පබ්බාජනීය කර්මය

“පබ්බාජනීය” කර්මය යනු වාසය කරන විහාරයෙන් හා ගමෙන් බැහැර කිරීම ය. එය කළ යුත්තේ කුල දූෂණය කරන භික්ෂූන්ට ය. ඒ කර්මය පළමුවරට කර තිබෙන්නේ කීටාගිරියෙහි විසූ අස්සජි පුනබ්බසුක යන භික්ෂූන්ට ය. ‘අස්සජි පුනබ්බසුක’ යන දෙදෙනා ෂට් වර්ගික භික්ෂූන්ට අයත් දෙනමකි. එය කරන කල්හි කුලදූෂණය කරන භික්ෂුව සඟ මැදට පමුණුවා, චෝදනා කොට, වරද සිහි කරවා ඇවත දක්වා කළ යුතු ය.

පබ්බාජනීය කර්ම වාක්‍යය.

සුණාතු මෙ භන්තෙ! සඞ්ඝො, ඉමෙ (අස්සජි පුනබ්බසුකා) භික්ඛු කුලදූසකා පාපසමාචාරා. ඉමෙසං පාපකා සමාචාරා දිස්සන්ති චෙව සුය්‍යන්ති ච. කුලානි ච ඉමෙහි දුට්ඨානි දිස්සන්ති චෙව සුය්‍යන්ති ච. යදි සඞ්ඝස්ස පත්තකල්ලං. සඞ්ඝො (අස්සජි පුනබ්බසුකානං) භික්ඛූනං (කීටාගිරිස්මා) පබ්බාජනීය කම්මං කරෙය්‍ය. න (අස්සජි පුනබ්බසුකෙහි) (කීටාගිරිස්මිං) වත්‍ථබ්බන්ති. එසා ඤත්ති.

සුණාතු මෙ භන්තෙ! සඞ්ඝො, ඉමෙ (අස්සජි පුනබ්බසුකා) භික්ඛු කුලදූසකා පාපසමාචාරා. ඉමෙසං පාපකා සමාචාරා දිස්සන්ති චෙව සුය්‍යන්ති ච. සඞ්ඝො (අස්සජි පුනබ්බසුකානං) භික්ඛූනං (කීටාගිරිස්මා) පබ්බාජනීය කම්මං කරොති න (අස්සජි පුනබ්බසුකෙහි) භික්ඛූහි. (කීටාගිරිස්මිං) වත්‍ථබ්බන්ති. යස්සායස්මතො ඛමති (අස්සජි පුනබ්බසුකානං) භික්ඛූනං (කීටාගිරිස්මා) පබ්බාජනීයකම්මස්සකරණං, න (අස්සජි පුනබ්බසුකෙහි) භික්ඛූහි (කීටාගිරිස්මිං) වත්‍ථබ්බන්ති. සො තුණ්හස්ස. යස්ස නක්ඛමති, සො භාසෙය්‍ය. දුතියම්පි එතමත්‍ථං වදාමි, -පෙ- තතියම්පි එතමත්‍ථං වදාමි. -පෙ-

කතං සඞ්ඝෙන (අස්සජි පුනබ්බසුකානං) භික්ඛූනං (කීටාගිරිස්මා) පබ්බාජනීය කම්මං, න (අස්සජි පුනබ්බසුකෙහි) භික්ඛු (කීටාගිරිස්මිං) වත්‍ථබ්බන්ති. ඛමති සඞ්ඝස්ස තස්මා තුණහී එවමෙතං ධාරයාමි.

පබ්බාජනීය කර්මය කරන ලද භික්ෂුව විසින් පිරිය යුතු වත් අටළොසෙකි. සඞ්ඝයාට කීකරුව ඒ වත් අටළොස පුරා හික්මී පබ්බජානීය කර්මය අවලංගු කරන ලෙස සඞ්ඝයාගෙන් ඉල්ලා සිටි කල්හි සඞ්ඝයා විසින් එය අවලංගු කරනු ලැබේ. අස්සජි පුනබ්බසුකයෝ පබ්බාජනීය කර්මයෙන් නො හික්මී එය කළා වූ භික්ෂූන්ට ගර්හා කරන්නට පටන් ගත්හ.

