කෙසේ ද යත්:
“යං පුබ්බෙ තං විසොසෙහි - පච්ඡා තෙ මාහු කිඤ්චනං
මජ්ඣෙ ව නො ගහෙස්සසි - උපසන්තො චරිස්සසි”
යන මේ ගාථාව අසන්ට ලැබීමෙන් සන්තති මහාමාත්‍යයා රහත් වූ බව සත්‍යයකි. එසේම:
“න සන්ති පුත්තා තාණාය - න පිතා න පි බන්ධවා
අන්තකෙනාධිපන්නස්ස - නන්ථි ඤාතිසු තාණතා
එතමත්වසං ඤත්වා - පණ්ඩිතො සීලසංවුතො
නිබ්බානගමනං මග්ග - ඛිප්පමෙව විසොධයෙ”
යන ගාථාවන් අසන්ට ලැබීමෙන් පටාචාරාව සෝවාන් වූ බව ද සත්‍යයකි. එහෙත් කාය, වේදනා, චිත්ත, ධම්ම යන සතිපට්ඨාන අරමුණු සතරින් යම්කිසි අරමුණක් මෙනෙහි නොකොට විදර්ශනා ඥානයක් හෝ මාර්ග ඥානයක් ලැබිය හැකි ප්‍රඥා භාවනාවක් නැත. එහෙයින් සන්තති අමාත්‍යයා හා පටාචාරාව ද සතිපට්ඨාන අරමුණක් ම මෙනෙහි කොට මේ සතිපට්ඨාන මාර්ගයෙන් ම සෝක පරිදේවයන් ඉක්ම වූ බව ස්ථිරව ම සලකා ගත යුතු ය යි අටුවාවෙහි කීහ.