දෙවැනි භුතගාම වග

  1. වැඩෙන ගහ කොල සිඳීමෙන් විනාශ කිරීමෙන් පචිති වේ.
  2. සංඝයා අතර විචාළ දෙය හැර අනිකක් කීමෙහි ද, නිශ්ශබ්දව හිඳීමෙන් සංඝයා වෙහෙස කරවීමෙහි ද පචිති වේ.
  3. ගැරහීමෙහි, අගුණ කීමෙහි පචිති වේ.
  4. යම් භික්ෂුවක් එලිමහන් තැනක තැබූ ඇඳ, පුටු, බිසි ආදි සඟසතු බඩු නිසිපරිදි තැන්පත් නොකර අනිකකු ලවා හෝ තැන්පත් නො කරවා ආරාමිකයකුට ද නො දන්වා බැහැර ගියේ ද පචිති වේ.
  5. යම් භික්ෂුවක් සඟසතු අරමක සයනයක් අතුරා හෝ අතුරවා සිට (නැවත යනු කැමැතිව) එය නො හකුලා නම් අනිකකු ලවා හෝ නොහකුළුවා නම් පචිති වේ.
  6. යම් භික්ෂුවක් සඟසතු අරමකට ගියේ එහි තමාට පළමුව පැමිණි භික්ෂුවකගේ මහළු බව ගිලන් බව ආදි දුර්වල බව දැන දැනත්, මෙයින් මොහුට කරදර වෙයි, ඉවත්ව යන්නේ යයි සලකමින් ඔහු හා ගැටේ ද තල්ලුකර දමා ද එබඳු ගිලන් බවකින් තොරව සයනය පැහැර ගත් ඕහට පචිති වේ.
  7. යම් භික්ෂුවක් කිපියේ නො සතුටු සිත් ඇත්තේ වෙනත් භික්ෂුවක සඟසතු අරමකින් බැහැර කරා ද කරවා ද පචිති වේ.
  8. යම් භික්ෂුවක් සඟසතු අරක මතුමහල්තලයෙහි (යන්තමට) විට්ටමකට සවිකළ පා ඇති ඇඳක හෝ පුටුවක පරීක්ෂාවක් නැතිව නිදාගනී නම් හෝ හිඳගනී නම් ඕහට පචිති වේ.
  9. ලොකු අරමක් කරවන භික්ෂුව විසින් උළුවස්ස ශක්තිමත්වීම සඳහාත්, ආලෝක සිදුරු වැසීයාම සඳහාත් (නැවත නැවත මැටි) ආලේප කළයුතු වේ. වහළ ද තණකැරලි එක පිට එක සිටින පරිදි දෙතුන්වරක් සෙවිලිකළ යුතුය. තණ ගැට නැති බිමක පිහිටා එය විධාන කළයුතු වේ. දෙතුන් වරකට වඩා මැටි ගැසීම, වහළ සෙවිලි කිරීම හෝ තණ ගැට නැති බිමක සිට විධානය කළ ද එම භික්ෂුවට පචිති වේ.
  10. යම් භික්ෂුවක් දැන දැන ප්‍රාණීන් සහිත ජලය තණ හා මැටි මතුයෙහි ඉසී ද අනුන් ලවා හෝ ඉස්වා ද පචිති වේ.

දෙවැනි භුතගාම වගයි.