ප්‍ර‍ථම පාරාජිකාව

ප්‍ර‍ථම පාරාජිකා ශික්ෂා පදය පිළිබඳව කියන්නට ඇත්තේ අසන ඇතැමුන්ට පිළිකුලක් ඇති වන්නා වූ ද, ඇතැමකුට කාමය ඇවිස්සෙන්නා වූ ද අසභ්‍ය කථාවෙකි. එහෙත් මේවා මෙසේ නො වදාළ හොත් සිකපදය නො පැනවුව හොත් ඉක්මනින් ම බුදුසස්න කෙළවර වී බොහෝ දොනට නිවන් මඟ වැසී යන බැවින් මහාකාරුණික වූ තථාගතයන් වහන්සේ ලෝකානුකම්පාවෙන් මේ අසභ්‍ය කථාව වදාළ සේක. මේවා සිනාවට ලක් කර නො ගෙන බුද්ධ ගෞරවය ධර්ම ගෞරවය පෙරදැරි කරගෙන අසත්වා! කියවත්වා! මෙය සමහර විට කතුන් විසින් පවා කියවිය හැකි බැවින් වඩා අසභ්‍ය කරුණු සිංහලෙන් නො කියා ඒවා පිළිබඳ පාළිපාඨ පමණක් මෙහි දක්වනු ලැබේ.

“යො පන භික්ඛූ භික්ඛුනං සික්ඛාසාජීව සමාපන්නො සික්ඛං අපච්චක්ඛාය දුබ්බල්‍යං අනාවිකත්වා මෙථුනං ධම්මං පතිසෙවෙය්‍ය අන්තමසො තිරච්ඡානගතායපි, පාරාජිකො හොති අසංවාසො.”[1]

යම් මහණෙක් විනයානුකූලව උපසම්පදාව ප්‍ර‍තික්ෂේප නොකොට උපසම්පදාවෙන් නො මිදී උපසම්පන්නයකු වශයෙන් සිටිමින් යටත් පිරිසෙයින් තිරිසන් මාගමක් සමඟ වුව ද මෛථුන සේවනයේ යෙදුණේ නම් ඒ මහණ පාරාජිකා වේ. සිල්වත් භික්ෂූන් හා සංවාසයට නුසුදුසු වේ.

පාරාජිකා වීම යනු බුදුසස්නෙහි පරාජයට පත්වීමය. පාරාජිකා වූවහුට බුදුසස්නෙහි නැවත උපසම්පදාව නො ලැබිය හැකිය. ඔහු කලක් ගිහිව සිට නැවත පැවිදි වී උපසම්පදා වුව ද ඔහුට ‘උපසම්පදාව නො පිහිටයි. ඔහු අනුපසම්පන්නයෙක් ම ය. ආනන්තර්‍ය්‍යකර්මවලින් හැර මෛථුන සේවනාදි වරදවලින් පාරාජිකාවූවන්ට එය ස්වර්ගමෝක්ෂයන්ට බාධාවක් නො වේ. ඔවුනට සාමණේරයන් වශයෙන් හෝ ගිහියන් වශයෙන් හෝ සිට පිළිවෙත් පුරා ස්වර්ගසම්පත්තිය ලැබිය හැකි ය. මඟපල ලබා නිවන් දැකිය හැකිය. පාරාජිකාවීමෙන් පසු භික්ෂුවක් වශයෙන් පෙනී සිටීම ඉමහත් වරදෙකි. එසේ කරන්නවුන්ට මඟපල නො ලැබිය හැකිය.

උපසම්පදාව ප්‍ර‍තික්ෂේප කොට අනුසම්පන්න වීමේ ක්‍ර‍ම රාශියක් විනයයෙහි දක්වා ඇත. අනුපසම්පන්න වීම ඉතා පහසුය. එය, ස්ත්‍රියකට ආරෝචනය කිරීමෙනුදු සිදු කර ගත හැකිය. රාගයෙන් තෙත්ව මත්ව මෛථුන සේවනයට සූදානම් වන භික්ෂුව “මම උපසම්පදාව ප්‍ර‍තික්ෂේප කරමිය. මෙතැන් පටන් මා අනුපසම්පන්නයකු ලෙස සැලකිය යුතුය” යි ඒ ස්ත්‍රියට කියුව හොත් එයින් ම උපසම්පදා ප්‍ර‍තික්ෂේපය සිද්ධ වේ. එසේ කොට මෙවුන්දම් සෙවුනා මහණ පාරාජිකා නො වේ. වුවමනා නම් නැවත ඔහුට උපසම්පදාව ලැබිය හැකි ය.

