පාලි
“කතමඤ්ච භික්ඛවෙ, දුක්ඛ නිරොධං අරියසච්චං? යො තස්සායෙව තණ්හාය අසෙසවිරාගනිරොධො චාගො පටිනිස්සග්ගො මුත්ති අනාලයො.
සා ඛො පනෙසා භික්ඛවෙ තණ්හා කත්ථ පහීයමානා පහීයති? කත්ථ නිරුජ්ඣමානා නිරුජ්ඣති? යං ලොකෙ පියරූපං සාතරූපං එත්ථෙසා තණ්හා පහීයමානා පහීයති, එත්ථ නිරුජ්ඣමානා නිරුජ්ඣති.කිඤ්ච ලොකෙ පියරූපං සාතරූපං?
චක්ඛු ලොකෙ පියරූපං සාතරූපං එත්ථෙසා තණ්හා පහීයමානා පහීයති, එත්ථ නිරුජ්ඣමානා නිරුජ්ඣති. සොතං ලොකෙ…පෙ… ඝානං ලොකෙ… ජිව්හා ලොකෙ… කායො ලොකෙ… මනො ලොකෙ පියරූපං සාතරූපං, එත්ථෙසා තණ්හා පහීයමානා පහීයති, එත්ථ නිරුජ්ඣමානා නිරුජ්ඣති.
රූපා ලොකෙ… සද්දා ලොකෙ… ගන්ධා ලොකෙ… රසා ලොකෙ… ඵොට්ඨබ්බා ලොකෙ… ධම්මා ලොකෙ පියරූපං සාතරූපං එත්ථෙසා තණ්හා පහීයමානා පහීයති, එත්ථ නිරුජ්ඣමානා නිරුජ්ඣති.
කෙටි අදහස
මහණෙනි! දුක් නැති කිරීමේ ආර්යය සත්‍යය කවරේ ද? සමුදය සත්‍යය සංඛ්‍යාත වූ ඒ තණ්හාවගේ ම යම් සම්පුර්ණ නිරෝධයක් වෙ යි ද, යම් අත් හැරීමක් වෙයි ද, යම් මිදීමක් වෙයි ද, යම් නො ඇලීමක් වෙයි ද මෙය ඒ නිරෝධ ආර්ය සත්‍යය යි.
මහණෙනි! ඒ තණ්හාව පහ ව යන කල්හි කොතැන්හි පහ ව ය යි ද? නිරුද්ධ වන කල්හි කොතැන්හි නිරුද්ධ වෙයි ද? සංඛාර ලෝකයෙහි ප්‍රිය වූ මිහිරි වූ යම් දෙයක් ඇත්නම් මේ තණ්හාව පහ ව යන කල්හි නිරුද්ධ වන කල්හි ඒ ප්‍රිය වූ මිහිරි අරමුණෙහි පහව ය යි, ඒ අරමුණෙහි නිරුද්ධ වෙයි. මහණෙනි! ප්‍රිය වූ මිහිරි අරමුණ කුමක් ද?
සඞ්ඛාර ලෝකයෙහි ඇස පිය වූ මිහිරි අරමුණකි. මේ තණ්හාව පහ ව යන කල්හි නිරුද්ධ වන කල්හි ඇස ය යි කියන ලද මේ ප්‍රිය වූ මිහිරි අරමුණෙහි ම පහව ය යි. මෙහි ම නිරුද්ධ වෙයි. සඞ්ඛාර ලෝකයෙහි කණ, නැහැය, දිව, කය, මනස යන මෙය ප්‍රිය වූ මිහිරි අරමුණු ය. මේ තණ්හාව පහ ව යන කල්හි, නිරුද්ධ වන කල්හි මෙකී ප්‍රිය වූ මිහිරි අරමුණෙහි ම පහ ව ය යි. මෙහි ම නිරුද්ධ වෙ යි.
