324. සුජාත නම් බුදුන්ගෙන් නිවන් දුටුවාහු

star_outline

සුමෙධ බුදුන්ට ඉක්බිති ව සුජාත නම් බුදුන් ලෙව්හි පහළ ව සුමඞ්ගල නම් උයන්හි දී දහම් සක පවත්වා දෙව් මිනිසුන්ගෙන් අසූ කෙළක් නිවන් දක්වා වදාළ සේක. නැවත ඒ බුදුන් දෙව්ලොව වැඩ හිඳ වීදම් බණ දෙසූ කල්හි මාතෘ දිව්‍ය පුත්‍ර ප්‍රමුඛ සත් තිස් ලක්‍ෂයක් දෙවියෝ නිවන් දුටහ. පිය මහ රජුන්ගේ ආරාධනාවෙන් සිය නුවරට වැඩි ගමනේ සැට ලක්‍ෂයක් නිවන් දුටහ. සුධම්මවතී නම් නුවර සුධම්මවතී උයන දී බණ වදාළ දවස් සැට ලක්‍ෂයක් මහණ ව රහත් වූහ. දෙව්ලොව දී විදම් බණ වදාරා මිනිස් ලොවට බට දවස් පනස් ලක්‍ෂයක් රහත් ව මහණ වූහ. නැවත සුදසුන් නම් රජ කුමරුවන් මහණ වූ නියා ව අසා සතළිස් දහසක් මහණ ව රහත් වූහ.