පාලි
පුනච පරං භික්ඛවෙ භික්ඛු සෙය්‍යථාපි පස්සෙය්‍ය සරීරං සීවථීකාය ඩිතං. අට්ඨිකා සෙතානි සවණ පටිභාගාති. සො ඉමමෙව කායං උපසංහරති, “අයම්පි ඛො කායො එවං ධම්මො, එවං භාවී, එතං අනතීතො” ති. ඉති අජ්ඣත්තං වා කායේ කායානුපස්සී විහරති - පෙ - න ච කිඤ්චි ලොකෙ උපාදියති. එවම් පි ඛො භික්ඛවෙ භික්ඛු කායේ කායානුපස්සී විහරති.
කෙටි අදහස
මහණෙනි! නැවත ද අනික් සීවථික භාවනා ක්‍රමයක් කියනු ලැබේ. ඒ මෙසේ ය: යෝගී තෙමේ අමු සොහොනෙහි දමන ලද - සක් ගෙඩියකට බඳු සුදු පැහැයෙන් යුත් ඇට ඇති මළ සිරුරක් දකින්නාක් මෙන් ඒ යෝගී තෙමේ තමාගේ රූප කය ද එය හා සසඳා බලන්නේ ය. කෙසේ ද යත්? මේ මාගේ කය ද
සුදු හක් ගෙඩියක පාට වැනි සුදු පාට ඇති ස්වභාව ඇත්තේ ය. මෙසේ වන සුලු ය. මෙසේ වීම නො ඉක්ම වන ලද්දේ වේ ය යි මෙනෙහි කරන්නේ ය. සෙස්ස පෙර කී සේ ය.
හත්වැනි සීවථිකය නිමි.