තිථික පරිවාසය

බුදුසස්නෙහි පැවිද්ද හා උපසම්පදාව ලැබීමට නග්න තීර්ථකයෙකු පැමිණියහොත් ඔහු පැවිදි කොට සාර මසක් පිරිවෙස් දිය යුතු ය. ඔහු උපසම්පදා කළ යුත්තේ සාරමස පිරිවෙස් පුරා සම්පූර්ණ කළ පසුව ය. අන්‍යතීර්ථක පූර්වකයා විසින් සඞ්ඝයා වෙත එළඹ, සිවුර ඒකාංස කොට පොරවා භික්ෂූන්ගේ පා වැඳ, උක්කුටිකව හිඳ, වැඳ-ගෙන, මෙසේ පිරිවෙස් ඉල්ලිය යුතු ය.

අහං භන්තෙ! (තිස්සො) අඤ්ඤතිත්ථියපුබ්බො ඉමස්මිං ධම්මවිනයෙ ආකඞ්ඛාමි උපසම්පදං. සො’හං භන්තෙ! සඞ්ඝං චත්තාරො මාසෙ පරිවාසං යාචාමි. දුතියම්පි අහං භන්තෙ -පෙ- තතියම්පි අහං භන්තෙ -පෙ- පරිවාසං යාචාමි.

පිරිවෙස දෙන කර්ම වාක්‍යය.

සුණාතු මෙ භන්තෙ! සඞ්ඝො. අයං (තිස්සො) අඤ්ඤතිත්‍ථියපුබ්බො ඉමස්මං ධම්මවිනයෙ ආකඞ්ඛති උපසම්පදං. සො සඞ්ඝං චත්තාරො මාසෙ පරිවාසං යාචති. යදි සඞ්ඝස්ස පත්තකල්ලං. සඞ්ඝො (තිස්සස්ස) අඤ්ඤතිත්‍ථියපුබ්බස්ස චත්තාරො මාසෙ පරිවාසං දදෙය්‍ය, එසා ඤත්ති.

සුණාතු මෙ භන්තෙ! සඞ්ඝො, අයං (තිස්සො) අඤ්ඤතිත්‍ථිය පුබ්බො ඉමස්මිං ධම්මවිනයෙ ආකඞ්ඛති උපසම්පදං, සො සඞ්ඝං චත්තාරො මාසෙ පරිවාසං යාචති. සඞ්ඝො (තිස්සස්ස) අඤ්ඤතිත්‍ථිය පුබ්බස්ස චත්තාරො මාසෙ පරිවාසං දෙති. යස්සායස්මතො ඛමති (තිස්සස්ස) අඤ්ඤතිත්‍ථිය පුබ්බස්ස චත්තාරො මාසෙ පරිවාසස්ස දානං, සො තුණ්හස්ස. යස්ස නක්ඛමති සො භාසෙය්‍ය. දින්නො සඞ්ඝෙන (තිස්සස්ස) අඤ්ඤතිත්‍ථිය පුබ්බස්ස චත්තාරො මාසෙ පරිවාසො. ඛමති සඞ්ඝස්ස තස්මා තුණ්හී. එවමෙතං ධාරයාමි.

සාරමස පිරිවෙස් පුරා භික්ෂූන් සතුටු කළ පසු අන්‍යතීර්ථක පූර්වකයා උපසම්පදා කළ යුතු ය. විස්තර මහාඛන්ධකයෙන් දත යුතු ය.