මඞ්ගල බුදුන්ගේ ශරීරයෙන් නික්මුණු රස් අනූ දහසක් හවුරුදු මුළුල්ලෙහි දස දහසක් සක්වළ මුළුල්ලෙහි පැවැත්තේ ය. පියුමතුරා බුදුන්ගේ රස් නිරන්තර ව අට සාළිස් ගවු විතර වටින් පැතිර සිටියේ ය. විදර්ශී බුදුන්ගේ රස් වටින් අට විසි ගවුවෙක පැතිර සිටියේ ය. සිඛී බුදුන්ගේ රස් වටින් දොළොස් ගවුවෙක පැතිර සිටියේ ය. කකුසඳ බුදුන්ගේ රස් නිරන්තර ව වටින් සතළිස් ගවුවෙක පැතිර සිටියේ ය. අපගේ බුදුන්ගේ ඇඟින් නිකුත් රස් වටින් බඹය බඹයේ සිටිනේ ය. මෙසේ වූ නියම ය සෙසු බුදුවරුන් වහන්සේට නැත.