නාරද නම් බුදුන්ට ඉක්බිති ව දිනන ලද පස් මරුන් ඇති, බා තබන ලද කඳ බර ඇති, මේරුව සේ ඉතා සාර වූ වනසා හැර පී සසර ඇති, බුදු වූ දවස් පටන් හවුරුදු ලක්‍ෂයක් මුළුල්ලෙහි පොළොව පළා ගෙන නැංගා වූ සුදු පියුම් පිටින් ම වඩනා හෙයින් පියුමතුරා නම් වූ කුදෘෂ්‍ට්‍යාදි මලාපගමයෙන් අත්‍යන්ත පරිශුද්ධ වූ සදහම් නමැති රස ඇති, සම්‍යක් සම්බෝධි ඥාන නමැති යුගඳුරු මුදුනෙහි පහළ වූ ත්‍රි විධ බුද්ධ ක්‍ෂෙත්‍රයෙහි දේශනා ලෝක ශරීරා ලෝක පැවැත්වීමට අසහාය සූර්‍ය්‍ය වූ සර්වඥ සූර්‍ය්‍යයා ලොව පහළ ව බ්‍රහ්මාරාධනාවෙන් මෙහිලී නම් උයන්හි වැඩ හිඳ දහම් සක පවත්වා ලූ දවස් නො හොත් සර්‍වඥ සූර්‍ය්‍යයා ගේ සදහම් රස් පවතු ත් විනේජන නමැති පියුම් කෙළ ලක්‍ෂයක් විතර ප්‍රබුද්ධ වී ය. එහෙයින් කෙළ ලක්‍ෂයක් දෙනා නිවන් දුටහ.
තව ද සරද නම් තවුසාණ කෙනකුන්ගේ සමාගමයෙහි දී බොහෝ දෙන නරක භයින් භය ගන්වා ලා බණ වදාළ කල්හි ස තිස් ලක්‍ෂයක් නිවන් දුටහ. යම් කලෙක පියුමතුරා බුදුන්ට පිය රජ වූ ආනන්‍ද නම් රජ්ජුරුවෝ සිය නුවරට බුදුන් කැඳවා ගෙනෙන්ට විසි දහසක් යෝධයින් පාවා දී ලා ඇමැත්තන් විසි දෙනකු බුදුන් කරා යැවූ ද, බුදුහු උන් හැම දෙනා ම රහත් කරවා මහණ කොට ගෙන ඒ විසි දහස පිරිවරා ගොසින් හංසවතී නම් නුවර වසන සේක. වැස අපගේ බුදුන් කිඹුල්වත් නුවර උඩ අහස්හි රුවන් සක්මන් කෙරෙමින් සිට බුද්ධ වංශ දෙසුවා සේ ම පියුමතුරා බුදුහුත් බුද්ධ වංශ දෙසූ සේක. එ කල පස් පනස් ලක්‍ෂයක් නිවන් දුටහ.
“යම්හි කාලෙ මහාවීරො – ආනන්‍දං උපසඞ්කමි,
පිතුසන්තිකමුපාගන්ත්‍වා - අහනී අමත දුන්දුහිං,
ආහතෙ අමත හෙරිම්හි – වස්සන්තෙ ධම්මවුට්ඨියා,
පඤ්ඤාස සතසහස්සානං - තතියාභිසමයො අහු”
යනු අපගේ බුදුන් විසින් බුද්ධ වංශ පාළියෙහි එ හෙයින් ම වදාරන ලද. තව ද ආදියෙන් පොහොය කරන දවසට එ දවස ම රහත් ව මහණ ව කෙළ ලක්‍ෂයක් දෙනා වහන්සේ රැස් වූ සේක. දෙ වෙනි පොහොයට එ දවස් ම රහත් ව මහණ ව අනූ කෙළක් රැස් වූ සේක. තුන් වෙනි ව කරන පොහොයට අසූකෙළක් විතර රහත් ව මහණ ව බුදුන් හා එක් ව පොහොය කළ සේක.