සප්ත අධිකරණ සමථ ධර්‍ම

ඇවැත්නි, අනතුරුව මේ සප්ත අධිකරණ සමථ ධර්‍ම උදෙසනු ලැබේ.

උපන් උපන් අධිකරණයන්ගේ සංසිඳීම පිණිස ව්‍යපසමනය කරනු පිණිස i. සම්මුඛ විනය,31 ii. සතිවිනය32 හා iii. අමූළ්හ විනය33 දිය යුතුය. iv. ප්‍ර‍තිඥා34 v. යෙභුය්‍යසිකා35 vi. තස්ස පාපිය්‍යසිකා36 හා vii. තිණවත්ථාරක37 යන විනය දඬුවම් වලින් සමථය කටයුත්තේය.

ඇවැත්නි, මේ සප්තවිධ අධිකරණ සමථ ධර්‍මයෝ උදෙසන ලදහ. එහි ලා ඔබ අතින් විචාරමි. කෙසේද පිරිසුදු ද? දෙවැනි වර ද විචාරමි. කෙසේද පිරිසුදු ද? තෙවැනි වර ද විචාරමි. කෙසේද පිරිසුදු ද? මේ සත් අධිකරණ සමථ ධර්‍මයන්හි ලා ආයුෂ්මත්හු පිරිසුදු වූවහුය. නිශ්ශබ්දවීම පිරිසුදු බව කොට සලකම්ද, එහෙයිනි.

අධිකරණ සමථ නිමියේය.

ඇවැත්නි, නිදානය උදෙසන ලදී. එසේ ම සිව්පරිජි ඇවැත්, තෙළෙස් සඟවෙසෙස් ඇවැත්, දෙවැදෑරුම් අනියත ඇවැත්, තිස් නිසඟිපචිති ඇවැත්, දෙයානූවක් පචිති ඇවැත්, සතර පාටිදේසනීය ඇවැත්, පන්සැත්තෑවක් හික්මිය යුතු වත්, හා ශප්තවිධ අධිකරණ සමථ ධර්‍ම ද උදෙසන ලදි. මෙතෙක් භික්ෂු ප්‍රාතිමෝක්ෂයෙහි ආවාවූ එහි ඇතුළත් වූ භාග්‍යවතුන් වහන්සේගේ සිකපද අඩමසක් පාසා උදෙසිය යුතු බවට පැමිණේ. සමගි වූද සතුටු වූද විවාද නො කරන්නා වූද, සියල්ලන් විසින් ඒ ඒ සිකපදයෙහි ලා හික්මිය යුතුයි.

පස්වැනි විස්තර උද්දේසයයි.

භික්ෂු ප්‍රාතිමෝක්ෂය නිමියේය.