තවත් අපරිහානිය ධර්ම සතක්

  1. යාවකීවඤ්ච භික්ඛවේ, භික්ඛු න කම්මාරාමා භවිස්සන්ති න කම්මරතා න කම්මාරාමතං අනුයුත්තා, වුද්ධියේව භික්ඛවේ, භික්ඛූනං පාටිකංඛා, නෝ පරිහානි.
  2. යාවකීවඤ්ච භික්ඛවෙ, භික්ඛූ න භස්සරාමා භවිස්සන්ති, න භස්සරතා, න භස්සාරාමතං අනුයුත්තා, වුද්ධියේව භික්ඛවේ, භික්ඛූනං පාටිකංඛා, නෝ පරිහානි.
  3. යාවකීවඤ්ච භික්ඛවේ, භික්ඛූ න නිද්දාරාමා භවිස්සන්ති, න නිද්දාරතා, න නිද්දාරාමතං අනුයුත්තා, වුද්ධියේව භික්ඛවේ, භික්ඛූනං පාටිකංඛා, නො පරිහානි.
  4. යාවකීවඤ්ච භික්ඛවේ, භික්ඛූ න සංගණිකාරාමා භවිස්සන්ති, න සංගණිකරතා, න සංගණිකාරාමතං අනුයුත්තා, වුද්ධියේව භික්ඛවෙ, භික්ඛූනං පාටිකංඛා, නෝ පරිහානි.
  5. යාවකීවඤ්ච භික්ඛවෙ, භික්ඛූ න පාපිච්ඡා භවිස්සන්ති, න පාපිකානං ඉච්ඡානං වසංගතා, වුද්ධියේව භික්ඛවෙ, භික්ඛූනං පාටිකංඛා, නෝ පරිහානි.
  6. යාවකීවඤ්ච භික්ඛවෙ, භික්ඛූ න පාපමිත්තා භවිස්සන්ති, න පාපසහායා, න පාපසම්පවංකා, වුද්ධියේව භික්ඛවෙ, භික්ඛූනං පාටිකංඛා, නෝ පරිහානි.
  7. යාවකීවඤ්ච භික්ඛවෙ, භික්ඛූ න ඕරමත්තකෙන විසේසාධිගමේන අන්තරා වෝසානං ආපජ්ජිස්සන්ති, වුද්ධියේව භික්ඛවේ, භික්ඛූනං පාටිකංඛා, නෝ පරිහානි.

(මහා පරිනිබ්බාන සුත්ත)

  1. පැවිද්දන් විසින් නොයෙක් කර්මාන්තයන්හි නො ඇලී අවශ්‍යයෙන් කළ යුතු වත පිළිවෙත, උගෙනීම, භාවනාව යනාදි ශ්‍ර‍මණ කෘත්‍යයන්හි ඇලී සිටීම එක් අපරිහානිය ධර්මයෙකි.
  2. ස්ත්‍රී පුරුෂ වර්ණනාදි පලක් නැති කථාවල ඇලී ඒවාට කාලය නො ගෙවීම එක් අපරිහානිය ධර්මයෙකි.
  3. නින්දෙහි ඇලී පමණට වඩා කාලයක් එයට ගත නො කිරීම එක් අපරිහානිය ධර්මයෙකි.
  4. හුදකලාව විසීමෙහි ආස්වාදය නො ලබා පිරිස එකතු කර ගෙන හෝ පිරිස්වලට එක් වී නො නො විසීම එක් අපරිහානිය ධර්මයෙකි.
  5. ලාභසත්කාර කීර්ති ප්‍ර‍ශංසා පිණිස නැති ගුණ දක්වන පාපේච්ඡයකු නො වීම එක් අපරිහානිය ධර්මයෙකි.
  6. පාපමිත්‍ර‍යන් හා එකතු වන්නකු නො වීම එක් අපරිහානිය ධර්මයෙකි.
  7. ශීලය පිරිසිදු කර ගැනීම් මාත්‍රයෙන් හෝ අන්‍ය ස්වල්ප විශේෂාධිගමයකින් නො නැවතීම එක් අපරිහානිය ධර්මයෙකි.

මහා පරිනිර්වාණ සූත්‍රයෙහි තවත් අපරිහානිය ධර්ම බොහෝ ගණනක් වදාරා ඇත්තේ ය. ඒවාත් දැන ගැනීම පැවිද්දන්ට ඉතා ප්‍රයෝජනය.