කුටිකාරක භික්ෂුව විසින් කුටිය කරන බිම පිරිසිදු කොට සඞ්ඝයා වෙත එළඹ, සිවුර ඒකාංස කොට පෙරවා වැඩිමහලු භික්ෂූන්ගේ පා වැඳ, උක්කුටිකව හිඳ, ඇඳිලි බැඳ, මෙසේ තුන් වරක් සඞ්ඝයාගෙන් ඉල්ලුම් කළ යුතු ය.
“අහං භන්තෙ! සඤ්ඤාචිකාය කුටිං කත්තුකාමො අස්සාමිකං අත්තුද්දෙසං. සො’හං භන්තෙ! සඞ්ඝං කුටිවත්ථුඔලොකනං යාචාමි.”
මෙසේ කුටිකාරක භික්ෂුව විසින් අයැදි කල්හි සඞ්ඝයා වහන්සේ එහි ගොස්, ගෙබිම බලනු රිසි සේක් නම්, එසේ කිරීම යහපති. නො එසේ නම්, ගෙබිම පරීක්ෂා කිරීමට යැවීම සඳහා උපද්‍රව ඇති-නැති බව හා උපචාරය ඇති නැති බව තේරුම් ගැනීමට සමත් ව්‍යක්ත භික්ෂූන් වහන්සේ සඞ්ඝයා විසින් සම්මත කොට යැවිය යුත්තාහු ය.
සම්මත කිරීමේ කර්ම වාක්‍යය.
සුණාතු මෙ භන්තෙ! සඞ්ඝො, අයං (තිස්සො) භික්ඛු සඤ්ඤාචිකාය කුටිං කත්තුකාමො අස්සාමිකං අත්තුද්දෙසං. සො සඞ්ඝං කුටිවත්‍ථු ඔලොකනං යාචති. යදි සඞ්ඝස්ස පත්තකල්ලං, සඞ්ඝො (බුද්ධරක්ඛිතඤ්ච ධම්මරක්ඛිතඤ්ච) භික්ඛු සම්මන්නෙය්‍ය (තිස්සස්ස) භික්ඛුනො කුටිවත්‍ථුං ඔලොකෙතං: එසා ඤත්ති.
සුණාතු මෙ භන්තෙ! සඞ්ඝො, අයං (තිස්සො) භික්ඛු සඤ්ඤාචිකාය කුටිං කත්තුකාමො අස්සාමිකං අත්තුද්දෙසං. සො සඞ්ඝං කුටිවත්‍ථු ඔලොකනං යාචති. සඞ්ඝො (බුද්ධරක්ඛිතඤ්ච ධම්මරක්ඛිතඤ්ච) භික්ඛු සම්මන්නති (තිස්සස්ස) භික්ඛුනො කුටිවත්‍ථුං ඔලොකෙතුං. යස්සායස්මතො ඛමති (බුද්ධරක්ඛිතස්ස ච ධම්මරක්ඛිතස්ස ච) භික්ඛූනං සම්මුති (තිස්සස්ස) භික්ඛුනො කුටිවත්‍ථුං ඔලොකෙතුං, සො තුණ්හස්ස. යස්ස නක්ඛමති, සො භාසෙය්‍ය.
සම්මතා සඞ්ඝෙන (බුද්ධරක්ඛිතො ච ධම්මරක්ඛිතො ච) භික්ඛු (තිස්සස්ස) භික්ඛුනො කුටිවත්‍ථු ඔලොකෙතුං, ඛමති සඞ්ඝස්ස, තස්මා තුණ්හී, එවමෙතං ධාරයාමි.
