අන්‍යවාදකාරෝපන කර්මය

අන්‍යවාදකාරෝපන කර්මය නො මනා ක්‍රියා කොට ඇවැත්වලට පැමිණ ඒවා ගැන සඞ්ඝ මධ්‍යයේදී විමසන කල්හි, අනිකක් කියා වරද වසා ගන්නට තැත් කරන භික්ෂූන් සඳහා නියමිත කර්මයෙකි.

කර්මවාක්‍යය මෙසේය.

සුණාතු මෙ භන්තෙ! සඞ්ඝො, අයං (ඡන්නො) භික්ඛු සඞ්ඝමජ්ඣෙ ආපත්තියා අනුයුඤ්ජියමානො අඤ්ඤෙනඤ්ඤං පටිචරති. යදි සඞ්ඝස්ස පත්තකල්ලං, සඞ්ඝො (ඡන්නස්ස) භික්ඛුනො අඤ්ඤවාදකං රොපෙය්‍ය. එසා ඤත්ති.

සුණාතු මෙ භන්තෙ! සඞ්ඝො, අයං (ඡන්නො) භික්ඛු සඞ්ඝමජ්ඣෙ ආපත්තියාට අනුයුඤ්ජියමානො අඤ්ඤෙනඤ්ඤං පටිචරති. සඞ්ඝො (ඡන්නස්ස) භික්ඛුනො අඤ්ඤවාදකං රොපෙති. යස්සායස්මතො ඛමති (ඡන්නස්ස) භික්ඛුනො අඤ්ඤවාදකස්ස රොපනා. සො තුණ්හස්ස. යස්ස නක්ඛමති, සො භාසෙය්‍ය.

රොපිතං සඞ්ඝෙන (ඡන්නස්ස) භික්ඛුනො අඤ්ඤවාදකං. ඛමති සඞ්ඝස්ස. තස්මා තුණ්හී. එවමෙතං ධාරයාමි.

මේ කර්මය කරන්නට පෙර සඟ මැද විචාරන කල අනිකක් කීමෙන් දුකුළා ඇවැත් වේ. අඤ්ඤවාදකාරෝපනයෙන් පසු අනිකක් කීමෙන් පචිති ඇවැත් වේ.