විහේසකාරෝපන කර්මය, වරද කොට සඟ මැද විචාරන කල්හි තුෂ්ණීම්භූතව හිඳ, සඞ්ඝයා වෙහෙසන භික්ෂූන්ට කරන කර්මයෙකි.
කර්ම වාක්‍යය මෙසේය:-
සුණාතු මෙ භන්තෙ! සඞ්ඝො, අයං (ඡන්නො) භික්ඛු සඞ්ඝමජ්ඣෙ ආපත්තියා අනුයුඤ්ජියමානො තුණ්හීභූතො සඞ්ඝං විහෙසෙති. යදි සඞ්ඝස්ස පත්තකල්ලං, සඞ්ඝො (ඡන්නස්ස) භික්ඛුනො විහෙසකං රොපෙය්‍ය. එසා ඤත්ති.
සුණාතු මෙ භන්තෙ! සඞ්ඝො, අයං (ඡන්නො) භික්ඛු සඞ්ඝමජ්ඣෙ ආපත්තියා අනුයුඤ්ජියමානො තුණ්හීභූතො සඞ්ඝං විහෙසෙති. සඞ්ඝො (ඡන්නස්ස) භික්ඛුනො විහෙසකං රොපෙති. යස්සායස්මතො ඛමති. (ඡන්නස්ස) භික්ඛුනො විහෙසකස්ස රොපනා. සො තුණ්හස්ස. යස්ස නක්ඛමති සො භාසෙය්‍ය.
රොපිතං සඞ්ඝෙන (ඡන්නස්ස) භික්ඛුනො විහෙසකං. ඛමති සඞ්ඝස්ස, තස්මා තුණ්හී. එවමෙතං ධාරයාමි.
මේ කර්මය කිරීමෙන් පසු සඟ මැද ඇවතින් විචාරන කල්හි කථා නො කොට සඞ්ඝයා වෙහෙසන භික්ෂුවට පචිති ඇවැත් වේ.
පාපදෘෂ්ටි ගෙන සිටින භික්ෂූන්ට කරන සමනුභාෂණ කර්මය.
බුද්ධ කාලයේ අරිෂ්ඨ නැමැති භික්ෂුවක් “පස්කම් සැප විඳින්නා වූ මේ ගිහියෝ සෝවාන් වෙති, සකෘදාගාමි වෙති. අනාගාමි වෙති. භික්ෂූහු ද මනාප රූප දර්ශනය කෙරෙමින්, ශබ්දයන් අසමින්, ගන්ධයන් ආඝ්‍රාණය කරමින්, රසයන් ආස්වාදනය කරමින්, මෘදු වස්ත්‍රාදියේ පහස විඳිමින් රහත් වෙති. එසේ තිබියදී ස්ත්‍රී ස්පර්ශය වූ එක් දෙයක් පමණක් අන්තරායික වන්නට කරුණක් නැතය” යන දෘෂ්ටිය ගත්තේ ය. ඒ කාරණය නිමිත්ත කොට එබඳු දෘෂ්ටි ගෙන එය නො හැර තදින් අල්ලා ගෙන ඉන්නා භික්ෂූන්ට සමනුභාෂණ කර්මයක් බුදුන් වහන්සේ නියම කළ සේක.
එය කරන්නේ මෙසේ ය. එබඳු පාප දෘෂ්ටියක් ගෙන සිටින්නා වූ භික්ෂුවට දක්නා වූ ද ඇසුවා වූ ද භික්ෂූන් විසින් ඒ දෘෂ්ටිය අත හරිනු පිණිස තුන්වර දක්වා අවවාද කළ යුතු ය. අවවාදය පිළිගෙන දෘෂ්ටිය නො හළේ නම්, දුකුළා ඇවැත් වේ. දැක ද අසා ද අවවාද නො කරන්නා වූ භික්ෂූන්ට ද දුකුළා ඇවැත් වේ. අවවාදය පිළිගෙන දෘෂ්ටිය නො හරිතහොත් ඒ භික්ෂුව සඟ මැදට පමුණුවා ද තුන්වර දක්වා අවවාද කළ යුතු ය. නො පිළිගතහොත් දුකුළා ඇවැත් නැවත ද වේ. එසේ ද නො පිළිගනී නම්, ඒ භික්ෂුවට සමනුභාෂණ කර්මය කළ යුතු ය.
කර්ම වාක්‍යය.
සුණාතු මෙ භන්තෙ! සඞ්ඝො, (තිස්සස්ස) භික්ඛුනො එවරූපං පාපකං දිට්ඨිගතං උප්පන්නං, තථා හං භගවතා ධම්මං දෙසිතං ආජානාමි, යථා යෙ මෙ අන්තරායිකා ධම්මා වුත්තා භගවතා, තෙ පටිසෙවතො නාලං අන්තරායායාති. සො තං දිට්ඨිං න පටිනිස්සජ්ජති. යදි සඞ්ඝස්ස පත්තකල්ලං සඞ්ඝො (තිස්සං) භික්ඛුං සමනුභාසෙය්‍ය තස්සා දිට්ඨියා පටිනිස්සග්ගාය. එසා ඤත්ති.