කුලදූෂණය කිරීමෙන් පබ්බාජනීය කර්මය කරන ලද යම් කිසි භික්ෂුවක් විහාරයෙන් බැහැර නො වී “මේ භික්ෂූහු ඡන්දාදියෙන් අගතියට යන්නෝ ය. මෙබඳු ඇවැත් නිසා ඇතැමෙකුට පබ්බාජනීය කර්මය කරන්නාහ. ඇතැමෙකුට නො කරන්නාහ” යි කර්මය කළ භික්ෂූන්ට ගර්හා කෙරේ නම්, දක්නා වූ-අසන්නා වූ අන්‍ය භික්ෂූන් විසින් ඒ භික්ෂුවට විහාරයෙන් බැහැර වන ලෙසත්, සඞ්ඝයාට ගර්හා නො කරන ලෙසත් තුන්වර දක්වා අවවාද කළ යුතුය. නොපිළිගනී නම්, සඟ මැදට ගෙන ඒ භික්ෂුවට අවවාද කළ යුතුය. සඟ මැදදී ද නො පිළිගනී නම්, ඒ භික්ෂුවට සමනුභාෂණ කර්මය කළ යුතුය.

සමනුභාෂණ කර්ම වාක්‍යය.

සුණාතු මෙ භන්තෙ! සඞ්ඝො, අයං (තිස්සො) භික්ඛු සඞ්ඝෙන පබ්බාජනීය කම්මකතො, භික්ඛු ඡන්‍දගාමිතා දෙසගාමිතා මොහගාමිතා භයගාමිතා පාපෙති. සො තං වත්‍ථුං න පටිනිස්සජ්ජති. යදි සඞ්ඝස්ස පත්තකල්ලං. සඞ්ඝො (තිස්සං) භික්ඛුං සමනුභාසෙය්‍ය තස්ස වත්‍ථුස්ස පටිනිස්සග්ගාය. එසා ඤත්ති.

සුණාතු මෙ භන්තෙ! සඞ්ඝො, අයං (තිස්සො) භික්ඛූ සඞ්ඝෙන පබ්බාජනීය කම්මකතො. භික්ඛු ඡන්‍දගාමිතා දොසගාමිතා මොහගාමිතා භයගාමිතා පාපෙති. සො වත්‍ථුං න පටිනිස්සජ්ජති. සඞ්ඝො (තිස්සං) භික්ඛුං සමනුභාසති තස්ස පටිනිස්සග්ගාය. යස්සායස්මතො ඛමති (තිස්සස්ස) භික්ඛුනො සමනුභාසනා තස්ස වත්‍ථුස්ස පටිනිස්සග්ගාය. සො තුණ්හස්ස. යස්ස නක්ඛමති, සො භාසෙය්‍ය. දුතියම්පි එතමත්‍ථං වදාමි -පෙ- තතියම්පි එතමත්‍ථං වදාමි -පෙ-.

සමනුභට්ඨො සඞ්ඝෙන (තිස්සො) භික්ඛු තස්ස වත්‍ථුස්ස පටිනිස්සග්ගාය. ඛමති සඞ්ඝස්ස තස්මා තුණ්හී. එවමෙතං ධාරයාමි.

මේ කර්මවාක්‍යය කියා අවසාන කරනු සමග ම පබ්බාජනීය කර්මය කළ භික්ෂූන්හට ගර්හා කරන භික්ෂූහු සඟවෙසෙස් ඇවතට පැමිණෙති.

පබ්බාජනීය කර්මය සංසිඳවීම.

පබ්බාජනීය කර්මය කරන ලද භික්ෂුව යම් විහාරයක වෙසෙමින් යම් ගමක කුලදූෂණය කෙළේ නම්, ඒ විහාරයෙහි වෙසෙමින් කුලදූෂණය කළ ගමෙහි පිඬු පිණිස නො හැසිරිය යුතුය. ඒ විහාරයෙහි වෙසෙමින් අන් ගමක පිඬු පිණිස නොහැසිරිය යුතු ය. අනික් විහාරයක වෙසෙමින් හෝ ඒ ගමෙහි පිඬු පිණිස නො හැසිරිය යුතුය. පබ්බාජනීය කර්මය කරන ලද භික්ෂුවට නියමිත අටොළොස් වත පිරිය යුතුය. වත් පිරීම පිළිබඳ කාල නියමයක් නැත. පස්දිනක් වුවද ප්‍රමාණය. වත් පුරා පබ්බාජනීය කර්මය සන්සිඳවන ලෙස ඒ භික්ෂුව විසින් සඞ්ඝයා වෙත එළඹ, සිවුර ඒකාංස කොට පෙරවා මහලු භික්ෂූන්ගේ පා වැඳ උක්කුටිකව හිඳ ඇඳිලි බැඳ යාඥා කළ යුතුය.

සන්සිඳවීම ඉල්ලීමේ වාක්‍යය.

