සමනුභාෂණ කර්මය

යම්කිසි භික්ෂුවක් සඞ්ඝයා භේද කිරීමට තැත් කෙරේ නම්, භේදයට හේතු වන කරුණක් ඉදිරිපත් කර ගෙන ක්‍රියා කෙරේ නම්, සඞ්ඝභේදයට තැත් කරන ඒ භික්ෂුව හමුවන භික්ෂූන් විසින් “ඇවැත්නි! සමගි සඞ්ඝයා භේද කිරීමට උත්සාහ නො කරව, යි ඒ භික්ෂුවට අවවාද කළ යුතු ය. දෙවනුවත් තුන්වෙනුවත් අවවාද කළ යුතු ය. එබඳු භික්ෂුවක් ගැන ආරංචිය ඇසූ භික්ෂූන් විසින් ද සඞ්ඝභේදයට තැත් කරන භික්ෂුව සොයා ගොස් අවවාද කළ යුතුය. අවවාදය අසාද එය නො හරනා භික්ෂුවට, දුකුළා ඇවැත් වේ. සඞ්ඝභේදයට තැත් කරන භික්‍ෂුව ගැන අසා, අවවාද නො කරන්නා වූ භික්ෂූන්ට ද දුකුළා ඇවැත් වේ. සඞ්ඝභේදයට තැත් කරන භික්ෂුව අවවාදය අසාත් එය අත් නො හරීනම්, අන්‍ය භික්ෂූන් විසින් ඒ භික්ෂුව බලහත්කාරයෙන් වුව ද සඟ මැදට ගෙන සමනුභාෂණ කර්මය කළ යුතු ය.

කර්ම වාක්‍යය.

සුණාතු මෙ භන්තෙ! සඞ්ඝො. අයං (තිස්සො) භික්ඛු සමග්ගස්ස සඞ්ඝස්ස භෙදාය පරක්කමති. සො තං වත්‍ථුං න පටිනිස්සජ්ජති. යදි සඞ්ඝස්ස පත්තකල්ලං, සඞ්ඝො (තිස්සං) භික්ඛුං සමනුභාසෙය්‍ය තස්ස වත්‍ථුස්ස පටිනිස්සග්ගාය. එසා ඤත්ති.

සුණාතු මෙ භන්තෙ! සඞ්ඝො, අයං (තිස්සො) භික්ඛු සමග්ගස්ස සඞ්ඝස්ස භෙදාය පරක්කමති. සො තං වත්‍ථුං න පටිනිස්සජ්ජති. සඞ්ඝො (තිස්සං) භික්ඛුං සමනුභාසති තස්ස වත්‍ථුස්ස පටිනිස්සග්ගාය. යස්සායස්මතො ඛමති (තිස්සස්ස) භික්ඛුනො සමනුභාසනා තස්ස වත්‍ථුස්ස පටිනිස්සග්ගාය, සො තුණ්හස්ස. යස්ස නක්ඛමති, සො භාසෙය්‍ය.

දුතියම්පි එතමත්‍ථං වදාමි. සුණාතු මෙ -පෙ- සො භාසෙය්‍ය.

තතියම්පි එතමත්‍ථං වදාමි. සුණාතු මෙ භන්තෙ! සඞ්ඝො, අයං (තිස්සො) භික්ඛු සමග්ගස්ස සඞ්ඝස්ස භෙදාය පරක්කමති. සො තං වත්‍ථුං න පටිනිස්සජ්ජති. සඞ්ඝො (තිස්සං) භික්ඛුං සමනුභාසති තස්ස වත්‍ථුස්ස පටිනිස්සග්ගාය. යස්සායස්මතො ඛමති (තිස්සස්ස) භික්ඛුනො සමනුභාසනා තස්ස වත්‍ථුස්ස පටිනිස්සග්ගාය. සො තුණ්හස්ස. යස්ස නක්ඛමති. සො භාසෙය්‍ය

සමනුභට්ඨො සඞ්ඝෙන (තිස්සො) භික්ඛු තස්ස වත්‍ථුස්ස පටිනිස්සග්ගාය. ඛමති සඞ්ඝස්ස, තස්මා තුණ්හී. එවමෙතං ධාරයාමි.