සඞ්ඛාර ලෝකයෙහි රූප, සද්ද, ගන්ධ, රස පොට්ඨබ්බ, ධම්ම යන මේ සියල්ල ප්‍රිය වූ මිහිරි අරමුණු ය. මේ තණ්හාව පහ ව යන කල්හි නිරුද්ධ වන කල්හි මේ ප්‍රිය වූ මිහිරි අරමුණෙහි ම පහ ව ය යි. මෙහි ම නිරුද්ධ වෙ යි. කොටින් කියතහොත් ලෞකික ධර්ම සියල්ල ම තණ්හාවට අරමුණු වන ප්‍රිය වූ මිහිරි අරමුණු ය. ඒ තණ්හාව පහ ව යන කල්හි මේ ප්‍රිය වූ මිහිරි අරමුණෙහි ම පහ ව යන්නී ය.
“ඉමස්මිඤ්ච ඛ්‍යාමමත්තෙ කලෙබරෙ සසඤ්ඤිම්හි සමනකෙ ලොකඤ්ච පඤ්ඤපෙමි, ලොකසමුදයඤ්ච, ලොකනිරොධඤ්ච, ලොක නිරොධගාමිනීපටිපදඤ්ච පඤ්ඤාපෙමි” (දෙවපුත්ත සංයුත්ත හා චතුක්කඩ්ගුත්තර පාලි)
සංඥාව සහිත වූ සිත් පිත් නැති බඹයක් පමණ වූ කැඩී බිඳී යන හෙයින් ලෝක සම්මත වූ මේ ශරීරයෙහි ම දුක ද, දුක් උපදවන තණ්හාව ද දුක් නැතිව යන නිවන ද දුක් නැති කිරීමේ මාර්ගය ද ඇතැයි පණවමි යනු ඒ ශ්‍රී මුඛ පාඨයේ අදහස යි.
“නාහං ආවුසො ඉමානි චත්තාරි සච්චාති තිණකට්ඨාදීසු පඤ්ඤපෙමි, ඉමස්මිං පන චාතුමහාභූතිකෙ කායස්මිං යේව පඤ්ඤාපෙමීති දස්සෙති” (අටුවා පාඨය)
ඇවැත්නි! මේ චතුස්සත්‍යය තෘණ කාෂ්ටාදියෙහි ඇතැයි මම නො වදාරමි. පඨවි ආදී මහා භූත ධාතු සතරින් සෑදුණු මේ ශරීරයෙහි ම ඇතැ යි වදාරමි යනු එහි තේරුම යි.
කෙලෙස් ගිනි නිවන මාර්ග ඥානයෙන් අවබෝධ වු කල්හි නාම රූප ස්කන්ධ සියල්ල දුක් රැසක් ය යි කියා ඇත්ත වශයෙන් විනිශ්චය කොට දත හැකි වන්නේ ය. එහෙයින් නාම රූප ස්කන්ධයන් කෙරෙහි ආස්වාදය උපදවන තණ්හාව ඇති නො වේ. තණ්හාව දුරු වී යාමෙන් අලුත් භවයකගේ පහළ වීම ය යි කියන ලද නාම රූප ස්කන්ධයෝ ද පහළ නො වෙත්. මෙසේ අලුත් භවයක් වූ නාම රූප ධර්මයන් පහළ නො වීම අනුපාදිසේස නිබ්බාන ය යි කියන ලද දුක් සංසිඳීයාම ය. මෙහි සංසිඳීම යනු උපදින්ට තිබෙන ස්කන්ධයගේ නො ඉපදීම ය. එහෙයින් අටුවායෙහි එයට අනුප්පාදනිරෝධ ය යි කීහ.
එහෙයින් සමුදය සත්‍ය නමැති තණ්හාව සහ දුක්ඛ සත්‍යය නම් වූ නාම රූප ස්කන්ධයන් නැවත නූපදනා පරිදි සංසිඳෙන - මාර්ග ඥානයට අරමුණු වන නිවන නිරෝධ සත්‍ය ය යි. “යොතස්සායෙව තණ්හාය අසේස විරාග නිරොධො” යන ආදිය වදාළේ මේ නිරෝධ සත්‍යය ප්‍රකාශ කිරීමට ය.