සම්මුතිය ලැබූ භික්ෂූන් විසින් කුටිය කරන ඉඩමට ගොස්, එය උපද්‍රව සහිත තැනක් ද, කුටිය වටා ගොනුන් දෙදෙනකු යෙදූ කරත්තයකට යාමට තරමට ඉඩ ඇති තැනක් ද යන බව විමසා, උපද්‍රව ඇති තැනක් හෝ උපචාරය නැති තැනක් හෝ වේ නම්, එහි කුටිය නො කළ යුතු බව කුටිකාරක භික්ෂුවට කිය යුතු ය. ඉදින් තැන යහපත් වේ නම්, කුටිය තැනීමට යෝග්‍ය වේ නම්, ඒ බව සඞ්ඝයාට දැන්විය යුතුය. ඉන්පසු කුටිකාරක භික්ෂුව විසින් සඞ්ඝයා වෙත එළඹ, වැඩිමහලු භික්ෂූන්ගේ පා වැඳ උක්කුටිකව හිඳ ඇඳිලි බැඳ කුටිවස්තු දේශනය කිරීමට අයැදිය යුතු ය.
කුටිවස්තු දේශනය ඉල්ලීමේ වාක්‍යය.
අහං භන්තෙ! සඤ්ඤචිකාය කුටිං කත්තුකාමො අස්සාමිකං අත්තුද්දෙසං. සො’හං භන්තෙ! සඞ්ඝං කුටිවත්ථුදෙසනං යාචාමි. දුතියම්පි -පෙ- තතියම්පි -පෙ- යාචාමි.”
කුටිවස්තු දේශනය කිරීමේ කර්ම වාක්‍යය.
සුණාතු මෙ භන්තෙ! සඞ්ඝො, අයං (තිස්සො) භික්ඛු සඤ්ඤාචිකාය කුටිං කත්තුකාමො අස්සාමිකං අත්තුද්දෙසං, සො සඞ්ඝං කුටිවත්‍ථුදෙසනං යාචති. යදි සඞ්ඝස්ස පත්තකල්ලං, සඞ්ඝො (තිස්සස්ස) භික්ඛුනො කුටිවත්‍ථු දෙසෙය්‍ය. එසා ඤත්ති.
සුණාතු මෙ භන්තෙ! සඞ්ඝො, අයං (තිස්සො) භික්ඛු සඤ්ඤාචිකාය කුටිං කත්තුකාමො අස්සාමිකං අත්තුද්දෙසං. සො සඞ්ඝං කුටිවත්‍ථු දෙසනං යාචති. සඞ්ඝො (තිස්සස්ස) භික්ඛුනො කුටිවත්‍තුං දෙසෙති. යස්සායස්මතො ඛමති (තිස්සස්ස) භික්ඛුනො කුටිවත්‍ථු දෙසනා, සො තුණ්හස්ස, යස්ස නක්ඛමති සො භාසෙය්‍ය.
දෙසිතං සඞ්ඝෙන (තිස්සස්ස) භික්ඛුනො කුටිවත්‍ථු. ඛමති සඞ්ඝස්ස. තස්මා තුණ්හී. එවමෙතං ධාරයාමි.
කුටිවස්තු දේශනය කරවා ගැනීමේ තේරුම, කුටියක් හෙවත් ආවාසයක් තනා ගැනීමට සඞ්ඝයාගේ අනුමතිය ලබා ගැනීම ය. එසේ නො කොට තමාගේ ප්‍රයෝජනය පිණිස දායකයන්ගෙන් ඉල්ලා ගත් දෙයින් කුටියක් තැනූ භික්ෂුවට සඟවෙසෙස් ඇවැත් වේ.
මහල්ලක විහාර වස්තු දේශනය.
දායකයකු ඇතිව මහා ආවාසයක් කරන-කරවන භික්ෂුව විසින් ද සඞ්ඝයා ලවා වස්තුදේශනය කරවා ගෙන ම එය කළ යුතු ය. එසේ නොකොට කුටිය කළ හොත් සඟවෙසෙස් ඇවැත් වේ.
ඉඩම බැලීමට ඉල්ලීමේ වාක්‍යය.
අහං භන්තෙ! මහල්ලකං විහාරං කත්තුකාමො සස්සාමිකං අත්තුද්දෙසං. සො’හං භන්තෙ! සඞ්ඝං විහාරවත්ථු ඔලොකනං යාචාමි. දුතියම්පි -පෙ- තතියම්පි -පෙ-
විහාර වස්තු ඕලෝකන සම්මුතිය දෙන කර්ම වාක්‍යය.