මේ සමනුභාෂණ කර්මය කිරීමේදී සඞ්ඝභේදයට තැත් කරන භික්ෂුවට අදහස නො හළහොත් ඤත්තිය අවසානයේදී දුකුළා ඇවැත් වේ. ප්‍රථම අනුශ්‍රාවණය අවසානයේදී ථුලසි ඇවැත් වේ. දෙවන අනුශ්‍රාවණය අවසානයෙහි ද ථුලසි ඇවැත් වේ. කර්මවාක්‍යාවසානයෙහි සඟවෙසෙත් ඇවැත් වේ.

සඞ්ඝභේදකයන්ට පක්ෂවන භික්ෂූන්ට කරන සමනුභාෂණ කර්මය.

සඞ්ඝභේදයට තැත් කරන භික්ෂුවට පක්ෂවන භික්ෂූන්ට ද, අන්‍ය භික්ෂූන් විසින් එසේ නො කරන ලෙස අවවාද කළ යුතු ය. දෙවනුවත්-තුන්වෙනුවත් අවවාද කළ යුතුය, නො පිළිගතහොත් දුකුළා ඇවැත් වේ. දැන ගෙන අවවාද නො කරන භික්ෂුවට ද දුකුළා ඇවැත් වේ. අවවාදය නො පිළිගතහොත් බලයෙන් ම වුව ද ඒ භික්ෂූන් සඟ මැදට පමුණුවා අවවාද කළ යුතුය. නො පිළිගත හොත් සමනුභාෂණ කර්මය කළ යුතු ය.

කර්ම වාක්‍යය.

සුණාතු මෙ භන්තෙ! සඞ්ඝො. (බුද්ධරක්ඛිතො ච ධම්මරක්ඛිතො ච) භික්ඛු (තිස්සස්ස) භික්ඛුනො සඞ්ඝභෙදාය පරක්කමන්තස්ස අනුවත්තකා වග්ගවාදකා තෙ තං වත්‍ථුං න පටිනිස්සජ්ජන්ති. යදි සඞ්ඝස්ස පත්තකල්ලං, සඞ්ඝො (බුද්ධරක්ඛිතඤ්ච ධම්මරක්ඛිතඤ්ච) භික්ඛු සමනුභාසෙය්‍ය තස්ස වත්‍ථුස්ස පටිනිස්සග්ගාය. එසා ඤත්ති.

සුණාතු මෙ භන්තෙ! සඞ්ඝො, (බුද්ධරක්ඛිතො ච ධම්මරක්ඛිතො ච) භික්ඛු (තිස්සස්ස) භික්ඛුනො සඞ්ඝභෙදාය පරක්කමන්තස්ස අනුවත්තකා වග්ගවාදකා. තෙ තං වත්‍ථුං න පටිනිස්සජ්ජන්ති. සඞ්ඝො (බුද්ධරක්ඛිතඤ්ච ධම්මරක්ඛිතඤ්ච) භික්ඛු සමනුභාසති තස්ස වත්‍ථුස්ස පටිනිස්සග්ගාය. යස්සායස්මතො ඛමති (බුද්ධරක්ඛිතස්ස ච ධම්මරක්ඛිතස්ස ච) භික්ඛූනං සමනුභාසනා තස්ස වත්‍ථුස්ස පටිනිස්සග්ගාය. සො තුණ්හස්ස. යස්ස නක්ඛමති, සො භාසෙය්‍ය.

දුතියම්පි එතමත්‍ථං වදාමි. සුණාතු මෙ -පෙ- සො භාසෙය්‍ය. තතියම්පි එතමත්‍ථං වදාමි. සුණාතු මෙ -පෙ- සො භාසෙය්‍ය.

