පළමුවැනි මුසාවාද වග

ඇවැත්නි, අනතුරුව මේ දෙයානූවක් පචිති21 ඇවැත් උදෙසනු ලැබේ.

  1. දැන දැන බොරුකීමෙහි පචිති වේ.
  2. ජාතිය, කුලය ආදිය ගටා බිණීමෙහි පචිති වේ.
  3. භික්ෂූන් අතර සමගිය බිඳෙන අයුරු කේලාම් කීමෙහි පචිති වේ.
  4. යම් භික්ෂුවක් අනුසම්පන්නයකු හා පාලිධර්මය පදයෙන් පදය උසුරුවා ද පචිති වේ.
  5. යම් භික්ෂුවක් අනුපසම්පන්නයකු හා දෙතුන් රැයකට වඩා එක සෙනසුනක වෙසේ ද පචිති වේ.
  6. යම් භික්ෂුවක් ස්ත්‍රියක සමග එක සෙනස්නක වෙසේ නම් පචිති වේ.
  7. යම් භික්ෂුවක් නුවණැති මිනිසකු නැතිව හුදකලාව සිටි ස්ත්‍රියකට වචන හතර පහකට වඩා බණ කියා නම් පචිති වේ.
  8. යම් භික්ෂුවක් අනුපසම්පන්නයකුට තමා කෙරෙහි වූ උතුරු මිනිස් දම් කියා ද පචිති වේ.
  9. යම් භික්ෂුවක් වෙනත් භික්ෂුවක් පිළිබඳ වූ සඟවෙසෙස් ඇවතක් සංඝයාගේ නියමයක් නැතිව අනුපසම්පන්නයකුට කියා නම් පචිති වේ.
  10. යම් භික්ෂුවක් නො කැප පොළොව සාරා ද අනිකකු ලවා හෝ සාරවා ද පචිති වේ.

පළමුවැනි මුසාවාද වගයි.