343. දුෂ්කර ක්‍රියා කාලප්‍රමාණය

star_outline

තව ද දීපඞ්කරය, කොණ්ඩඤ්ඤය, සුමනය, අනෝමදස්සිය, සුජාත ය, සිද්ධාර්ථ ය, කකුසඳ ය යන මේ බුදුවරහු දස මසක් ප්‍රධන් වීර්‍ය්‍ය කළ සේක. මඞ්ගල ය, සුමේධ ය, තිස්සය, සිඛී ය, යන මේ බුදුවරහු බුදු වනු නිසා අට අට මස වීර්‍ය්‍ය කළ සේක. රෙවත බුදුහු සත් මසක් විර්‍ය්‍ය කළ සේක. සෝභිත බුදුහු සාර මසක් වීර්‍ය්‍ය කළ සේක. පදුමය, අත්‍ථදස්සි ය, විපස්සි ය, යන බුදුවරහු අට අට මස වීර්‍ය්‍ය කළ සේක. නාරද ය, පදුමුත්තර ය, ධම්මදස්සි ය, කාශ්‍යප ය, යන මේ බුදුවරහු සති ය සති ය වීර්‍ය්‍ය කළ සේක. පියදස්සිය, ඵුස්සය, වෙස්සභූය, කෝනාගම ය, යන බුදුවරහු ස මස ස මස, වීර්‍ය්‍ය කළ සේක. අපගේ බුදුහු සාවුරුද්දක් වීර්‍ය්‍ය කළ සේක.