සුණාතු මෙ භන්තෙ! සඞ්ඝො, (තිස්සස්ස) භික්ඛුනො එවරූපං පාපකං දිට්ඨිගතං උප්පන්නං, “තථාහං භගවතා ධම්මං දෙසිතං ආජානාමි යථා යෙ මෙ අන්තරායිකා ධම්මා වුත්තා භගවතා තෙ පටිසෙවතො නාලං අන්තරායායාති.” සො තං දිට්ඨිං න පටිනිස්සජ්ජති. සඞ්ඝො (තිස්සං) භික්ඛුං සමනුභාසති තස්සා දිට්ඨියා පටිනිස්සග්ගාය. යස්සායස්මතො ඛමති (තිස්සස්ස) භික්ඛුනො සමනුභාසනා තස්සා දිට්ඨියා පටිනිස්සග්ගාය. සො තුණ්හස්ස. යස්ස නක්ඛමති, සො භාසෙය්‍ය.
දුතියම්පි එතමත්‍ථං වදාමි. -පෙ- තතියම්පි එතමත්‍ථං වදාමි.
සුණාතු මෙ භන්තෙ! සඞ්ඝො, (තිස්සස්ස) භික්ඛුනො එවරූපං පාපකං දිට්ඨිගතං උප්පන්නං, තථාහං භගවතො ධම්මං දෙසිතං ආජානාමි. යථා යෙ මෙ අන්තරායිකා ධම්මා වුත්තා භගවතා තෙ පටිසෙවතො නාලං අන්තරායායාති. සො තං දිට්ඨිං න පටිනිස්සජ්ජති. සඞ්ඝො (තිස්සං) භික්ඛුං සමනුභාසති තස්සා දිට්ඨියා පටිනිස්සග්ගාය. යස්සායස්මතො ඛමති (තිස්සස්ස) භික්ඛුනො සමනුභාසනා තස්සා දිට්ඨියා පටිනිස්සග්ගාය. සො තුණ්හස්ස. යස්ස නක්ඛමති, සො භාසෙය්‍ය.
සමනුභට්ඨො සඞ්ඝෙන (තිස්සො) භික්ඛු තස්සා දිට්ඨියා පටිනිස්සග්ගාය. ඛමති සඞ්ඝස්ස තස්මා තුණ්හී. එවමෙතං ධාරයාමි.
මේ කර්මය අවසන් වනු සමග ම දෘෂ්ටිය ගෙන සිටින භික්ෂුවට පචිති ඇවැත් වේ.
මිසදිටු ගත් සාමණේරයන්ට කරන නිස්සාරණ කර්මය.
සාමණේරයෙක් බුදුන්ගේ හෝ දහම්හි හෝ සඟුන්ගේ හෝ අගුණ කියා නම්, අකප්පියය කැප යයි කියා නම්, මිසදිටු ගන්නේ නම්, ඔහුට තුන්වර දක්වා ඒ වරද හරනා පිණිස අවවාද කළ යුතු ය. ඉදින් සාමණේරයා ඒ ලබ්ධිය නො හරින්නේ නම් සඞ්ඝයා රැස් කොට සඟ මැදදී ඒ ලබ්ධිය හැර දමන ලෙස කිය යුතු ය. ඉදින් සාමණේරයා ලබ්ධිය හළේ නම් යහපති. නො හරණේ නම්, ඔහුට නිස්සාරණ කර්මය හළ යුතු ය, එය චතුර්විධ කර්මයන් අතුරෙන් අපලෝකන කර්මයෙකි. එය කරන කල්හි ව්‍යක්ත භික්ෂුවක් විසින් මතු දැක්වෙන වාක්‍යයෙන් සාමණේරයා බැහැර කරන බව දැන්විය යුතු ය.
කර්ම වාක්‍යය.
සඞ්ඝං භන්තෙ! පුච්ඡාමි, අයං (කණ්ඨකො) සාමණෙරො බුද්ධස්ස ධම්මස්ස සඞ්ඝස්ස අවණ්ණවාදි මිච්ඡාදිට්ඨිකො, යං අඤ්ඤෙ සාමණෙරා ලභන්ති භික්ඛූහි සද්ධිං ද්විරත්තතිරත්තං සහසෙය්‍ය, තස්සා අලාභාය නිස්සාරණා රුච්චති සඞ්ඝස්ස.
දුතියම්පි සඞ්ඝං භන්තෙ පුච්ඡාමි. -පෙ- නිස්සාරණා රුච්චති සඞ්ඝස්ස.
තතියම්පි සඞ්ඝං භන්තෙ පුච්ඡාමි. -පෙ- නිස්සාරණා රුච්චති සඞ්ඝස්ස.
මෙසේ සඞ්ඝයාට දන්වා “නො හික්මුණු සාමණේරය! යව විනාශ වෙව” යි සාමණේරයාට කිය යුතු ය. මෙසේ නිස්සාරණය කළ සාමණේරයා සියලුම භික්ෂූන් විසින් වර්ජනය කළ යුතු ය. එසේ බැහැර කළ සාමණේරයාට සංග්‍රහ කරන්නා වූ ද, ඒ සාමණේරයාගේ උපස්ථානය පිළිගන්නා වූ ද, ඔහු හා ධර්මාමිෂ සම්භෝගය කරන්නා වූ ද, එක් ආවාසයක සයනය කරන්නා වූ ද භික්ෂුවට පචිති ඇවැත් වේ.