තව ද යම් කෙනෙක් අනුන් මහත් කොට කරණ පින් කමක් කුඩා කරව ත් නම් හෝ බොහෝ කොට කරණ දෙයක් මඳ කරව ත් නම් ඉන් වන නපුර දක්වනු පිණිස ලකුණ්ටක භද්දිය තෙරුන් වහන්සේ ගේ වස්තුව කියමු.
කෙ සේ යත්-
ඒ තෙරුන් වහන්සේ ගේ ශීල සමාධ්‍යාදි ගුණෙන් මහ මෙරට ත් වඩා උස් බවක් මුත් අනුන් මහත් කොට කරණ පින් කුමක් කුඩා කරවා පී හෙයින් පස්වා දහස අන්ත අවධියෙක උපන් කෙනකුන් මෙන් මිටි සිරුරු ඇති ව ඉතා කුඩා බුද්ධා සේක. ඔබගේ තරම නොදන්නා පෘථග්ජන බාල වහන්දෑ ත් සාමණේර වහන්දෑ ත් ඔබ දුටු කල කන් රොඹුව ත් අල්වා ගෙන “කුමක් ද, කුඩා පියාණන් වහන්ස, සස්නෙහි උකටලී නැත් දැ” යි උන් වහන්සේ රහත් නියාව නො දන්නා හෙයින් වෙහෙසනු නිසා මෙ සේ කියන දෑ ය.
තෙරුන් වහන්සේ එ තැන් හැම කුමක් කියත ත් අල පත නෙළුම් පත ඔත් දියත්තක් මෙන් සිත උරණක් තමා නැති හෙයින් මුසුප්පු නො වන සේක. ධර්‍ම සෙබෙහි ත් කෙළිවෙළඹි වහන්දෑ මේ කරණ ලෙසත් ඔබත් ඊට මුසුප්පු නැති නියාව ත් කියා කථා උපන. බුදුහු එ තැනට වැඩ ‘කුමක් කියවු ද, මහණෙනි’ යි විචාරා මේ නියාව දැන ‘එ සේ ය, මහණෙනි, රහත්තු නොකිපෙන්නෝ වෙත් දැ’යි වදාරා ‘යම් සේ සිදුරක් නැති වීමෙන් ඝන වූ ගලෙක් සතර දිගින් හමන මහ සුළඟින් වෙවුලා නොයේ ද එ පරිද්දෙන් නුවණැත්තෝ අෂ්ට ලෝක ධර්‍ම නැමැති සුළඟින් වෙවුලා නොයෙති’යි වදාළ සේක. මේ දේශනා කෙළවර ත් බොහෝ දෙන නිවන් දුටහ.
එහෙයින් නුවණැත්තවුන් විසින් යම් සේ ගලතල මත්තෙහි පස් බිම් තැන් නම් ගොයම් නො නැඟේද එ මෙන් තමාගේ සිත් සතන් කෙලෙසුන් හට නො ගන්නවා, තව ද යම් සේ අහස අල්වා ගත නොහැකි ද, එ මෙන් කෙලෙසුන් විසින් අල්වා ගත නොහැකි ව, තව ද ඒ අහස යම් සේ සිද්ධ විද්‍යාධරාදීන් විසින් හැසිරෙන ලදුව තිබේ ද, එමෙන් ති ලකුණු නැමැති අහස සිත හසුරුවා, තව ද ඒ අහස යම් සේ නිරාලම්බන හෙයින් භය කරවා ද, එ මෙන් භවොත්පත්තියෙහි භය ඇති ව, තව ද ඒ අහස යම් සේ අනන්ත ද එ මෙන් අනන්ත ශීල සමෘධ්‍යාදි ගුණ ඇති ව චිත්ත ශුද්ධිය කට යුතු.