අපරිහානිය ධර්ම

  1. යාවකීවඤ්ච භික්ඛවෙ, භික්ඛු අභිණ්හං සන්නිපාතා සන්නිපාතබහුලා භවිස්සන්ති, වුද්ධියෙව භික්ඛවෙ, භික්ඛූනං පාටිකංඛා නො පරිහානි.
  2. යාවකීවඤ්ච භික්ඛවෙ, භික්ඛූ සමග්ගා සන්නි පතිස්සන්ති, සමග්ගා වුට්ඨහිස්සන්ති. සමග්ගා සංඝ කරණීයානි කරිස්සන්ති, වුද්ධියෙව භික්ඛවෙ, භික්ඛූනං පාටිකංඛා නො පරිහානි.
  3. යාවකීවඤ්ච භික්ඛවෙ, භික්ඛූ අපඤ්ඤත්තං න පඤ්ඤාපෙස්සන්ති, පඤ්ඤත්තං න සමුච්ඡින්දිස්සන්ති, යථා පඤ්ඤත්තෙසු සික්ඛාපදෙසු සමාදාය වත්තිස්සන්ති, වුද්ධියෙව භික්ඛවෙ, භික්ඛූනං පාටිකංඛා නො පරිහානි.
  4. යාවකීවඤ්ච භික්ඛවෙ, භික්ඛූ යෙ තෙ භික්ඛූ ථෙරා රත්තඤ්ඤු චීරපබ්බජිතා සංඝපිතරො සංඝරිණායකා, තෙ සක්කරිස්සන්ති, ගරුකරිස්සන්ති, මානෙස්සන්ති, පූජෙස්සන්ති, තෙසඤ්ච සොතබ්බං මඤ්ඤිස්සන්ති, වුද්ධි යෙව භික්ඛවෙ, භික්ඛූනං පාටිකංඛා. නො පරිහානි.
  5. යාවකීවඤ්ච භික්ඛවෙ, භික්ඛූ උප්පන්නාය තණ්හාය පොනොභවිකාය න වසං ගච්ඡන්ති. වුද්ධි යෙව භික්ඛවෙ, භික්ඛූනං පාටිකංඛා, නො පරිහානි.
  6. යාවකීඤ්ච භික්ඛවෙ, භික්ඛූ අරඤ්ඤකේසු සේනාසනෙසු සාපෙක්ඛා භවිස්සන්ති, වුද්ධියෙව භික්ඛවෙ, භික්ඛූනං පාටිකංඛා නො පරිහානි.
  7. යාවකීවඤ්ච භික්ඛවෙ, භික්ඛූ පච්චත්තං යෙව සතිං උපට්ඨපෙස්සන්ති, කින්ති අනාගතා ච පෙසලා සබ්‍ර‍හ්මචාරී ආගච්ඡෙය්‍යං, ආගතා ච පෙසලා සබ්‍ර‍හ්මචාරී ඵාසුං විහරෙය්‍යුන්ති, වුද්ධි යෙව භික්ඛවෙ, භික්ඛූනං පාටිකංඛා, නො පරිහානි.

(මහාපරිනිබ්බාන සුත්ත)

  1. නිතර රැස්වීම් පැවැත්වීම එක් අපරිහානිය ධර්මයෙකි. නිතර රැස්වීම් නො පවත්වන කල්හි ඒ ඒ තැන්වල සිදුවන ශාසනයට හානි වන කරුණු, භික්ෂූන්ට හානි වන කරුණු විහාරවලට වන හානි සැම දෙනාට ම දැනගන්නට නො ලැබේ. නිතර රැස්වන කල්හි ඒවා දැනගන්නට ලැබී ඒවා ගැන සාකච්ඡා කොට ඒවාට ප්‍ර‍තිකාර කළ හැකි වෙයි. එයින් සස්න නො පිරිහී පවතී. භික්ෂූහු දියුණු වෙති.
  2. රැස්වන කල්හි ද, මට අසවල් දෙය කරන්නට තිබෙනවාය ඒ නිසා අද රැස්වීමට නො ගිය හැකි ය කියා නවතින්නට කල්පනා නො කොට තමන් ගේ පෞද්ගලික වැඩ නවතා රැස්වීමට යෑමත් රැස්වීම් කරන කටයුත්ත අවසන් වන්නට පෙර එක එක්කෙනා යන්නට කල්පනා නො කොට සමගියෙන් කටයුත්ත නිම කර සැම දෙනා ම එක්වර නික්ම යෑමත් එක් අපරිහානිය ධර්මයෙකි.
  3. බුදුන් වහන්සේ විසින් සිකපද නො පැන වූ කරුණු ගැන අලුත් සිකපද නො පැනවීම හා කොටසකට වාසිත් කොටසකට අවාසිත් වන පරිදි අධාර්මික කතිකා වත් නො පනවා ගැනීමත් තථාගතයන් වහන්සේ පැනවූ සිකපද නො බිඳ රැකීමත් එක් අපරිහානිය ධර්මයකි.
  4. පැවිදි වී බොහෝ කල් ගත කළ සංඝපීතෘන් වන වෘද්ධ මහාස්ථවිරයන් වහන්සේලාට ගරුබුහුමන් කිරීම උන්වහන්සේලාගේ අවවාදානුශාසනා ගෞරවයෙන් පිළිගැනීම එක් අපරිහානිය ධර්මයෙකි.
  5. උපන් තණ්හාවට වසඟ නො වීම එක් අපරිහානිය ධර්මයෙකි. තණ්හාවට වසඟ වූ පැවිද්දා ආශාව ඇති වූ දේවල් ලබන්නට නොයෙක් නො මනා ක්‍රියා කොට පිරිහීමට පත් වේ.
  6. ආරණ්‍ය සේනාසන කෙරෙහි අපේක්ෂා ඇති ව විසීම එක් අපරිහානිය ධර්මයෙකි.
  7. තමන් වාසය කරන තැනට නො පැමිණි ප්‍රියශීලී සබ්‍ර‍හ්මචාරීන් ගේ පැමිණීම ගැනත්, පැමිණියා වූ එබඳු සබ්‍ර‍හ්මචාරීන් ගේ සැප විහරණය ගැනත් බලාපොරොත්තු වීම එක් අපරිහානිය ධර්මයකි.
අනු මාතෘකා