මනුෂ්‍ය ස්ත්‍රිය, අමනුෂ්‍ය ස්ත්‍රිය, තිරශ්චීන ස්ත්‍රිය යි ස්ත්‍රීහු තිදෙනෙකි. මනුෂ්‍ය උභතෝබ්‍යඤ්ජනකය අමනුෂ්‍ය උබතෝබ්‍යඤ්ජනකය, තිරශ්චීන උභතෝබ්‍යඤ්ජනකය යි උභතෝබ්‍යඤ්ජනකයෝ තිදෙනෙකි. මනුෂ්‍යපණ්ඩකය, අමනුෂ්‍යපණ්ඩකය, තිරශ්චීනපණ්ඩකය යි පණ්ඩකයෝ තිදෙනෙකි. මනුෂ්‍ය පුරුෂය, අමනුෂ්‍ය පුරුෂය, තිරශ්චීන පුරුෂය යි පුරුෂයෝ තිදෙනෙකි. මේ පුද්ගලයෝ දොළොස් දෙන මෛථුන පාරාජිකාවට වස්තු වෙති. වර්චස්මාර්ගය, මුත්‍ර‍මාර්ගය, මුඛමාර්ගය යි මෛථුනයට මාර්ග තුනෙකි. භික්ෂුවක් මෛථුන සේවනය කිරීමේ අදහසින් කියන ලද මාර්ග තුනෙන් කවරක හෝ පියවි සුළඟ නො වදනා තෙත් ගතිය ඇති කොටසට තමාගේ පුරුෂ නිමිත්ත තලැටක් පමණ වුව ද ඇතුළු කෙළේ නම් පාරාජිකා වේ. සේවනය කරන සිතය, මාර්ගය මාර්ගයට ඇතුළු කිරීමය කියා මේ සික පදයේ අංග දෙකකි.

“සාණත්තික සිකපදය, අනාණත්තික සිකපදය යි සිකපද දෙකොටසකි. මේ අනාණත්තික සිකපදයෙකි. තමා ම මෙවුන්දම් සෙවුමෙහි යෙදුණ හොත් මිස, අන්‍යයන් මෙවුන්දම්හි යෙදවීමෙන් පරිජි නො වේ. අන්‍ය්‍යන්ගේ පෙළඹවීමකින් හෝ බල කිරීමකින් හෝ මෙවුන්දම් සේවනය කළද භික්ෂුව පාරාජිකා වේ. මෛථුන සේවනය පිළිබඳ නොයෙක් විකාර අදහස් ඇත්තෝ ද මනුෂ්‍යයන් අතර වෙති. ඔවුහු තමන්ගේ අදහස් අනුව නොයෙක් අයථා ක්‍ර‍මවලින් ද මෛථුන සේවනයේ යෙදෙති. මේ මෛථුන පාරාජිකා කථාව සම්පූර්ණ වන්නේ ඒවා ද දැක්වීමෙනි. අසභ්‍ය බැවින් ඒවා ගැන ඇති පාළිපාඨ පමණක් මෙහි දක්වනු ලැබේ.

“භික්ඛුපච්චත්ථිකා මනුස්සිත්ථිං භික්ඛුස්ස සන්තිකෙ ආනෙත්වා වච්චමග්ගෙන අංගජාතං අභිනිසීදෙන්ති, සො වෙ පවෙසනං සාදියති, පවිට්ඨං සාදියති, ඨිතං සාදියති, උද්ධරණං සාදියති, ආපත්ති පාරාජිකස්ස.

