පාලි
“පුන ච පරං භික්ඛවෙ භික්ඛු සෙය්‍යථාපි පස්සෙය්‍ය සරීරං සීවථීකාය ඡඩ්ඩිතං, අට්ඨිකානි අපගත සම්බන්ධානි දිසාවිදිසාසු නික්ඛිත්තානි අඤ්ඤෙන හත්ථට්ඨිකං, අඤ්ඤෙන පාදට්ඨිකං, අඤ්ඤෙන ගොපඵට්ඨිකං, අඤ්ඤෙන ජඞ්ඝට්ඨිකං, අඤ්ඤෙන ඌරට්ඨිකං, අඤ්ඤෙන පිට්ඨිට්ඨිකං, අඤ්ඤෙන කටට්ඨිකං, අඤ්ඤෙන ඛන්ධට්ඨිකං, අඤ්ඤෙන ගීවට්ඨිකං, අඤ්ඤෙන දන්තට්ඨිකං, අඤ්ඤෙන සීසකටාහං, සො ඉමමෙව කායං උපසංහරති, “අයම්පි ඛො කායො එවං ධමෙමා, එවම් භාවී, එතං අනතීතො” ති. ඉති අජ්ඣත්තං වා කායෙ කායානුපස්සී විහරති බහිද්ධා වා කායෙ කායානුපස්සී විහරති. අජ්ඣත්තබහිද්ධා වා කායෙ කායානුපස්සී විහරති. සමුදයධම්මානුපස්සී වා කායස්මිං විහරති වයධම්මානුපස්සී වා කායස්මිං විහරති සමුදයවයධම්මානුපස්සී වා කායස්මිං විහරති.”
කෙටි අදහස
මහණෙනි! නැවත ද අනික් සීවථික භාවනා ක්‍රමයක් කියනු ලැබේ. ඒ මෙසේ යි: යෝගී තෙමේ අමු සොහොනෙහි දමන ලද - පහ වූ නහර බැඳුම් ඇති - දිසා අනු දිසාවන්හි විසිරුණු ඇට ඇති මල සිරුරක් දකින්නේ ය. කෙසේ ද යත්? එහි අත් ඇට අන් තැනක ය, පා ඇට අන් තැනක ය, කෙන්ඩා ඇට අන් තැනක ය, කලවා ඇට අන් තැනක ය, කටි (තුනටි) ඇට අන් තැනක ය, පිට කටු අන් තැනක ය, හිස් කබල අන් තැනක ය, යන මේ වශයෙන්. ඒ යෝගී තෙමේ තමාගේ රූපකය ද ඒ ඇට කටු හා සසඳා බලන්නේ ය. සෙස්ස පෙර කී සේ ය.
සවැනි සීවථිකය නිමි.