ඇවැත්නි, අනතුරුව මේ (හික්මියයුතු) සේඛියා සිකපද30 උදෙසනු ලැබේ.
- හාත්පසින් වටකොට අඳනය අඳිමි’යි හික්මිය යුතුය.
- හාත්පසින් වටකොට සිවුර පොරවමි’යි හික්මිය යුතුය.
- සුපිළිසන්ව ඇතුල් ගමෙහි යමි’යි හික්මිය යුතුය.
- සුපිළිසන්ව ඇතුල් ගමෙහි හිඳිමි’යි හික්මිය යුතුය.
- සංවර ඇතිව ඇතුල් ගමෙහි යමි’යි හික්මිය යුතුය.
- සංවර ඇතිව ඇතුල් ගමෙහි හිඳිමි’යි හික්මිය යුතුය.
- පහත හෙලූ ඇස් ඇතිව ඇතුල් ගමෙහි යමි’යි හික්මිය යුතුය.
- පහත හෙලූ ඇස් ඇතිව ඇතුල් ගමෙහි හිඳිමි’යි හික්මිය යුතුය.
- කැසපට ගන්වා ඇතුල් ගමෙහි නොයමි’යි හික්මිය යුතුය.
- කැසපට ගන්වා ඇතුල් ගමෙහි නොහිඳිමි’යි හික්මිය යුතුය.
පළමුවැනි පරිමණ්ඩල වගයි.
- මහ හඬින් සිනාසෙමින් ඇතුල්ගමෙහි නො යෙමි’යි හික්මිය යුතුය.
- මහ හඬින් සිනාසෙමින් ඇතුල්ගමෙහි නො හිඳිමි’යි හික්මිය යුතුය.
- ශබ්ද නො කොට ඇතුල් ගමෙහි යමි’යි හික්මිය යුතුය.
- ශබ්ද නො කොට ඇතුල් ගමෙහි හිඳිමි’යි හික්මිය යුතුය.
- කය සොලවමින් ඇතුල් ගමෙහි නො යමි’යි හික්මිය යුතුය.
- කය සොලවමින් ඇතුල් ගමෙහි නො හිඳිමි’යි හික්මිය යුතුය.
- අත් සොලවමින් ඇතුල් ගමෙහි නො යමි’යි හික්මිය යුතුය.
- අත් සොලවමින් ඇතුල් ගමෙහි නො හිඳිමි’යි හික්මිය යුතුය.
- හිස සොලවමින් ඇතුල් ගමෙහි නො යමි’යි හික්මිය යුතුය.
දෙවැනි උජ්ජග්ඝික වගයි.
- උකුලෙහි අත තබා ඇතුල් ගමෙහි නො යමි’යි හික්මිය යුතුය.
- උකුලෙහි අත තබා ඇතුල් ගමෙහි නො හිඳිමි’යි හික්මිය යුතුය.
- හිස වැසුම් ඇතිව ඇතුල් ගමෙහි නො යමි’යි හික්මිය යුතුය.
- හිස වැසුම් ඇතිව ඇතුල් ගමෙහි නො හිඳිමි’යි හික්මිය යුතුය.
- විළුඹ හෝ ඇඟිලි බිම අනිමින් ඇතුල් ගමෙහි නො යමි’යි හික්මිය යුතුය.
- අතින් හෝ වස්ත්‍රයකින් දනහිස් බැඳගෙන ඇතුල් ගමෙහි නො හිඳිමි’යි හික්මිය යුතුයි.
- සිහි ඇතිව පිඬු පිළිගනිමි’යි හික්මිය යුතුයි.
- පාත්‍රය යන හැඟීම ඇතිව පිඬු පිළිගනිමි’යි හික්මිය යුතුයි.
- බතින් සතරෙන් කොටසක් ව්‍යඤ්ජන ඇතිව පිඬු පිළිගනිමි’යි හික්මිය යුතුයි.
- පාත්‍රයේ ඇතුල් මුවවිට හා සමව පිඬු පිළිගනිමි’යි හික්මිය යුතුයි.
තෙවැනි බම්භකත වගයි.
- සිහි ඇතිව පිඬු වළඳමි’යි හික්මිය යුතුයි.
- පාත්‍රය යන හැඟීම ඇතිව පිඬු වළඳමි’යි හික්මිය යුතුයි.
- පාත්‍රයෙහි තම පැත්තෙන් පටන් ගෙන පිඬු වළඳමි’යි හික්මිය යුතුයි.
- බතට සුදුසු ව්‍යඤ්ජන සහිතව පිඬු වළඳමි’යි හික්මිය යුතුයි.
- බතේ මුදුනෙන් අනා පිඬු නො වළඳමි’යි හික්මිය යුතුයි.
- බොහෝ ලබාගනු කැමතිව සූපයක් හෝ ව්‍යඤ්ජනයක් බතින් නො වසමි’යි හික්මිය යුතුයි.
- නො ගිලන්ව සූපයක් හෝ බතක් හෝ තමන් සඳහා ඉල්ලාගෙන නො වළඳමි’යි හික්මිය යුතුයි.
- ගරහනු කැමතිව අනුන්ගේ පාත්‍රය දෙස නො බලමි’යි හික්මිය යුතුයි.
- ඉතා මහත් බත් පිඬු නො කරමි’යි හික්මිය යුතුයි.
- හාත්පසින් ගුලිකොට බත් පිඬුකරමි’යි හික්මිය යුතුයි.
සිව්වැනි සක්කච්ච වගයි.
- බත් පිඬ මුවට නො ළං වනතුරු මුව නාරිමි’යි හික්මිය යුතුයි.
