සවැනි සුරාපාන වග
- රහමෙර පීමෙහි පචිති වේ.
- ඇඟිලිවලින් කිති කැවීමෙහි පචිති වේ.
- දිය කෙළියෙහි පචිති වේ.
- ශික්ෂාවන්ට හෝ අවවාද කළවුන්ට ගැරහීමෙහි පචිති වේ.
- යම් භික්ෂුවක් වෙනත් භික්ෂුවක බියගන්වා නම් පචිති වේ.
- නො ගිලන් භික්ෂුවක් ගිනිතපිනු කැමතිව පහන් දැල්වීමාදී හේතුවක් නැතිව ගිනි දල්වාද, අනිකකු ලවා දල්වාද පචිති වේ.
- යම් භික්ෂුවක් ස්නාන කාලය හැර අඩමසක් ඇතුළත නහා නම් පචිති වේ. ග්‍රීෂ්ම සෘතුවේ අන්තිම මාස එකහමාර හා වස්සාන සෘතුවේ පළමුවැනි මාසය වශයෙන් පැවති දෙමස් පසළොස් දවස ද, දාහගතිය ඇති කාලය, ගිලන් කාලය, දිග් මගකට යායුතු කාලය හා දූවිලි සහිත වාතය ඇති කාලය ද ස්නානය කළයුතු කාලයෝයි.
- අළුත් සිවුරක් ලැබූ භික්ෂුව විසින් එය දුර්වර්ණ කිරීම පිණිස නිල්පාට හෝ මඩපාට හෝ කළුපාට හෝ ගත යුතුය. මේ වර්ණ ත්‍රයෙන් එක ද වර්ණයක් නොගන්වා අළුත් සිවුරක් පරිභෝග කරන භික්ෂුවට පචිති වේ.
- යම් භික්ෂුවක් භික්ෂු, භික්ෂුණී, සික්ඛමානා, සාමණේර, සාමණේරීන්ට තමා ම සිවුරක් පවරා පසුව ඒ පැවරීම අවලංගු නොකොට පරිභෝග කෙරේ නම් පචිති වේ.
- යම් භික්ෂුවක් වෙනත් භික්ෂුවකගේ පාත්‍රයක්, සිවුරක්, නිසීදනයක්, ඉඳිකටු ගුලාවක් හෝ පටියක් යටත් පිරිසෙයින් සිනා පිණිස වුවද සඟවා නම් අනිකකු ලවා හෝ සඟවා නම් පචිති වේ.ෙ
සවැනි සුරාපාන වගයි.