විදර්ශනා උපක්ලේශයන් කෙරෙන් පිරිසිදු වූ කල්හි වැටහෙනතාක් සවැදෑරුම් අරමුණු මෙනෙහි කිරීමක් පාසා දැනගන්නා විදර්ශනා ඥානය හා එකට යෙදෙන මැදහත් විඳීම ප්‍රකට ව පහළ විය හැකි ය. එය භංග ඤාණය තියුණු වූ කාලයෙහි පටන් විශේෂයෙන් ප්‍රකට වන්නේ ය. සංඛාරුපෙක්ඛාඤාණයෙහි දී වනාහි අතිශයින් ම ප්‍රකට ව ඇති විය හැකි ය. මේ මැදහත් විඳීම නිරාමිස අදුක්ඛමසුඛ නම් වේ. එය නෙක්ඛම්මසිත උපෙක්ඛා නමුදු වේ. එය නැවත මෙනෙහි කරන පටිවිපස්සනාවෙන් මෙනෙහි කර දැන ගැනීම සඳහා “නිරාමිසං වා අදුක්ඛමසුඛං වෙදනං වෙදියමානො නිරාමිසං අදුක්ඛමසුඛං වෙදනං වෙදියාමි” ය යි වදාරණ ලදී.