329. තිස්ස නම් බුදුන්ගෙන් නිවන් දුටුවාහු

star_outline

ඒ සිද්ධාර්ථ බුදුන්ට ඉක්බිති ව තිස්ස නම් බුදුන් ලෙව්හි පහළ ව යසවතී නම් උයන්හි දී දහම් සක පැවැත් වූ කල්හි කෙළ සියක් නිවන් දුටහ. තව ද තිස්ස බුදුන් හා එක දා මහණ වූ කෙළක් විතර වහන්දෑ ඔබ බුදු වන්ට බෝ මැඬට වඩනා හෙයින් අනික් තැනකට වැඩ බුදුන් දම්සක් පැවැත් වූ නියාව අසා යසවතී උයනට වැඩ බුදුන් වැඳ ලා පිරිවරා හුන් සේක. ඒ දවස් වදාළ බණින් අනූ කෙළක් දෙනා වහන්සේ නිවන් දුටු සේක. තවද මහා මඞ්ගල සූත්‍ර ය දෙසූ දවස් සැට කෙළක් නිවන් දුටු සේක. තව ද යසවතී නම් නුවර දී ලක්‍ෂයක් දෙනා වහන්සේ රහත් වූ සේක. තව ද නාරිවාහන කුමාරයන් ඇතුළු වූ අනූ දහසක් දෙනා මහණ ව රහත් වූහ. තව ද ඛේමවතී නම් නුවර දී නෑයන්ට බුද්ධ වංශ දෙසූ දවස් අනූ ලක්‍ෂයක් රහත් වූහ.