සුණාතු මෙ භන්තෙ! සඞ්ඝො, අයං (තිස්සො) භික්ඛු මහල්ලකං විහාරං කත්තුකාමො සස්සාමිකං අත්තුද්දෙසං. සො සඞ්ඝං විහාරවත්ථු ඔලොකනං යාචති. යදි සඞ්ඝස්ස පත්තකල්ලං. සඞ්ඝො (බුද්ධරක්ඛිතඤ්ච ධම්මරක්ඛිතඤ්ච) භික්ඛු සම්මන්නෙය්‍ය (තිස්සස්ස) භික්ඛුනො විහාරවත්‍ථුං ඔලොකෙතුං. එසා ඤත්ති.
සුණාතු මෙ භන්තෙ! සඞ්ඝො, අයං (තිස්සො) භික්ඛු මහල්ලකං විහාරං කත්තුකාමො සස්සාමිකං අත්තුද්දෙසං. සො සඞ්ඝං විහාරවත්‍ථු විලොකනං යාචති. සඞ්ඝො (බුද්ධරක්ඛිතඤ්ච ධම්මරක්ඛිතඤ්ච) භික්ඛු සම්මන්නති (තිස්සස්ස) භික්ඛුනො විහාරවත්‍තුං ඔලොකෙතුං යස්සායස්මතො ඛමති (බුද්ධරක්ඛිතස්ස ච ධම්මරක්ඛිතස්ස ච) භික්ඛූනං සම්මුති (තිස්සස්ස) භික්ඛුනො විහාරවත්‍ථුං ඔලොකෙතුං සො තුණ්හස්ස. යස්ස නක්ඛමති. සො භාසෙය්‍ය.
සම්මතා සඞ්ඝෙන (බුද්ධරක්ඛිතො ච ධම්මරක්ඛිතො ච) භික්ඛු (තිස්සස්ස) භික්ඛුනො විහාරවත්‍ථුං ඔලොකෙතුං. ඛමති සඞ්ඝස්ස, තස්මා තුණ්හී. එවමෙතං ධාරයාමි.
විහාරවත්ථු දේශනය ඉල්ලීමේ වාක්‍යය.
අහං භන්තෙ! මහල්ලකං විහාරං කත්තුකාමො සස්සාමිකං අත්තුද්දෙසං, සො’හං භන්තෙ! සඞ්ඝං විහාරවත්ථු දෙසනං යාචාමි. දුතියම්පි -පෙ- තතියම්පි -පෙ-.
විහාරවත්ථු දේශන කර්ම වාක්‍යය.
සුණාතු මෙ භන්තෙ! සඞ්ඝො. අයං (තිස්සො) භික්ඛු මහල්ලකං විහාරං කත්තුකාමො සස්සාමිකං අත්තුද්දෙසං. සො සඞ්ඝං විහාරවත්ථු දෙසනං යාචති. යදි සඞ්ඝස්ස පත්තකල්ලං, සඞ්ඝො (තිස්සස්ස) භික්ඛුනො විහාරවත්‍ථුං දෙසෙය්‍ය. එසා ඤත්ති.
සුණාතු මෙ භන්තෙ! සඞ්ඝො, අයං (තිස්සො) භික්ඛු මහල්ලකං විහාරං කත්තුකාමො සස්සාමිකං අත්තුද්දෙසං. සො සඞ්ඝං විහාරවත්ථු දෙසනං යාචති. සඞ්ඝො (තිස්සස්ස) භික්ඛුනො විහාරවත්‍ථුං දෙසෙති. යස්සායස්මතො ඛමති (තිස්සස්ස) භික්ඛුනො විහාරවත්‍ථු දෙසනා, සො තුණ්හස්ස. යස්ස නක්ඛමති සො භාසෙය්‍ය.
දෙසිතං සඞ්ඝෙන (තිස්සස්ස) භික්ඛුනො විහාරවත්‍ථු. ඛමති සඞ්ඝස්ස තස්මා තුණ්හී. එවමෙතං ධාරයාමි.