- වළඳන අතර සියලු අත මුඛයෙහි නො හෙළමි’යි හික්මිය යුතුයි.
- මුවතුළ ආහාර ඇතිව කථා නො කරමි’යි හික්මිය යුතුයි.
- බත්පිඬු මුවතුළට විසිකරමින් නො වළඳමි’යි හික්මිය යුතුයි.
- බත්පිඬු කඩ කඩා අනුභව නො කරමි’යි හික්මිය යුතුයි.
- (වඳුරන් මෙන්) හක්කෙහි බත්පුරවා නො වළඳමි’යි හික්මිය යුතුයි.
- අත ගසා දමමින් නො වළඳමි’යි හික්මිය යුතුයි.
- බත්හුළු විසුරුවමින් නො වළඳමි’යි හික්මිය යුතුයි.
- (තොලෙන් පිටතට) දිව නෙරවමින් නො වළඳමි’යි හික්මිය යුතුයි.
- චපු චපු යන ශබ්ද ඇති වන සේ නො වළඳමි’යි හික්මිය යුතුයි.
පස්වැනි කබල වගයි.
- සුරු, සුරු යන ශබ්ද ඇති වන සේ නො වළඳමි’යි හික්මිය යුතුයි.
- අත ලෙවකමින් නො වළඳමි’යි හික්මිය යුතුයි.
- පාත්‍රය ලෙවකමින් නො වළඳමි’යි හික්මිය යුතුයි.
- දිවෙන් තොල් ලෙවකමින් නො වළඳමි’යි හික්මිය යුතුයි.
- ඉඳුල් සහිත අතින් පැන් භාජනය නො පිළිගනිමි’යි හික්මිය යුතුයි.
- බත්හුළු සහිත පාත්‍රය සේදූ ජලය ඇතුල් ගමෙහි හෝ ඇතුල් ගෙයි නො දමමි’යි හික්මිය යුතුයි.
- කුඩයක් දරා සිටි නො ගිලන් කෙනකුට දහම් නො දෙසමි’යි හික්මිය යුතුයි.
- සැරයටියක් ගත් නො ගිලන් කෙනකුට දහම් නො දෙසමි’යි හික්මිය යුතුයි.
- ශස්ත්‍රයක් ගත් නො ගිලන් කෙනකුට දහම් නො දෙසමි’යි හික්මිය යුතුයි.
- ආයුධයක් ගත් නො ගිලන් කෙනකුට දහම් නො දෙසමි’යි හික්මිය යුතුයි.
සවැනි සුරු සුරු වගයි.
- ලී සෙරෙප්පු පයලූ නො ගිලන් කෙනකුට දහම් නො දෙසමි’යි හික්මිය යුතුයි.
- වහන් පයලූ නො ගිලන් කෙනකුට දහම් නො දෙසමි’යි හික්මිය යුතුයි.
- රථයකට නැගුනා වූ නො ගිලන් කෙනකුට දහම් නො දෙසමි’යි හික්මිය යුතුයි.
- ඇඳක නිදන නො ගිලන්න කෙනකුට දහම් නො දෙසමි’යි හික්මිය යුතුයි.
- අතින් හෝ වස්ත්‍රයකින් දෙදන බැඳ සිටින නො ගිලන් කෙනකුට දහම් නො දෙසමි’යි හික්මිය යුතුයි.
- හිස් වෙළුම් සහිත නො ගිලන් කෙනකුට දහම් නො දෙසමි’යි හික්මිය යුතුයි.
- හිසවසා පෙරවි නො ගිලන් කෙනකුට දහම් නො දෙසමි’යි හික්මිය යුතුයි.
- තමා බිම හිඳ අසුනක සිටි නො ගිලන් කෙනකුට දහම් නො දෙසමි’යි හික්මිය යුතුයි.
- තමා පහත් අසුනක හිඳ උස් අසුනක හුන්නාවූ නො ගිලන් කෙනකුට දහම් නො දෙසමි’යි හික්මිය යුතුයි.
- තමා සිටියේ හුන්නාවූ නො ගිලන් කෙනකුට දහම් නො දෙසමි’යි හික්මිය යුතුයි.
- තමා පසුපස යමින් ඉදිරියෙහි යන්නාවූ නො ගිලන් කෙනකුට දහම් නො දෙසමි’යි හික්මිය යුතුයි.
- තමා නො මගින් යමින් නියම මගින් යන නො ගිලන් කෙනකුට දහම් නො දෙසමි’යි හික්මිය යුතුයි.
- තමා නො ගිලන්ව, සිටගෙන මලමුත්‍ර නො කරමි’යි හික්මිය යුතුයි.
- නො ගිලන්ව නිල්තණ බිමක මලමුත්‍ර නො කරමි’යි කෙළ නො ගසමි’යි හික්මිය යුතුයි.
- නො ගිලන්ව ජලයේ මලමුත්‍ර නො කරමි’යි කෙළ නො ගසමි’යි හික්මිය යුතුයි.
සත්වැනි පාදුකා වගයි.
ඇවැත්නි, මේ සේඛියා ඇවැත් උදෙසන ලදී. මෙහි ලා ඔබ අතින් විචාරමි. කෙසේද පිරිසුදු ද? දෙවැනි වර ද විචාරමි. කෙසේද පිරිසුදු ද? තෙවැනි වර ද විචාරමි. කෙසේද පිරිසුදු ද? මේ පන්සැත්තෑ සේඛියා ඇවැත්හි ලා ආයුෂ්මත්හු පිරිසුදු වූවහුය. නිශ්ශබ්දවීම පිරිසුදුබව කොට සලකම් ද, එහෙයිනි.
සේඛියා සිකපද නිමියේය.