තව ද යම් කෙනෙක් කයින් සිද්ධ වන පණිවා ආදී වූ පව් තුනිනුත් දුරු ව තෙපුලෙන් සිද්ධ වන බොරු ආදි වූ පව් සතරිනු ත් දුරු ව මනසින් සිද්ධ වන අභිධ්‍යාදි වූ පව් තුනිනු ත් දුරු ව ගත නො හෙත් නම් උන්ට උපදෙස් දක්වනු සඳහා මෙඝිය තෙරුන් වහන්සේ ගේ වස්තුව දක්වමු.
කෙසේද යත්:
ඒ මෙඝිය තෙරුන් වහන්සේ ප්‍රධන් වීර්‍ය්‍ය කෙරෙමින් බුදුන් හා කැටි ව යන ගමනුත් තබා අඹ උයන රඳා කාම විතර්කාදී වූ අකුශල විතර්කයෙන් මඬනා ලදුව වීර්‍ය්‍ය කොට ගත නො හී තමන් වහන්සේ කරා ආ මෙඝිය තෙරුන් වහන්සේට බුදුහු ‘මෙඝියයෙනි, ‘මම හුදකලා ය. අනික් භික්ෂු කෙනකුන් එන තෙක් රඳා පියව’ යි මා චැනි වූ තිලෝගුරු බුදු කෙනකුන් කීයව කියවා ගොසින් තෙල ලෙස සිතීම යහපත් නො වන්නේ වේ ද? මේ සිත නම් ඉතා ලඝු ය. සුළඟෙක බැඳි අහස් පතක් මෙන් සැලෙන සුලු ය. එක සැටියෙන් හිඳ නො හෙන බාල දරු කෙනකුන් මෙන් එක අරමුණෙක නොපවත්නා හෙයින් සැලගත් ය.[1] ගොයම් කුඹුරෙක ගොයම් කා පුරුදු ගොනකු ගොයම් කෑමෙන් රෑක ලිය නො හැක්කා සේ ඉටු වූත් අනිටු වූ ත් රූපාදි සාරමුණට නුදුව මනා ලෙසින් දුවන්නහු දිවිය නො දී රැක ලිය නො හැක්ක. පඤ්චානන්තර්ය්යාදියට පැමිණ අපාය භාග් වේ නම් නවතා ලියත් නො හැක්ක.
“එසේවූ සිත යම්සේ හී වඩුවෙක් වලින් දණ්ඩක් කපාගෙන වුත් සුඹුලු ත් බොරු හර ත් හැර පියා තෙල් ගා ගින්නට පෑ තවාලා ගස් හස්සෙක ලා හැද මැඬලා වක් ගුණ හැද ගුණ හැර ලා බැඳ පත් සදා හී දඬු ඉදි කොට ගෙන රජ යුව රජ මහ ඇමැති ආදීන්ට දක්වා දී සංග්‍රහ ලැබේ ද, එ පරිද්දෙන් නුවණැත්තෝ ත් මායා සාඨෙය්යාදියෙන් ඉතා වක් වූ සිත වක හරණ පිණිස දුවඟ පිළිවෙත් නමැති යකඩින් ඕලාරික කෙලෙස් නමැති සුඹුළු සැස හැර සාර ගුණයට පැමිණීමෙන් හර දැක සැදෑ නමැති තෙල් ගාලා වීර්‍ය්‍ය නමැති ගින්නට පෑ තවා ශමථ - විදර්ශනා නමැති බලහස් සේ ලා හැද මිරිකා වංක-කුටිලාදි භාවයට කාරණ වූ මායා-සාඨෙය්යාදීන් නැති කිරීමෙන් සිත ඉඳුරා කෙරෙති. කොටත් ප්රත්යයසමුප්පන්න ධර්මයන් කලාප සම්මර්ෂනාදීන් විසින් සමනා අවිද්‍යාව නසා ත්‍රිවිද්‍යා අෂ්ටවිද්‍යාවන් ද සැබවින් නව ලොවුතුරා දහම් දැ යි මේ ගුණ විශේෂය සිද්ධ කොට ගෙන මාගේ අනුශාසනා වූ ලෙස කළා නම් වෙතී වදාළ සේක. මේ දේශනා කෙළවර මෙඝිය තෙරුන් වහන්සේ පීඩා කළ විතර්කයන් තුන් දෙනාට මාරු මරන්නා සේ සත්කායදෘෂ්ටි ය, විචිකිත්සාය, ශීලව්රතපරාමර්ශ ය යන දොස් තුන නසා සෝවාන්වූ සේක. සෙසු ත් බොහෝ දෙන නිවන් පුර වන්හ.
එ සේ හෙයින් නුවණැත්තවුන් විසින් මේ උපදෙසින් තුන් දොරින් සිද්ධ වන අකුසලින් දුරු ව කුසල් පිරිය යුතු.
-
සැලගතු ය. ↑