවක් නො කියනු ලැබේ. අවවාදානුශාසනා නො කරනු ලැබේ. ඒ භික්ෂුව පසුව හික්මී නපුරු ගති හැර සඞ්ඝයාගෙන් සමාව ඉල්ලුව හොත් එය සඞ්ඝයා විසින් නැවත ඉවත් කරනු ලැබේ.
ඉවත් කිරීමේ කර්ම වාක්‍යය.
භන්තෙ! භික්ඛුසඞ්ඝො (අසුකස්ස) භික්ඛුනො බ්‍රහ්මදණ්ඩං අදාසි. සො භික්ඛු සොරතො නිවාතවුත්ති ලජ්ජිධම්මං ඔක්කන්තො, හිරොත්තප්පෙ පතිට්ඨිතො, පටිසඞ්ඛා ආයතිං සංවරෙ තිට්ඨති. සඞ්ඝං භන්තෙ! පුච්ඡාමි තස්ස භික්ඛුනො බ්‍රහ්මදණ්ඩස්ස පටිප්පස්සද්ධිං. රුච්චති සඞ්ඝස්ස.
දුතියම්පි -පෙ- තතියම්පි -පෙ-