සමහර අවස්ථාවලදී භික්ෂූන් මඳවීම නිසා කලින් පිරිවෙස්-මානත් ගත් භික්ෂූන් ම ඒවා දීමටත් සහභාගී කරවා ගන්නට සිදු වේ. එබඳු අවස්ථාවලදී පිරිවෙස හෝ මානත නික්ෂේප කොට මිස, සමාදන් වී සිට ගෙන ම තවත් භික්ෂුවකට පිරිවෙස හෝ මානත දීමට සහභාගී නො විය යුතු ය. පිරිවෙස්-මානත් සමාදන්ව වෙසෙන භික්ෂුව ද සඞ්ඝයාට ගණන් ගෙන, දෙන පිරිවෙස හෝ මානත සිද්ධියට නො පැමිණේ. එය අකර්මයක් වේ. අබ්භාන කර්මය කිරීමේදී ද එය එසේ ම ය.
පාරිවාසික චතුත්‍ථො වෙ භික්ඛවෙ! පරිවාසං දදෙය්‍ය. මූලාය පටිකස්සෙය්‍ය. මානත්තං දදෙය්‍ය. විසො අබ්භෙය්‍ය. අකම්මං න ච කරණීයං. මූලාය පටිකස්සනාරහ චතුත්‍ථො වෙ භික්ඛවෙ! පරිවාසං දදෙය්‍ය. මූලාය පටිකස්සෙය්‍ය, මානත්තං දදෙය්‍ය, විසො අබ්භෙය්‍ය, අකම්මං න ච කරණීයං. මානත්තාරහ චතුත්‍ථො වෙ භික්ඛවෙ! පරිවාසං දදෙය්‍ය, මූලාය පටිකස්සෙය්‍ය, මානත්තං දදෙය්‍ය, වීසො අබ්භෙය්‍ය, අක්මමං න ච කරණීයං. මානත්තචාරිකචතුත්‍ථො චෙ භික්ඛවෙ! පරිවාසං දදෙය්‍ය, මූලාය පටිකස්සෙය්‍ය, මානත්තං දදෙය්‍ය. වීසො අබ්භෙය්‍ය, අකම්මං න ච කරණීයං, අබ්භානාරහ චතුත්‍ථො චෙ භික්ඛවෙ! පරිවාසං දදෙය්‍ය, මූලාය පටිකස්සෙය්‍ය, මානත්තං දදෙය්‍ය, වීසො අබ්භෙය්‍ය. අකම්මං න ච කරණීයං.
මෙය මහාවග්ග පාළියේ චම්පෙය්‍ය ඛන්ධකයේ එන දේශනයකි.