අහං භන්තෙ! සඞ්ඝෙන පබ්බාජනීය කම්මකතො. සම්මා වත්තාමි. ලොමං පාතෙමි. නෙත්‍ථාරං වත්තාමි. පබ්බාජනීය කම්මස්ස පටිප්පස්සද්ධිං යාචාමි. දුතියම්පි -පෙ- යාචාමි. තතියම්පි -පෙ- යාචාමි.

කර්මය සන්සිඳවීමේ කර්ම වාක්‍යය.

සුණාතු මෙ භන්තෙ! සඞ්ඝො, අයං (තිස්සො) භික්ඛු සඞ්ඝෙන පබ්බාජනීය කම්මකතො. සම්මාවත්තති. ලොමං පාතෙති. නෙත්‍ථාරං වත්තති. පබ්බාජනීය කම්මස්ස පටිප්පස්සද්ධිං යාචති. යදි සඞ්ඝස්ස පත්තකල්ලං, සඞ්ඝො (තිස්සස්ස) භික්ඛුනො පබ්බාජනීය කම්මං පටිප්පස්සම්හෙය්‍ය. එසා ඤත්ති.

සුණාතු මෙ භන්තෙ! සඞ්ඝො, අයං (තිස්සො) භික්ඛු පබ්බාජනීය කම්මකතො. සම්මා වත්තති. ලොමං පාතෙති. නෙත්‍ථාරං වත්තති. පබ්බාජනීය කම්මස්ස පටිප්පස්සද්ධිං යාචති. සඞ්ඝො (තිස්සස්ස) භික්ඛුනො පබ්බාජනීයකම්මං පටිප්පස්සම්භෙති. යස්සායස්මතො ඛමති (තිස්සස්ස) භික්ඛුනො පබ්බාජනීය කම්මස්ස පටිප්පස්සද්ධි. සො තුණ්හස්ස. යස්ස නක්ඛමති, සො භාසෙය්‍ය. දුතියම්පි එතමත්‍ථං වදාමි. -පෙ- තතියම්පි එතමත්‍ථං වදාමි.

සුණාතු මෙ භන්තෙ! සඞ්ඝො. අයං (තිස්සො) භික්ඛු සඞ්ඝෙණ පබ්බාජනීය කම්මකතො. සම්මා වත්තති. ලොමං පාතෙති. නෙත්‍ථාරං වත්තති. පබ්බාජනීය කම්මස්ස පටිප්පස්සද්ධිං යාචති. සඞ්ඝො (තිස්සස්ස) භික්ඛුනො පබ්බාජනීය කම්මං පටිප්පස්සම්භෙති. යස්සායස්මතො ඛමති. (තිස්සස්ස) භික්ඛුනො පබ්බාජනීය කම්මස්ස පටිප්පස්සද්ධි, සො තුණ්හස්ස. යස්ස නක්ඛමති, සො භාසෙය්‍ය.

පටිප්පස්සද්ධං සඞ්ඝෙන (තිස්සස්ස) භික්ඛුනො පබ්බාජනීයකම්මං. ඛමති සඞ්ඝස්ස, තස්මා තුණ්හී. එවමෙතං ධාරයාමි.

පබ්බාජනීය කර්මය සන්සිඳවීමෙන් පසු ඒ භික්ෂුවට ඒ විහාරයේ වාසය කිරීමට ලැබේ. එහෙත් ඒ භික්ෂුව විසින් දූෂණය කළ කුලවලින් සිවුපසය නො පිළිගත යුතු ය. ඒ භික්ෂුව පසු කාලයේදී රහත් වුවද රහත් වීමෙන් පසු ද කුලවලින් ප්‍රත්‍යය නො පිළිගත යුතු ය. දිවි හිමියෙන් ඒ භික්ෂුවට ඒ කුලවලින් ගන්නා ප්‍රත්‍යය අකැපැ ය. ඒ කුලවල මිනිසුන් “නුඹ වහන්සේ අප දෙන ප්‍රත්‍යය නො පිළිගන්නේ කුමක් හෙයින් දැ’යි අසා, “පෙර මා විසින් කුල දූෂණය කර ඇති නිසා ය’යි කී කල්හි, ඒ මනුෂ්‍යයෝ ‘අපි නුඹ වහන්සේට ඒ නිසා නො දෙමුය, දැන් නුඹ වහන්සේ ගේ සිල්වත් බව සලකා ම දෙන්නෙමුය’යි කියන්නාහු නම්, ඉන් පසු ඔවුන්ගේ ප්‍රත්‍යය පිළිගැනීමෙන් ඇවැත් නො වේ.