සාගරූපම සෙනෙහසින් මා හදා වඩා සසුනට පුද කළ මාගේ මෑණියන් හා පියාණන් වෙත
මේ ග්‍රන්ථය සැකසීමේදී අපට ප්‍රමුඛ සහායක් ලැබුණේ අප හිතවත් රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති කීර්ති නාරම්පනාව මහතාගෙනි. එහි ලා මහාචාර්ය කපිල අභයවංස මහතා සමඟ කළ සාකච්ඡා ද බෙහෙවින් ප්‍රයෝජනවත් විය. ග්‍රන්‍ථය ඉක්මනින් නිමකිරීම සඳහා නිතර මා දිරිගන්වමින් පිටපත් සකස්කිරීම සෝදුපත් බැලීම ආදියෙන් ශ්‍රී කල්‍යාණි රාජමහාවිහාරයේ කෘත්‍යාධිකාරී, විද්‍යාලංකාර පිරිවෙන්හි ආචාර්ය මොරවක ධම්මානන්‍ද, ශාස්ත්‍රවේදී ඉසුරුමුනියේ පඤ්ඤාලංකාර යන ස්ථවිරයන් වහන්සේලාගෙන් සහ ශාස්ත්‍රවේදී ජයන්ති ශ්‍රියානි නාරම්පනාව මහත්මියගෙන් ද ලත් සහාය ඉමහත්ය.
සම්පිණ්ඩිතමහානිදාන ග්‍රන්‍ථයෙහි දී මෙන්ම මෙහිදී ද මුද්‍රණ කටයුතු සම්බන්ධීකරණයෙන් අපට සහාය දක්වන ලද්දේ අධ්‍යාපන අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම් ශාස්ත්‍රපති සිරිසේන විතානගේ මහතා විසිනි. පිටපත පරිගණකගත කිරීමෙහිලා මරදාන ඩිසයින් සිස්ටම්ස් ආයතනයේ රාජපක්‍ෂ මහතාගෙන් මෙන්ම එස්.ඒ. නිරෝෂි ප්‍රියංජලා මහත්මියගෙන් ලත් සහාය ද සිහිපත් කටයුතුය. මෙසේ හැම අයුරින් අපගේ කාර්යය සඳහා සහාය පළකළ සියලු දෙනාහට අපගේ කෘතඥතා පූර්වක ස්තුතිය පිරිනමමු.
කොල්ලුපිටියේ මහින්‍ද සඞ්ඝරක්ඛිත ස්ථවිර
බී.ඒ. ගෞරව (කැලණිය) පී.එච්.ඩි (දිල්ලි)
කැලණිය විශ්ව විද්‍යාලය පාළි හා බෞද්ධඅංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ශ්‍රීකල්‍යාණි රාජමහාවිහාරාධිපති
2549/2006
සම්පිණ්ඩිතමහානිදාන නම් පැරණි බුදුසිරිත