මෙසේ පඤ්චවිධ උපාදාන ස්කන්ධයන්ගේ වශයෙන් ධම්මානුපස්සනාව බෙදා වදාරා දැන් ආයතන වශයෙන් බෙදා දක්වනු පිණිස “පුනචපරං භික්ඛවෙ” යන ආදිය වදාළ සේක.
පාලි
“පුන ච පරං භික්ඛවෙ භික්ඛු ධම්මෙසු ධම්මානුපස්සී විහරති, ඡසු අජ්ඣත්තිකබාහිරෙසු ආයතනෙසු. කථඤ්ච පන භික්ඛවෙ භික්ඛු ධම්මෙසු ධම්මානුපස්සී විහරති ඡසු අජ්ඣත්තිකබාහිරෙසු ආයතනෙසු. ඉධ භික්ඛවෙ භික්ඛු චක්ඛුඤ්ච පජානාති, රූපෙ ච පජානාති, යඤ්ච තදුභයං පටිච්ච උප්පජ්ජති සංයොජනං තඤ්ච පජානාති, යථා ච අනුප්පන්නස්ස සංයොජනස්ස උප්පාදො හොති තඤ්ච පජානාති. යථා ච උප්පන්නස්ස සංයොජනස්ස පහානං හොති තඤ්ච පජානාති. යථා ච පහීනස්ස සංයොජනස්ස ආයතිං අනුප්පාදො හොති තඤ්ච පජානාති.
සොතඤ්ච පජානාති, සද්දෙ ච පජානාති. යඤ්ච තදුභයං පටිච්ච උප්පජ්ජති සංයොජනං තඤ්ච පජානාති. යථා ච - පෙ - තඤ්ච පජානාති. ඝානඤ්ච පජානාති, ගන්ධෙ ච පජානාති, - පෙ - ජිව්හඤ්ච පජානාති, රසෙ ච පජානාති - පෙ - කායඤ්ච පජානාති, ඵොට්ඨබ්බෙ ච පජානාති, - පෙ - මනඤ්ච පජානාති, ධම්මෙ ච පජානාති, යථා ච - පෙ - අනුප්පාදො හොති තඤ්ච පජානාති.”
කෙටි අදහස
මහණෙනි! නැවත ද අනික් භාවනා ක්‍රමයක් කියනු ලැබේ. භාවනානු යෝගී පුද්ගල තෙම සයක් සයක් වූ අධ්‍යාත්මික - බාහිර ආයතන ධර්මයන් කෙරෙහි සත්ව පුද්ගල නො වන ස්වභාව ධර්ම අනුව බලමින් වාසය කර යි. මහණෙනි! යෝගී පුද්ගලයා වනාහි සයක් සයක් වූ අධ්‍යාත්මික - බාහිර ආයතන ධර්මයන් කෙරෙහි සත්ව පුද්ගල නො වන ස්වභාව ධර්ම අනුව බලමින් වාසය කරන්නේ කෙසේ ද යත්?
මහණෙනි! මේ බුදු සසුනෙහි භාවනා කරන යෝගී තෙම චක්ෂු ප්‍රසාදය වූ ඇස ද ඇති සැටියෙන් දැන ගන්නේය. වර්ණ ය යි කියන ලද රූපයන් ද ඇති සැටියෙන් දැන ගන්නේ ය. ඇස හා රූප නිසා දශවිධ සංයෝජනයන් අතුරෙන් යම් සංයෝජනයක් උපදී නම් එය ද දැන ගන්නේ ය.
යම් අයෝනිසෝමනසිකාරයක් නිසා නූපන් සංයෝජනයක් උපදී නම් එය ද දැන ගන්නේ ය. යම් යෝනිසෝමනසිකාරයක් නිසා උපන් සංයෝජනයක් තදඞ්ග - විෂ්කම්භන වශයෙන් පහව ය යි නම් එය ද දැන ගන්නේ ය.
තදඞ්ග - විෂ්කම්භන වශයෙන් ප්‍රහීන වූ යම් සංයෝජනයක් යම් ආර්ය මාර්ගයකින් සහමුලින් පහ ව යයි නම් ඒ ආර්ය මාර්ගයත් දැන ගන්නේ ය.
සෝත - සද්ද, ඝාණ - ගන්ධ, ජිව්හා - රස, කාය - ඵොට්ඨබ්බ, මන - ධම්ම යන ආධ්‍යාත්මික - බාහිර ආයතන ධර්මයන් සහ ඔවුන් උපදින - නිරුද්ධ වන කරුණු ද ඇති සැටියෙන් දැන ගන්නේ ය.