71. රිදී පර්වතයේ කථාව

හෙළදිව එක් ගෘහපතියෙක් ඉදුනු කොස් ගෙඩියක් ලැබී කාලඝෝෂණය කෙළේය. කඳුරට වැසි රහත් සත්නමක් ඒ ශබ්දය අසා එහි අවුත් කොස් මදුලු පිළිගෙන එයින් සයනමක් එක්මගකින් ගියහ. මලයගිරි වැසි තෙරනම එක් ලෙණක වාසය කරයි. ඒ තෙරනම උපාසකයා අමතා “මෙයින් කොටසක් මටත් ලැබිය යුතුයයි ඒ තෙරවරුන්ට කියව”යි කියා ඔහු ඒ තෙරවරුන් වෙත යැවීය. ඒ තෙරවරු ඔහු ලවා එහි තිබුණු ඇත්ලඩ ද කසල ද ඉවත දම්මවා මදුලුවලින් කොටසක් දුන්හ. හෙතෙම ඒ කොටස ගෙනවුත් මලයගිරිවාසී තෙරුන්ට දුණි. තෙරනම ඒ උපාසකයාට “මෙ මඟින් යව”යි කීය. හෙතෙම ඒ මගින් යන්නේ විශාල වූ රිදී ගොඩක් දැක ඒ බව දුටුගැමුණු රජුට දැන්වීය. රජ තෙමේ ගැල් පන්සියයකින් ඒ රිදී ගෙන්වා මහසෑය සාදන විට රිදී තහඩුවක්

රිදී මහසෑයේ අත්තිවාරමට දැමීය. ඒ උපාසකයාට ද රන්අබරණ ආදිය දී උසස් තනතුරක් දුණි. හෙතෙම මහාඅධිපතියෙක් විය.*[1]

  1. මේ කථාවේ පාලිය ව්‍යාකූලයි. අදහස ගෙන මේ අනුවාදය දෙන ලදි.