2. දේශක භික්ෂුවගේ පිළිවදන් දීම

ආම උද්දිසිස්සාමහං ආවුසො. (මෙසේ කියා ඇරයුම පිළිගෙන මතු එන වාක්‍යය කියා විනය පුච්ඡක සම්මුතිය ලබා ගත යුතුය.)

විනය පුච්ඡක සම්මුතිය.

සුණාතු මෙ භන්තෙ! සංඝො යදි සංඝස්ස පත්තකල්ලං, අහං ආයස්මන්තං (දත්තං) විනයං පුච්ඡෙය්‍යං.

ආරාධනය කළ භික්ෂුව මතු එන වාක්‍යය කියා විස්සජ්ජක සම්මුතිය ලබාගත යුතුය.

විස්සජ්ජක සම්මුතිය.

සුණාතු මෙ භන්තෙ! සංඝො, යදි සංඝස්ස පත්තකල්ලං, අහං ආයස්මතා (තිස්සෙන) විනයං පුට්ඨො විස්සජ්ජෙය්‍යං.