සමනුභට්ඨො සඞ්ඝෙන (බුද්ධරක්ඛිතො ච ධම්මරක්ඛිතො ච) භික්ඛු තස්ස වත්‍ථුස්ස පටිනිස්සග්ගාය. ඛමති සඞ්ඝස්ස, තස්මා තුණ්හී. එවමෙතං ධාරයාමි.

දුර්වච භික්ෂූන්ට කරන සමනුභාෂණ කර්මය.

“ඇවැත්නි; මෙය කළ යුතු ය, මෙය නො කළ යුතුය, ඔබ වහන්සේ මෙනම් ඇවතට පැමිණියාහුය” යනාදීන් භික්ෂූන් විසින් බුදුන් වහන්සේ විසින් පනවා වදාළ සික පද අනුව භික්ෂුවකට අවවාද කරන කල්හි, යම් භික්ෂුවක් එයට ඉඩ නො දේ නම්, “ඇවැත්නි! මාගේ හොඳ නරකින් ඔබ වහන්සේලාට කාරියක් නැත, ඔබවහන්සේලා ඔබ වහන්සේලාට ඇති වැඩක් බලා ගන්නහුය. මම ද ඔබ වහන්සේලාට හොඳක් නරකක් නො කියමි. ඔබ වහන්සේලා ද මට කිසිවක් නො කියන්නහුය, යි කියා නම්, භික්ෂූන් විසින් ඒ භික්ෂුවට එසේ නො කරන ලෙස අවවාද කළ යුතු ය. දෙවනුව ද, තුන්වනුව ද එසේම අවවාද කළ යුතු ය. නො පිළිගනිතහොත් ඒ භික්ෂුවට දුකුළා ඇවැත් වේ.

දැනගෙන අවවාද නො කළ හොත් ඒ භික්ෂූන්ට ද දුකුළා ඇවැත් වේ. ඉදින් ඒ භික්ෂුව අවවාදය නො පිළිගත්තේ නම්, සඟමැදට පමුණුවා ද අවවාද කළ යුතුය. දෙවනුවත් තුන්වනුවත් අවවාද කළ යුතුය. නො පිළිගතහොත් සමනුභාෂණ කර්මය කළ යුතු ය.

කර්ම වාක්‍යය මෙසේය:-

සුණාතු මෙ භන්තෙ! අයං (තිස්සො) භික්ඛු භික්ඛූහි සහධම්මිකං වුච්චමානො අත්තානං අවචනීයං කරොති. සො තං වත්‍ථුං න පටිනිස්සජ්ජති. යදි සඞ්ඝස්ස පත්තකල්ලං, සඞ්ඝො (තිස්සං) භික්ඛුං සමනුභාසෙය්‍ය තස්ස පටිනිස්සග්ගාය. එසා ඤත්ති.

සුණාතු මෙ භන්තෙ! සඞ්ඝො. අයං (තිස්සො) භික්ඛු භික්ඛූහි සහධම්මිකං වුච්චමානො අත්තානං අවචනීයං කරොති. සො තං වත්‍ථුං න පටිනිස්සජ්ජති. සඞ්ඝො (තිස්සං) භික්ඛුං සමනුභාසති තස්ස පටිනිස්සග්ගාය. යස්සායස්මතො ඛමති (තිස්සස්ස) භික්ඛුනො සමනුභාසනා තස්ස වත්‍ථුස්ස පටිනිස්සග්ගාය. සො තුණ්හස්ස - යස්ස නක්ඛමති. සො භාසෙය්‍ය. දුතියම්පි එතමත්‍ථං වදාමි. -පෙ- තතියම්පි එතමත්‍ථං වදාමි -පෙ-

සමනුභට්ඨො සඞ්ඝෙන (තිස්සො) භික්ඛු තස්ස වත්‍ථුස්ස පටිනිස්සග්ගාය. ඛමති සඞ්ඝෂ්ස, තස්මා තුණ්හී. එවමෙතං ධාරයාමි.

මේ කර්මවාක්‍යයාගේ අවසානයෙහි දුර්වච භික්ෂුවට සඟවෙසෙස් ඇවැත් වේ.