සො වෙ පවෙසනං න සාදියති, පවිට්ඨං න සාදියති, ඨිතං න සාදියති, උද්ධරණං න සාදියති, අනාපත්ති.”[2]

“තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො පිණ්ඩචාරිකො භික්ඛු පීඨකෙ නිසින්නං දාරිකං පස්සිත්වා සාරත්තො අංගුට්ඨං අංගජාතං පවෙසෙසි. සා කාලමකාසි. තස්ස කුක්කුච්චං අහොසි, භගවතා සික්ඛාපදං පඤ්ඤත්තං, කච්චි නු ඛො අහං පාරාජිකං ආපත්තිං ආපන්නොති. භගවතො එතමත්ථං ආරොචෙසි. භගවා එතදවොච, අනාපත්ති භික්ඛු පාරාජිකස්ස. ආපත්ති සංඝාදිසෙසස්සාති.[3]

“තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු මුදුපිට්ඨිකො හොති. සො අනභිරතියා පීළිතො අත්තනො අංගජාතං මුඛෙන අග්ගහෙසි. තස්ස කුක්කුච්චං අහොසි, භගවතා සික්ඛාපදං පඤ්ඤත්තං කච්චි නු ඛො අහං පාරාජිකං ආපත්තිං ආපන්නොති. භගවතො එතමත්ථං ආරොචෙසි. භගවා එතදවොච, ආපත්ති ත්වං භික්ඛු ආපන්නො පාරාජිකන්ති.”[4]

“තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු ලම්බි හොති. සො අනභිරතියා පීළිතො අත්තනො අංගජාතං අත්තනො වච්චමග්ගං පවෙසෙසි. තස්ස කුක්කුච්චං අහොසි -පෙ- ආපත්ති ත්වං භික්ඛු ආපන්නො පාරාජිකන්ති.”[5]

තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු ඉත්ථියා මෙථුනං ධම්මං පතිසෙවිස්සාමීති ඡුපිතමත්තෙ විප්පටිසාරි අහොසි. තස්ස කුක්කුච්චං අහොසි. -පෙ- අනාපත්ති භික්ඛු පාරාජිකස්ස ආපත්ති සංඝාදිසෙසස්ස.[6]

තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු සාවත්ථියං අන්ධවනෙ දිවාවිහාරගතො නිපන්නො හොති. අඤ්ඤතරා ගොපාලිකා පස්සිත්වා අංගජාතෙ අභිනිසීදි. සො භික්ඛු පවෙසනං සාදියි. පවිට්ඨං සාදියි. ඨිතං සාදියි. උද්ධරණං සාදියි. තස්ස කුක්කුච්චං අහොසි. -පෙ- ආපත්තිං ත්වං භික්ඛු ආපන්නො පාරාජිකන්ති.[7]

තෙන ඛො පන සමයෙන රාජගහෙ සුපබ්බා නාම උපාසිකා මුද්ධප්පසන්නා හොති. සා එවං දිට්ඨිකා හොති, යා මෙථුනං ධම්මං දෙති සා අග්ගදානං දෙතීති. සා භික්ඛුං පස්සිත්වා එතදවොච, එහි භන්තෙ මෙථුනං ධම්මං පතිසෙවාහීති. අලං භගිනි නෙතං කප්පතීති. එහි භන්තෙ ඌරන්තරිකාය ඝට්ටෙහි, එවං තෙ අනාපත්ති භවිස්සතීති. සො තථා අකාසි. තස්ස කුක්කුච්චං අහොසි. අනාපත්ති භික්ඛු පාරාජිකස්ස ආපත්ති සංඝාදිසෙසස්සාති.[8]

මේ සිකපදය ගැන වැඩිදුරට කරුණු දැන ගැනීම පිණිස මේ පාඨ පාරාජිකාපාළියෙන් උපුටා යොදන ලදී.

  1. පාරා - 24 පි.

  2. පාරා - 31 පි.

  3. පාරා - 38 පි.

  4. පාරා - 39 පි.

  5. පාරා - 39 පි.

  6. පාරා - 41 පි.

  7. පාරා - 41 පි.

  8. පාරා - 43 පි.