සම්බුද්ධෙ අට්ඨවීසඤ්ච ද්වාදසඤ්ච සහස්සකෙ
පඤ්චසත සහස්සානි නමාමි සිරසාදරං
.
තෙසං ධම්මඤ්ච සංඝඤ්ච ආදරෙන නමාම්‍යහං
නමක්කාරානුභාවෙන සබ්බ භයා උපද්දවා
අනේකා අන්තරායා පි විනස්සන්තු අසේසතො
මෙහි පළමුවන ගාථාව අප බුදු රජාණන් වහන්සේ ගේ කායවාක් ප්‍රණිධාන කාලය වූ චතුර සංඛ්‍ය කල්ප ලක්ෂයෙහි ලොව පහළ වූ අටවිසි බුදුවරයන් වහන්සේට ද, වාක් ප්‍රණිධාන කාලය වූ නවාසංඛ්‍ය කල්ප ලක්ෂයෙහි හා මනෝ ප්‍රණිධාන කාලය වූ සත් අසංඛ්‍ය කල්ප ලක්ෂයෙහි ද, ලොව පහළ වී වදාළා වූ පන්ලක්ෂ දොළොස් දහසක් බුදුවරයන් වහන්සේට ද, ඒ බුදුවරුන් ගේ ධර්මයට ද, සංඝයාට ද නමස්කාර ගාථාවකි. මෙය ද, පළමු ගාථා වලට කී පරිදි සතියක් හෝ එක්විසි දිනක් සජ්ඣායනා කොට සිද්ධිය ලබා උදේ සවස භාවිත කිරීමට සුදුසු ය. මේ ගාථා දෙකින් ජප කොට රෝගීන්ට බෙහෙත් ද වළඳවති. (බුරුමයේ මන්ත්‍රකාරයන් නොයෙක් දෙයට මේ ගාථා යොදා ගෙන තිබේ.)