ආශ්‍රවක්ෂය ඥානය.
“පුන ච පරං සාරිපුත්ත, තථාගතො ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙ ව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරති. යම්පි සාරිපුත්ත තථාගතො ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙව ධම්මේ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරති, ඉදම්පි සාරිපුත්ත තථාගතස්ස තථාගතබලං හොති, යං බලං ආගම්ම තථාගතො ආසභං ඨානං පටිජානාති පරිසාසු සීහනාදං නදති බ්‍රහ්මචක්කං පවත්තෙති.”
(මහාසීහනාද සුත්ත)
තථාගතයන් වහන්සේ කාමාදි ආශ්‍රවයන් ක්ෂය වීමෙන් ආශ්‍රව රහිත වූ අර්හත්ඵලසමාධිය අර්හත්ඵල සම්ප්‍රයුක්ත ප්‍රඥාව වර්තමාන ආත්මභාවයේ ම අධික වූ ප්‍රඥාවෙන් තමන් වහන්සේ ම ප්‍රත්‍යක්ෂ කර ගෙන සම්පාදනය කරගෙන වාසය කරන්නාහ. එය තථාගතයන් වහන්සේගේ තථාගත බලයක් ය යන බව ඉහත දැක්වූ පාඨයෙන් ශාරිපුත්‍රස්ථවිරයන් වහන්සේට වදාළ සේක.
දශබලඥාන සංග්‍රහ ගාථා
ඨානාඨානෙ විපාකෙ ච - මග්ගෙ සබ්බත්ථ ගාමිනා,
නානාධාතුම්හි ලොකස්මිං - අධිමුත්තිම්හි පාණිනං,
පරොපරියත්තේ ඤාණං - ඉන්ද්‍රියානඤ්ච ජන්තුනං,
ඣනාදීසු ඤාණං පුබ්බෙ - නිවාසෙ දිබ්බචක්ඛු ච,
ආසවක්ඛයඤාණන්ති - දසඤාණබලං මතං
(සාසනසම්පත්ති දීපනී)