335. කෝණාගමන නම් බුදුන්ගෙන් නිවන් දුටුවාහු

star_outline

ඔබට ඉක්බිති ව කෝණාගමන නම් බුදුන් ලෙව්හි පහළ ව ඉසිපතන නම් උයන්හි දී දහම් සක් පැවැත් වූ කල්හි තිස් කෙළ දහසක් නිවන් දුටහ. තව ද සුන්‍දර නම් නුවර මහ සල් ගස මුල දී යමා මහ පෙළහර කළ දවස් විසි කෙළක් නිවන් දුටහ. යමා මහ පෙළහර කොට ලා දෙව්ලොවට වැඩ මෑණියන්දෑ ප්‍රධාන වූ දෙවියන්ට විදම් බණ දෙසූ දවස් දෙවියෝ දස කෙළක් නිවන් දුටහ. තව ද සුරින්‍දවතී නුවර දී සිරිදෙවතා නම් උයන වැඩ හිඳ බණ වදාළ කල්හි තිස් දහසක් දෙනා වහන්සේ රහත් වූ සේක.